Jun
8

දින 14ක් නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණයි

 
1492 Views
   
 

පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය සඳහා රැගෙන ගිය හැරවීමට කටයුතු නොකළ බවත් බසය මදකට නවත්වන ලෙස දැනුම් දුන් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය. එසේම නිරෝධායනය කටයුතු පිළිබඳව උපදෙස් නුදුන් බවත් දින 14ක් සඳහා නිරෝධායන ක්‍රියාවලියකට යොමුවීමේදී ඇඳිවත පමණකින් රැගෙන යාම අමා නුෂික බවත් ඔහු සඳහන් කළේය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“සියලු දෙනාටම සාධාරණයක් කිරීමයි ජනතාව මහජන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වන්නේ. දින 14ක් නැවතීමට තමාගේ ඇඳිවත පිටින්ම ගෙන යෑම අසාධාරණයි. අමානුෂිකයි. එයට නිසි කටයුතු කරන ලෙස මම පොලිස්පතිට උපදෙස් දුන්නා පමණයි. එය අනුචිත ක්‍රියාවක් යැයි කිව හැක්කේ ආර්මාර්ථකාමී කුහක දුෂ්ඨ මනසක් තිබෙන අයෙකුට පමණයි.

දින දෙකකට පෙර වෛද්‍යවරයෙක් වන මගේ පුතා ෂැංග්‍රිලා හෝටලයේ විවාහ වූ බවත් දිවයිනේ නම ගිය නිරූපන ශිල්පියා මට රුපියල් මිලියන 2ක් දුන් බවටත් මාධ්‍ය ආයතනයක් පවසා තිබුණා. එය අමූලික බොරුවක්. මගේ පුතා ඔවුන්ට (පියුමි හංසමාලිට) ඇඳුම් ගෙන ගිය කථාවත් බොරුවක්.”

 

දිනේෂ් සමරකෝන් (ada.lk)
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්