Jun
10

සයිනොෆාම් එන්නත ලබාගත් ගණන මිලියනය ඉක්මවයි

 
1324 Views
   
 

සයිනොෆාම් කොවිඩ් ම’ර්දන එන්නතේ පළමු හා දෙවන මාත්‍රා ඊයේ (09) පුද්ගලයින් 72,888 දෙනෙකු සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව පළමු මාත්‍රාව ඊයේ දිනයේ පුද්ගලයින් 66,060 දෙනෙකු සඳහා ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව පුද්ගලයින් 6,828 දෙනෙකු සදහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

පළමු හා දෙවන මාත්‍රා ලෙස මේ වන විට සයිනොෆාම් එන්නත් මාත්‍රා 1,106,086ක් මෙරට පුද්ගලයින්ට ලබාදී ඇති බව සඳහන් වේ. මේ අතර ඊයේ දිනයේ දි කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 396 දෙනෙකුට ලබාදී ඇති අතර එම එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ගණන 354,651ක් බව වසංගත රෝග විද්‍යා අංශය කීවේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්