Feb
7

” අපි ලෝකෙට පේන්න ජීවත්වෙන දෙන්නෙකුත් නෙවෙයි, ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න

 
1428 Views
   
 

පසුගිය දින කිහිපය පුරාවට ලාංකීය ජනයා අතර කතාබහට ළක්වු ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දමිතා අබේරත්න කියල කියන්නේ. ඊට හේතුව වෙන්නේ පසුගිය දිනවල වෙබ් අඩවි කිහිපයක ඇය පිළිබඳ හුවමාරු වු සටහන් කිහිපයකි. කොහොම නමුත් අද අපි කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය චරිතය සමගයි

දමිතා කියල කියන්නේ මෑතකදී විවාහවු කෙනෙක් ඇත්තටම ඔබේ විවාහ ජීවිතය අලුත් ඉතින් කොහොමද ඔබට සැමියාගෙන් ගේ දොර වැඩ වලට ලැබෙන සහයෝගය

ඇත්තටම එයා මට ගොඩාක් උදව් කරනවා. මට වැඩ වැඩිවෙලා ගේ අස් කරන්න පිරිසුදු කරන්න බැරි වුණොත් එයා ඒ දේවල් කරනවා. මොකද එයා දන්නවා මගේ අම්මාටත් වැඩ කරන්න බැහැ කියලා. අපි ගෙදරට බඩු ගේන්න වුණත් යන්නේ එකටමයි. මගේ ගෙදර ඉහුම් පිහුම් කරන්නේ අපෙ අම්මා. හැබැයි අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරනවා

කටකතාවන් කියන්නේ ජනප්‍රියත්වයට පත් හැමෝටම වගේ නිර්මාණය වෙන දෙයක් ඉතින් කලාකාරිනියක් හැටියට කටකතා ගැන ඔබ මොකද හිතෙන්නේ ?

කටකතා වලට මගේ පෞද්ගලික ජීවිතේ වෙනසක් කරන්න පුළුවන්කමක් ලැබුනේ නැහැ. ඒකට ලොකුම හේතුව මගේ ස්වාමිපුරුෂයා මගේ පවුලේ අය මාව හොඳින් තේරුම් අරගෙන ඉන්න නිසා. කවුරු කොහොම මොන දේවල් කිව්වත් මම දන්නවා මම කවුද කියන්න

ඔබේ විවාහ මංගල්‍යය ගැන මතක් කලොත්.. ?

අපේ විවාහ මංගල්‍ය බොහොම සරල චාම් එකක්. කොහොමත් ලොකුවට වෙඩින් එකක් ගන්න අපි බලාපොරොත්තු වුණේ නැහැ. අපි විවාහ වුණේ ලෝකෙට පේන්න නෙවෙයි. අනික අපි ලෝකෙට පේන්න ජීවත්වෙන දෙන්නෙකුත් නෙවෙයි. අපි ජීවත් වෙන්න ඕනේ අපේ හිත් සතුටු වෙන විදිහට. අපේ සතුට අපේ හිත්වලට දැනුනම හොඳටම ඇති

කොහොමහරි ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇගෙන් අපි අවසාන වශයෙන් අසා සිටියේ ඔබේ සැමියාගේ සිත්ගත් ගුණාංගය මොකක්ද යන්නයි. ඊට ඇය පිළිතුරු ලබා දුන්නේ මෙන්න මේ ආකාරයටයි

එයා කිසිම වෙලාවක මාව සැක කරන කෙනෙක් නෙවෙයි. කිසිම වෙලාවක එයා මගේ ෆෝන් එක වත් බලන්නේ නැහැ. මගේ හිතෙත් හොරයක් බොරුවක් නැහැ. අනික එයා කොයිම වෙලාවක් මට කරදර කරන්නේ නැහැ. මම මොන වැඩකට ගියත් මානසික නිදහස තියාගෙන ඒ වැඩේ ඉවර කරගන්න එයා ඉඩ දෙනවා. එයා බොරු ආටෝප වලට කැමති කෙනෙක් නෙවෙයි. මමත් එහෙමයි. අපි මහ පොළොවෙ පය ගහල ජීවත් වෙන අය. අනික අපිට පුළුවන් විදියට අපි අනිත් අයට උදව් කරනවා. මේ හැමදේම එයා තුළ දැකපු නිසයි මම එයාට කැමැති වුණේ. නොගැලපීම් තිබුනත් අපි ජීවිතයේ හැමදේම ගලපගෙන සතුටින් ජීවත් වෙනවා” යනුවෙනුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්