‘ඉස්කෝලේ කාලේ’ විශේෂාංගය තුළින් මෙවර සඳැල්ල හා එකතුවන්නේ කලා ක්ෂේත්‍රයේ රංගන අංශයෙන් දක්ෂතා දක්වමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් තවත් අපූරු චරිතයක්. ඇය නමින් වත්සලා දියලගොඩ
මම ඉස්කෝල දෙකකට ගියා. ඒ බත්තරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයටත්, රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයටත්. මුලින්ම ගියේ බත්තරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයට. එහිදී ශිෂ්‍යත්වය සමත්වෙලා තමයි ජනාධිපති බාලිකාවට ගියේ.
මට මතකයි මම එක වසරට භාර දුන්න දවස. එදා මම අම්මයි තාත්තයි දෙන්නම එක්ක ගියේ. ඉතින් ඒ කාලෙ අම්මා මාව ඉස්කෝලෙට දාලා ඉක්මණින්ම යනවා. ඒ මම එක වසරෙදි තමයි නංගි ලැබුණෙ. ඉතින් ඒ යද්දි මම අම්මාට යන්න දෙන්නෙ නැතිව අඬනවා මට මතකයි. ඒ එක දවසක මම හොඳටම අඬද්දි අම්මගෙන් හොඳ ගුටි පූජාවක් ලැබිලා තියෙනවා. ඒ ගුටිකෑවට පස්සෙ දවසෙ ඉඳලා ආයෙත් ඇඬුවෙත් නෑලු. කොහොමත් ඒ කාලෙ ඉස්කෝලෙත් ගොඩක්ම ප්‍රසිද්ධයි මම අඬනවා කියලා.
ඊට පස්සෙ ටිකක් කල් යද්දි නම් ඉස්කෝලෙ චණ්ඩි වැඩ තමයි කරලා තියෙන්නෙ. මම මුලින්ම ගියේ මිශ්‍ර පාසලකටනෙ. ඉතින් ඒකෙදි පිරිමි ළමයි එක්ක රණ්ඩු වෙන, ගහගන්න වැඩ කරලා තියෙනවා තදටම. ඒ චණ්ඩිකම් කරලා තියෙන්නෙ එකේ ඉඳලා පහ වසර වෙනකම් විතරයි. එතැනින් පස්සෙ බාලිකා පාසලකට ගිය නිසා ටිකක් තැන්පත් චරිතයක් වෙලා තියෙනවා. නමුත් ඉස්කෝලෙ ඒ වයසට කරන දඟවැඩ එහෙම කරලා තියෙනවා. යාළුවොත් එක්ක එකතුවෙලා පීරියඩ් කට් කරලා තියෙනවා. ඉතින් සමහර කරපු දේවල්වලට උපරිම දඬුවම් පවා ලැබිලා තියෙනවා. එක දවසක් අපි ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරලා පිට්ටනියට වෙලා ඉද්දි නොහිතපු විදියට විදුහල්පතිටම අහුවුණා. ඒ වෙලාවෙ නියෝජ්‍ය විදුහල්පති ඇවිල්ලා අපි හැමෝටම ගැහුවා.
ගහලා කට්ටියටම ඉස්කෝලෙ අවසන් වුණත් ඉස්කෝලෙන් පස්සෙත් අපිට ගෙදර යන්න දුන්නෙත් නැහැ.
තවත් වතාවක ඉස්කෝලෙ පන්තියෙ අපේ යාළුවො වතුර ගහගෙන හොඳටම තෙමීගෙන හිටියෙ. පාරකවත් බැහැලා යන්න බැරි තරමට තෙත බරිතවෙලා. ඒ සිද්ධියටත් උපරිම දඬුවම් විඳින්න වුණා. අපේ අම්මලා පවා ගෙන්නුවා ඉස්කෝලෙට.
ඒ වගේ දඟවැඩ කළත් මම ඉස්කෝලෙ වැඩත් අතපසු කළේ නැහැ. එක වසරේ ඉඳන් 5 වසර දක්වා වගේ මම පන්තියේ එක දෙක, තුන වගේ වුණා. නමුත් දෙවනි පාසලේ අට, නමය, දහය වගේ ස්ථානවල හිටියෙ. මොකද ඒ ඉස්කෝලෙ තරගකාරී බවක් තිබුණෙ. ශිෂ්‍යත්වය සමත්වුණු ළමයිනෙ ගොඩක් හිටියෙත්. කොහොමත් මම ඒ කාලෙ ඉස්කෝලෙ බාහිර වැඩ තමයි ගොඩක්ම කළේ. පාසල් නර්තන කණ්ඩායම, නාට්‍ය කණ්ඩායම නියෝජනය කළා. පරිසර භට කණ්ඩායමේ සාමාජිකාවක්, ඒ වගේම ක්‍රීඩා කළා. නිවාස නායිකාව වෙලා හිටියා. ශිෂ්‍ය නායිකාවක්. ඒ හැමදේටම බැහැලම වැඩ කළා.
නමුත් A/L කරද්දි වගේ මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණානෙ.
ඉතින් ඒ කාලෙදි පත්තරේක මගේ පින්තූරයක් මුල් පිටුවෙ පලවෙලා තිබුණා. ඒ දේ විදුහල්පතිට පැමිණිලි කරලා තිබුණා. ඒ හේතුව නිසා පාසල් රැස්වීමේදීම මගේ ශිෂ්‍ය නායිකා බැජ් එක ගැලෙව්වා. ඇත්තටම ඒ සිදුවීම ගැන මම ඒ තරම් හිතුවෙ නැහැ. වගකීම් ටිකකින් නිදහස් වුණා මටත් ලේසියි කියලායි හිතුණෙ.
ඉතින් ඉස්කෝලෙ මම කරපු බාහිර වැඩත් එක්ක කවුරුත් හිතුවෙ නැහැ මම O/L A/L හොඳටම සමත්වෙයි කියලා. නමුත් මම O/L හොඳටම සමත්වෙලා A/L කලා අංශයෙන් හදාරලා විශ්වවිද්‍යාලයට යන්නත් වරම් ලැබුණා. නමුත් මම විශ්වවිද්‍යාලයට ගියේ නැහැ.
ඇත්තටම මම හිතුවෙත් නැහැ මට විශ්වවිද්‍යාලයට යන්න තරම් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. මොකද මම ඒ තරම් පොතපත එක්ක හිටපු කෙනෙක් නෙමෙයි. එදිනෙදා උගන්වන දේවල් මතක තියාගෙන ලිව්වා මිසක් ලොකුවට මහන්සි වුණේම නැහැ. ඉස්කෝලෙ ගුරුවරුවත් විශ්වාස කළේ නැහැ. මොකද කොයිවෙලේ බැලුවත් ඉස්කෝලෙ පන්තියෙත් නැහැනෙ.
කොහොමත් මම ඉස්කෝලෙ ගොඩක් ජනප්‍රිය චරිතයක්. මාව නොදන්නා කෙනෙක් නැහැ. විදුහල්පතිවරයාගේ පටන්ම ගුරුවරු හැමදෙනාම මාව දන්නවා. ගොඩක් හිතවත්. වැඩිපුරම කලා අංශයේ රංගනය පැත්තෙන් තමයි ජනප්‍රියම පාසල් වේදිකාවෙ කැපී පෙනෙන චරිතයක්. හොඳම නිළිය බවටත් පත්වෙලා තියෙනවා ඒ කාලෙ. ඉතින් ඒ ක්ෂේත්‍රයේ කලාප තරග, සමස්ත ලංකා තරගාවලිවලට පවා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කාලෙ A/L වලට අපි අමතර පන්ති එහෙම ගියානෙ. ඒ පන්තිවලත් මම ගොඩක් ප්‍රසිද්ධයි. ප්‍රේම යෝජනා එහෙම ඉතින් ඒ කාලෙදි ගොඩක් තිබුණා. මට පාසල් ප්‍රේමයක් තිබිලත් තියෙනවා. ඒ කාලෙ දැන් තියෙන ප්‍රේමයට වඩා ගොඩක්ම වෙනස්නෙ. ඉඟිබිඟි විතරයි. හොරෙන් බලනවා. අත වනනවා, ලියුමක් දෙනවා. ඒවානෙ කළේ. දැන් වගේ ජංගම දුරකථනත් නැහැනෙ.
අතින්වත් අල්ලලා නැති ප්‍රේමයක් තමයි තිබුණෙ. ඉතින් ඒවා හරිම සුන්දර මතකයන් තමයි. මම A/L වලට කරපු කලා විෂයන්වල සිංහල, නාට්‍ය හා රංග කලාව තිබුණා. සිංහලවලට පන්ති ගියේ උපුල් ශාන්ත සන්නස්ගල සර් ළඟට. නාට්‍ය හා රංග කලාව ඉගෙනගත්තෙ අපි අතරින් සමුගත් ජයලාල් රෝහණ සර්ගෙන්. ඉතින් ඒ පන්තිවල ගෙවුණු කාලය හරිම සුන්දරයි වගේම රසවත්.
සන්නස්ගල සර් නම් අදටත් මුණගැහෙනවා, කතාබහ කරනවා. ජයලාල් රෝහණ සර් එක්ක නම් මට රඟපාන්න ලැබිලත් නැහැ. නමුත් එතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒවා ඉතින් අද ගෙවන ජීවිතේට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒ ගුරුවරු වගේම මගේ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු ගොඩක් දෙනෙක් මට හරි ආදරෙයි. තවමත් කතාබහ කරන ගුරුවරු ඉන්නවා.
ඉතින් සමහර වෙලාවට ඉස්කෝලෙ විවිධ උත්සවලට මට ආරාධනත් ලැබෙනවා. ඒ දේකට ඉස්කෝලෙට ගියාම ඇත්තටම අපේ ඒ ගෙවුණු ලස්සනම අතීතෙට යනවා.යාලුවො එක්ක දුවලා, පැනලා ඇවිදලා ඒ ගෙවපු අතීතය.
ඉස්කෝලෙදි අපේ සෙට් එකේ 8 දෙනෙක් හිටියා. ඉතින් අපි කට්ටිය එකට එකතුවෙලා කාපු, බීපු විදියත් අමතක වෙන්නෙම නැහැ. මට මතකයි මම ඒ කාලෙ වැඩිපුරම කැන්ටින් එකෙන් කෑවෙ.
අපේ සෙට් එකේ සමහර අය ගෙදරින් කෑම ගේන්නෙ. ඒ ගෙනාවම හැමෝම එකතුවෙලා එකට අතදාගෙන ඒ කෑම කන්නෙ. ඊට පස්සෙ මගේ සල්ලිවලින් කැන්ටින් එකට ගිහින් කූල් බීම, අයිස්ක්‍රීම් එහෙම කනවා. ඒ හැමදේම ඉස්කෝලෙට ගියාම එකින් එක මතක් වෙනවා. හරිම සුන්දරයි. ඇත්තටම අපි ගෙවපු ඒ සුන්දර කාලය දැන් ළමයින්ට නැහැ.
ජීවිතේ ගොඩක් දේවල් අපි ඉස්කෝලෙන් ලබාගත්තා. මම විශ්වාස කරන දෙයක් තමයි අපිට පොතම විතරක් මදි ජීවිතේ විඳින්න. ඉස්කෝලෙන් තව බාහිර දේවලුත් කරන්න ඕනෑ. පොතේ දැනුමෙන් විතරක් සමාජයේ ජීවත් වෙන්න බැහැ. අධ්‍යාපනය එක්ක බාහිර දේවල් කළේ නැත්තම් ජීවිතේ සමබරව යන්න බැහැ. ඉතින් මේ හැමදේම අපි ඉස්කෝලෙන් ඉගෙනගත්තා. අපිව මූලිකවම හැදුව තැන තමයි ඒ. ඉතින් අදටත් ඒ අතීතය සිහිපත් වෙද්දි ඉස්කෝලෙට දුවගෙන යන්න හිතෙනවා. ඒ තරමටම ආදරණීය තැනක් තමයි ඒ.
ධනු විජේරත්න