Sep
17

IDH රෝහල ඔක්සිජන් සමග නව ගමනක

 
733 Views
   
 

කො විඩ් ව්‍යාප්තියත් සමඟ නිතර කතා බහට ලක්වුන මාතෘකාවක් වූයේ ඔක්සිජන් පිළිබඳවය. සමහර රෝහල් ඔක්සිජන් හිඟයට ආසන්නයේ සිටින බවත් නිතර වාර්තා විය.ඇතැම් රෝහල් සඳහා ඔක්සිජන් සිලින්ඩර් නැ ති බව වාර්තා වුනා. අපේ රටේ ඇතැම් රෝහල් කො විඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා හොඳ අත්දැකීම් සහිත පහසුකම් වලින් නිර්නිත ස්ථාන බවට පත් වෙමින් පවතී. “IDH ජාතික බෝවන රෝග විද්‍යායතනය ඊට කදිම උදාහරණයකි.
මේ අවස්ථාව වන විට ඉතාමත් සාර්ථක ලෙස IDH රෝහල ඔක්සිජන් සිලින්ඩර් වෙනුවට අදාළ සෑම ස්ථානයකටම වෝල් ඔක්සිජන් පද්ධති සවිකර අවසන් වී ඇත.

මෙම විශේෂ ඔක්සිජන් පද්ධතිය ස්ථාපනය කිරීමට පෙර රෝහලේ තිබූ තත්ත්වය වන්නේ කිසියම් රෝගීයකු හට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය යැයි වෛද්‍යවරුන් තීරණය කල අවස්ථාවක ඔක්සිජන් පිරවූ සිලින්ඩරය රෝගියා අසලට ගෙනගොස් අවශ්‍ය ඔක්සිජන් බට රෝගියාට සවි කර ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් රෝගියා දැනුවත්කර ඔක්සිජන් ලබා දීම සිදු කිරීමයි. නමුත් රෝගීන් සංඛ්‍යාව ඉහල යත්ම ක්ෂණිකව එලෙස කිරීමට ප්‍රායෝගිකව නොහැකි තත්ත්වයක් ඕනෑම කොවිඩ් රෝහලක ඇතිවන දෙයකි.

රෝගියාගෙන් රෝගියාට ඔක්සිජන් ටැංකි මාරු කරමින් එලෙස සිදුකිරීමට විශාල කාලයක් ගතවේ. විශේෂයෙන් කො විඩ් රෝගීන් හට සාමාන්‍ය ආකාරයෙන් ඔක්සිජන් ලබාදීමටද නො හැක. මන්ද මෙම කො විඩ් රෝගයේදී ඔක්සිජන් සාන්ද්‍රණ විශාල පීඩනයකින් කො විඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබාදීමටද සිදුවේ. මෙම හේතු සියල්ලම සලකා බැලීමෙන් පසුව මෙම ඔක්සිජන් ගැටලුව විසඳුමක් ලෙසනව ක්‍රමයක් ගැන සිතූ රෝහල් අධ්‍යක්ෂකතුමා විසින් මෙම නවක්‍රමය ස්තාපිත කරන්නට තීරණය කර ඇත. ඉන්පසු එයට සාර්ථක ලෙස මුහුණ දුන් ඔවුන් රෝහලේ කො විඩ් රෝගීන් හට වෙන්වූ වාට්ටු 10 න් වාට්ටු 8 ක් සඳහා විශේෂ ඔක්සිජන් පරිවහන පද්ධතියක් සාර්ථක ලෙස නිමවීමට පියවර ගෙන ඇත.

ෆිල්ටර් 4000 ක ඔක්සිජන් ටැංකියක් මඟින් සැපයෙන ඔක්සිජන් සහ ලීටර් 47 ජම්බො සිලින්ඩර 18 ක් ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කිරීමෙන් විශේෂිත ඔක්සිජන් බැංකුවක් මගින් සපයන ඔක්සිජන් යන දෙආකාරයෙන්ම රෝහලේ කොවිඩ් වාට්ටු සඳහා අඛණ්ඩ ඔක්සිජන් සැපයීමක් සිදුකිරීමට මෙයින් අවස්ථාව ලැබී ඇත. මේ අනුව මෙම නව ඔක්සිජන් පරිවහන පද්ධතිය ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර මෙම සමස්ත කාලය ඇතුලත ඇතැම් රටවල සිදුවූවා සේ කිසිදු කොවිඩ් රෝගියකු හට ඔක්සිජන් සම්බන්ධ කිසිදු අවධානමකට ලක්වීමට සිදු නොවූ බව IDH බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසූයේ හදපිරි සතුටිනි.
මෙවැනි සාර්ථක ක්‍රම සමග රෝහල් ක්‍රියාත්මක වීමෙන් කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් සම්භන්ධ හදිසි මරණ සාර්ථක ලෙස වලක්වා ගැනීමට හැකිවනු ඇත. මේ සාර්ථක ක්‍රියාවලිය දෙස බලන කල මෙම නවීන ක්‍රම හඳුන්වා දීම පිළිබඳ IDH රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ඇතුළු සැමට හෘදයාංගම ස්තූතිය පිරිනැමිය යුතුය.
රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්