May
30

‘බද්දේගම සමිත නම් වූ අපේ හාමුදුරුවනේ’ අපවත් වී වදාළ බද්දේගම හිමි ගැන බුකියේ හුවමාරු වෙන සංවේදී සටහන

 
1380 Views
   
 

කටුවපිටිය මළගමක් වූවායින් පසු අස්වැසිල්ලක්වීමට මුල සුන ගත් ගරුතර ස්වාමින්වහන්සේ නමක් අපවත්වෙලා මේ කටුවපිටියේ සහෝදරයෙක්.. උන්වහන්සේ වෙනුවෙන් තැබූ සටහනයි…

“” බද්දෙගම සමිත නම් වු ,
අපේ හාමුදුරුවනේ….””
ඔබවහන්සේ , එදා කටුවපිටියට වැඩමකල වදාලේ තනිවම නොවේ , ඒ තවත් 50 නමකගෙන් යුත් පරිවාර සංඝරත්නයක් සමගිනි….
එදා ඔබ වහන්සේ අපව තනි නොකලා සේම , අපට දිව්‍ය පුජාව පැවැත්විම සදහා අවශ්‍යකරන වටපිටාව , අපගේ දහම් පාසල් ගොඩනැගිල්ල තුලට රැගෙන යැම. සදහා අපගේ සහොදරයින්ගේන් ල‍ෙයින් තෙත් වි ගිය, ලේ තැවරුන බංකු සියල්ලක්ම හොදින්, අපට පිරිසිදු කර දිම සදහා වෙහෙසුනා…
ඵපමනක් නොව , මුලු දේවස්ථාන භුමියම අතු ගා පිරිසිදු කර දීම සඳහා ව‍ෙහෙසුනා…
ඔබ අපට , කටුවපිටියට ,
එදා කල සේවය අප හදවත් තුල සදා අමරණියයි……
අවසන් වසයෙන් …….
භවයකදි , නැවත හමුවන තුරා……

“”” ඔබ වහන්සේට අමා මහා නිවන් සුව , අත්වෙවා අපගේ “” බද්ද‍ෙගම සමිත හාමුදුරුවනේ….””

ශ්‍රිකාන්ත සේනාරත්න – කටුවපිටිය…

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්