Oct
30

වෙනස් විදියට සිතූ අපේ කාලයේ ගහැණියක්

 
716 Views
   
 

වරාය නගර ආශ්‍රිතව පටන්ගත්ත වැලි මතින් යන මේ ක්‍රීඩාව එලිදක්වපු වෙලාවෙදි සැරිසරපු මේ ඡායාරූපය ගැන මිනිස්සු විවිධ මත දරමින් අදහස් ඉදිරිපත් කරල තිබ්බ. සමහරු බැනල තවත් සමහරු මේ දේ අගයල තවත් සමහරු මේකට කිසිම සම්බන්ධයක් නැති කුණුහර්පත් දාල තිබ්බ. පිටරට හිටියට අපේ ආකල්ප වෙනස් වෙලා නෑ කියන කරුණ සනාථ කරමින් ඒ උදවිය පවා මේකරුණ විවේචනය කරල තිබ්බ. ඇය කවුද? නමින් ඇය පද්මලතා ගමගේ.Crate Adventure සමාගමේ අධ්‍යක්ෂකවරිය වගේම ජාතික රූපවාහිනියේ විකාශය වූ ජනප්‍රියවූ Wild Asia වැඩසටහනේ නිෂ්පාදකවරිය. මෙය ඇයගේ සමාගමේ ආයෝජනයක්. ගැහැණු කම පැත්තට දාල ඇය ඉදිරිපත්වීමම තුල ඇය අපිට ලබාදීල තියෙන්නෙ කදිම ආදර්ශයක්.

මේක ජාත්‍යන්තරව සක්‍රීය ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් මේ Adventure පථය පුද්ගලික ආයෝජනයක් රට දියුණු කරන්න නම් සංචාරක කර්මාන්ත කියන සේවාව අපි ජයගත යුතුම වෙනව කියන අභියෝගයට අපි මුහුණ දිය යුතුම වෙනව. අපිට අවශ්‍ය දේවල් හදන්නත් අපිම කම්මැලි වෙලා ඉන්න අවස්ථාවක,ඒකත් අමාරුමනම් පිටරටින් කන්න හරි අපි ඩොලර් හොයාගන්නම වෙනව කියන කාරණේ අපි විසින්ම අද අමත්ක කරල තියෙනව මේවෙලාවෙ කට්ටියක් අහනව මේව මේ වෙලාවෙ කරන්න ඕනෙද කියල. මේක සංචාරකයො ආකර්ශණය කරන වැඩක්.ඔව් මේක මේවෙලාවෙ අවශ්‍ය වෙනව. අපේ එන්නත්කරණයෙ සාර්ථක බව නිසාම මේ වසරේ සංචාරකයන්ගෙ පැමිණීම වැඩිවෙයි කියන ධනාත්මක බලාපොරොත්තුව අපිට තියෙනව. සංචාරකයො ආවහම ඒගොල්ලන්ව ආකර්ශණය කරගන්න වැඩ සටහන් අපි හදල තියෙන්නම ඕනෙ. ලෝකෙ පුරාවට රටවල් අද පවතින්නෙ කොවිඩ් වසංගතයට පෙර තිබ්බ තත්වයට වඩා හාත්පසින්ම වෙනස් රටවල් කියන එක අපි අමතක කරල තිබීම ගැන කණගාටුයි. අපි යථාර්තයට මූණ දෙන්නම වෙනව

ඔව් ඕනම ආයෝජකයෙක් ආයෝජනය කරන්නෙ ස්වල්පයක් දෙනෙක් වගේ පටු අදහසින් නම් නෙමේ කියල විශ්වාසයි. අපේ රටෙ පවතින වර්තමාන තත්වය මත මේවිදියට හරි ආයෝජකයො ඉදිරපත්වීම ගැන අපි සතුටු වෙන්න ඕනෙ වෙලාවක සමහරක් කිඹුල් කදුළු හෙලීම ගැන අපි කලබල වියයුතුත් නෑ කියල හිතෙනව.
1991 හිටපු ජනාධිපති විසින් කණ්ඩලම හෝටලය පටන් ගන්න අවසර දුන්න වෙලාවෙදිත් මේවගේ දේවල්වලට එතුමටත් මූණ දෙන්න සිද්ධ වුණා බව අපිට හොදටම මතකයි. එවක හිටපු විපක්ෂය වගේම සමහර මිනිස්සු මේකට විරුද්ධව උද්ඝෝෂණත් කලා. කොටින්ම කණ්ඩලම ජනතාවත් මේකට විරුද්ධ වුණා මෙන්න එදා කියපු දේවල්.
වැව් තාවුල්ල විනාශයි, ගමේ පරිසරය ඉවරයි, සුද්දො ආවොත් අපේ හැදියාව ඉවරයි, ඒත් ප්‍රේමදාස මහත්තය මේක නවැත්තුවද? නෑ කොහොමහරි හෝටලය පටන් ගත්ත මෙන්න ඊට පස්සෙ සිද්ද වුන දේවල් විනශ වුණු වැව් තාවුල්ලක් අද වෙනකම් හොයාගන්නත් නෑ. වැව් තාවුල්ල පණපිටින් අදටත් තියෙනව ගමේ පරිසරය හොදටම ආරක්ෂා වෙලා තියෙනව. ඒ විතරක් නෙමේ ලෝකෙ හොදම පරිසර හිතකාමී හෝටලය ලෙස කණ්ඩලම කීප වතාවක් ජාත්‍යන්තර ඇගයීම් වලට පවා ලක්වුණා.

ඉස්සෙල්ලම කණ්ඩලම හෝටලයෙ ෆන් ගන්න ගියේ එදා විරෝධතා බෝඩ් එල්ලන් කෑගහපු විපක්ෂ දේශපාලකයන් වගේම කොලඹින් හයර් කරන් ගිය කණ්ඩලම ගැන මෙලෝහසරක් නොදැන උද්ඝෝෂණය කරපු ජනතාව.
දේශපාලකයන් උසි ගන්වපු නිසා එදා විරෝධතා වලට එක්වුණු අපේ නංගිල මල්ලිල, අක්කල අයියල, මාමල නැන්දල, බොහොමයකට එදා කණ්ඩලම හෝටලයෙ රැකියා ලබාදුන්න. සුද්දො ආව කියල නැතිවුණ හැදියාවක් පෙන්නන්න අදටත් බෑ මේකටත් වෙන්නෙ මේදේම තමා කියල අපිට බය නැතුව කියන්න පුළුවන්. මේක සක්‍රීයව පටන් ගත්තම ඔය පථයෙ ඉස්සෙල්ලම රේස් යන්න පටන් ගන්නෙ අද උද්ඝෝෂණය කරන අපේ දේශපාලකයන් වගේම හැම දේටම විරුද්ධව කෑගහන ඔය ජනතාවම කියල කැට තියල කියන්න පුළුවන්. ආයෝජනය කියන්නෙත් එක්තරා විදියක Adventure එකක්. (යූ ,. ඩී)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්