Nov
6

ආරවුලක් විසඳීමට ගිය මව, පුත්‍රයා එල්ල කළ පොලු පහරින් මිය යයි

 
1730 Views
   
 

වටවල පොලිස් වසමට අයත්, මවුන්ජින් තේ වතුයායේ පවුල් දෙකක් අතර ඊයේ (05) රාතරී 07.00 ට පමණ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ ප’ හ ර දී ම කි න් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, මවුන්ජින් වතුයායේ පදිංචිව සිටි 57 හැවිරිදි චන්ද්රසේකරන් කලාදේවී නමැති තිදරු මවකි. සිද්ධිය සම්බන්ධයෙන් 27 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

මිය ගිය කාන්තාවගේ පුතරයා හා අසල්වැසි නිවැසියන් සමග ඊයේ රාතරී ඇති වූ බහින්බස් වීමකින් පසුව හටගත් ගැටුමක් සමථයට පත් කිරීම සඳහා මිය ගිය කාන්තාව ගොස් තිබේ.

එම අවස්ථාවේ සැකකරු විසින් මියගොස් සිටින අයගේ පුතරයාට එල්ල කරන ලද පොලූ පහරක් වැදීමෙන් මෙම කාන්තාව මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව වටවල පොලිසිය කියයි.

සැකකරු හැටන් දිසා හා මහෙස්තරාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව වටවල පොලිසිය වැඩිදුරටත් පවසයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්