Feb
18

” වගකීමෙන් කියන්නේ අද වෙනකල් එහෙම කිසිම විදිහේ වීඩියෝ එකක් මගේ එලියට ඇවිල්ලා නැහැ” ඕෂධී හිමායා

 
808 Views
   
 

ඕෂදී හිමාෂා කියල කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න නිරන්තරයෙන් කතාබහට ළක්වන සුන්දර තරුණියක්. ඇත්තෙන්ම ඇයව අපට සමාජ මාධ්‍යන් වල වැඩි වශයෙන් කාලෙන් කාලෙට විවිද පුවත් මවන චරිතයක් ලෙසත් හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් ඇයව බොහෝදෙනෙකු හදුනන්නේ ඕෂධී කියන නමට වඩා අශාවරී කියන නමිනුයි. ඊට හේතුව වෙන්නේ ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු “ආශාවරී” කියන ගීත නිර්මාණය යි

කෙසේවෙතත් ඕෂධී කියන මේ සුන්දර චරිතය අපට වැඩිපුරම දැකගන්නට ලැබෙන්නේ මියුසික් වීඩියෝ හරහායි. ඒ කොහොම උනත් එලෙස මියුසික් වීඩියෝ හරහා අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ඕෂධීව අපට මෑතකදීනම් අලුත් නිර්මාණයන් තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. මේ අතර ඕෂධී මේවෙනකොට විවාහකයි. ඇය දැන් ආදරණීය බිරිදක් වගේම දියණියකගේ ආදරණිය මවක්ද වෙනවා

කොහොමහරි ඉතින් මේ විදිහට කලා ක්ෂේත්‍රය තුළ වැඩිය දැකගන්නට නොලැබෙන ඕෂධී පහුගිය දවසක පුවත්පතකට ඇගේ අලුත් වැඩ කටයුතු මොනවද කියල අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි

” දැන්නම් දුවත් එක්ක ගතකරන ජිවිතේ හරිම වෙනස් එකක් කියලා දැනෙන්නේ. බබා එක්කම වැඩ කරන නිසා දවසේ වැඩ කටයුතුත් එක්ක කාලය ගතවෙනවා දැනෙන්නේ නැහැ. කළා ක්ෂේත්‍රය තුල ජනප්‍රිය වෙන්න ආරම්භ වුන වෙලවකමයි මම විවහා වෙන්නත් තීරණය කරන්නේ. ඒත් දරුවා ලැබුනට පස්සේ රංගනයයි පවුල් ජීවිතෙයි දෙකම බැලන්ස් කරගෙන යන්න ටිකක් අමාරුයි” කියලයි

ඒ විදිහට අදහස් දක්වපු ඇය කියන්නේ හැමදේකටම වඩා අම්මා කෙනෙක් වෙනවා කියලා ලොකු වගකීමක් එක්ක ජිවිතේ ලැබෙන වටිනාම දෙයක් කියලයි. එපමණක් නොවෙයි මගේ ජිවිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුවක් වුනෙත් ඒකමයි කියන ඇය කියන්නේ සැමියාත් ගොඩක් වෙලාවට මට හොඳ සහයෝගයක් ලබාදෙනවා කියලයි. ඒක නිසා ඔහුගෙන් ලැබෙන සහයෝගය කියන්න බැරි තරම් කියල කියන ඕෂධී කියන්නේ ගෙදර හැමදෙයක්ම කරන්නේ මගේ අතින්ම තමයි කියලයි. ඒ වගේම ඇය කියන්නේ හැමදේකටම වැඩිය මගේ පවුල මට වටින නිසා ඒ වෙනුවෙන් තමයි හැමදෙයක්ම කරන්නේ කියලයි

කොහොම නමුත් කාලයක් සමාජ මාධ්‍ය තුළ ඇය පිළිබඳ කටකතාවන් රැසක් හුවමාරුවන ආකාරය අපට දැකගන්නට ලැබුණා. ඉතින් එලෙස පසුගිය කාලයේ හුවමාරු වු කටකතාවන් ගැන ඇයනම් කියන්නේ මේ වගේ කතාවකුයි

” කාලයක් මන් ගැනත් විවිද කටකතා ගොඩක් අන්තර්ජාල වල ගියා. සමහර වීඩියෝ යොදාගෙන මගේ වීඩියෝ එකක් ලික් වෙලා කියලා කතා හැදුවා. වගකීමෙන් මන් කියන්නේ අද වෙනකල් එහෙම කිසිම විදියේ වීඩියෝ එකක් මගේ එලියට ඇවිල්ලා නැහැ. කාටවත්ම මගේ එහෙම වීඩියෝ එකක් යවලත් නැහැ. මන් කරන හැමදෙයක්ම කරන්නේ හස්බන්ඩ්ගෙන් අහලා. ප්‍රසිද්ද වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන් වුනාට ජනප්‍රිය වෙන එක හරිම ආමාරු දෙයක්. ප්‍රසිද්ද වෙනවනම් මටත් ගොඩක් දේවල් කරන්න තිබුනා, ඒත් මට ඕන වුනේ මිනිස්සුන්ගේ ආදරේ දිනාගෙන ජනප්‍රිය වෙන්න” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්