Feb
18

” ඔහු පොළොවේ පය ගහල ඉන්න පිරිසිදු හදවතක් තිබෙන ප්‍රශ්න තිබෙන සැබෑ පෙම්වතෙක් ” මාධවී ඇන්තනී

 
740 Views
   
 

මෙරට කලා පවුලකින් එන දක්ෂ කලා කාරිනියක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නේ. කොහොම නමුත් ළමා ගායිකාවක ලෙසින් ලාංකීය කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය මේවෙනකොට ගායන ශිල්පිනියක් , නිවේදන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී ඇන්තනී පුංචි කාලයේදී කා අතරත් ජනප්‍රියත්වයට පත්වෙන්නේ 2001 වසරේ සින්දු කියලයි

කෙසේවෙතත් කුඩා කාලයේදීම සිය මවගේ සහ පියාගේ ආභාෂය ලබමින් හපන් පැදුරේ ළමා ගායිකාවක් විදිහට ප්‍රේක්ෂක ආදරය ලබා ගන්නා ඇය එවක පටන්ම අද වෙනකම්ම කලාවත් සමගින් සමීප සබඳතාවයක් පවත්වනවා. කොහොම නමුත් ඇය කෙරෙහි පසුගිය දිනවල මෙරට ජනයා සිය අවධානය යොමුකර සිටියා. ඊට හේතුව වනුයේ ඇය පසුගිය දිනක ඇය ඇගේම ගීතයක් වන ” ආදරේ ඕනෑ කෙරේ ” යන නමින් ගීතයක් එළි දැක්වුවා

ඉතින් මේ විදිහට එළි දක්වපු මේ ගීතය සමාජ මාධ්‍ය ඔස්සේ වගේම යූ ටියුබ් නාලිකාව හරහාත් ඔබට රස විදින්නට පුලුවනි. ඒ වගේම පහුගිය දවසක ඇය ” අපි තමයි අපිව දන්නේ ” කියල තවත් ගීතයක් එළි දක්වලා තිබුණු ආකාරය අපට දැකගන්නට ලැබුණා. කොහොම නමුත් මේ විදිහට එළි දක්වපු ගීතය පිළිබඳ අදහස් දක්වමින් ඇය කියල තිබුනේ මෙහෙම කතාවකුයි

” අපි තමයි අපිව දන්නේ ” මගේ අලුත්ම ස්වතන්ත්‍ර ගීත නිර්මාණය. මේක හදීසියේම නිර්මාණය වූවක්. මට අවශ්‍ය වුනේ මගෙන් සහ කසුන්ගෙන් මේ අවුරුද්දට දෙන තිලිණයක් හැටියට ජනවාරි පළමුවැනිදා ඒක රිලීක්ස් කරන්න. ඒත් මගේ අනෙකුත් රූගත කිරීම් එක්ක කර ගන්න බැරිවුණා. මේ සින්දුව තමයි මම කියන ඒක පුද්ගල පළමු ප්‍රේමණිය ගීතය. පද රචනය කසුන් මහේන්ද්‍ර හීනැටිගල. මේ වචන ටික ලියල එහි සංගීත නිර්මාණය කාටද බාර දෙන්නේ කියල හිතුවා. අපි හේමක විජේරත්නව තෝර ගත්තා. යකා කිව්වාමනේ හැමෝම දන්නේ. වචන ටික දීල ඔහුට අපි අපේ අදහස කිව්වා. මම හිතනවා මේ ගීතයේ ප්‍රබල වචන කියලා. හරිම ලයාන්විතයි හරිම සරලයි. මේ ගීතය මටම ලියපු ගීතයක් නොවෙයි. නමුත් මාත් එක්ක මේ ගීතය බෙදා ගත්තා

මට එව්ව මොහොතේම මම කිව්වේ මට දෙන්න අපි ඉක්මනින් මේක ගීතයක් කරමු කියලා. කොහොමත් අපි දෙන්නා අතරේ හොඳ නිර්මාණ සබැඳියාවක් තිබෙනවා. අපි දෙන්නා නිරන්තරයෙන් නිර්මාණ ගැන ක්ෂේත්‍රයේ දේවල් ගැන කතා කරනවා. ඔහුගේ අදහස් මට කියනකම් කාලයක් තිස්සේ මිතුරුකමක් හිතවත්කමක් තියෙනවා. මගේ පළමුවෙන ස්වතන්ත්‍ර ප්‍රේමණිය ගීත නිර්මාණය වෙන්නේ ” අපි තමයි අපිව දන්නේ ගීතය ” ඒ නිසා මම හිතනවා මේ ගීතය මගේ සංගීත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය වේවී කියලා

ඒකට හේතුව ආදර ගීත ගායනයට මගේ කටහඩ හොදින් ගැලපෙනවා කියල අප්පච්චිත් කියල තිබුණා. මේ වීඩියෝ එකේ ගීතය කරද්දී කවුද තෝරගන්න නළුවා කියල හිත හිත ඉන්නකොට ශේවියර් තමයි අපි තෝර ගත්තේ ඔහු මහ පොළොවේ ඉන්න නළුවෙක්. එහෙම නැතුව පපුව පුම්බාගෙන බොරු හිනාවකින් මුහුණ සරසාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මම දකින පිරිසිදු හදවතක් තිබෙන ප්‍රශ්න තියෙන හුස්ම ගන්න සැබෑ පෙම්වතා ඒ විදිහයි. ඔහු වේදිකාවෙන් බිහිවුණු දක්ෂ නළුවෙක්. ඒ නිසාම ඔහුගේ දායකත්වය ගොඩාක් සාර්ථක වුනා ගීතය සදහා. විශ්වාස කරන එකක් නැහැ මේ රූගත කිරීම් කලේ එක දවසකින් ” කියලයි

කොහොම නමුත් ඇගේ මේ අලුත් නිර්මාණයට ඇගේ අප්පච්චි ජැක්සන් ඇන්තනි මහතාගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැන කියන්නේ මෙහෙම කතාවකුයි. ” මට මේ මිහිපිට ඉන්න දෙවි කෙනා අපේ අප්පච්චී, ඒ නිසා මට කවුරු මොනවා කිව්වත් කොයි තරම් ප්‍රතිචාර දැක්වුවත් වැඩක් නැහැ අප්පච්චිගේ ප්‍රතිචාරය නැතිනම්. මම කරපු නිර්මාණයක් ඔහු විසින් අගයනවානම් තමා මගේ ජයක්ග්‍රහනය. මම මුලින්ම නිර්මාණයක් කලහම පෙන්වන්නේ අප්පච්චිට, ඔහුට පෙන්නුවාම ඔහු ඉතාම සතුටු වුනා” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්