Mar
10

වසර දෙකකට පසුව තමා ළගට ආපු පුංචි පුතුත් සමගින් කාලය ගතකරන ලෝචනා ඉමාෂි ගිය අපූරු සංචාරය

 
1831 Views
   
 

ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය වගේම කටකාර සුන්දර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඇත්තෙන්ම කලක් රංගන ශිල්පිනියක ලෙස ඇයව අපට මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක් ඔස්සේ දැකගන්නට ලැබුණා. ඒ බව නොරහසක්. කොහොම නමුත් පුංචි තිරයේ අතිශය ජනප්‍රියත්වයට පත් ලෝචනා රංගනයෙන් වගේම නිවේදනයෙනුත් යම් යම් අවස්ථාවන් වල දී සිය හැකියාව පෙන්නුම් කර තිබෙනවා

කෙසේවෙතත් පසුගිය කාලයේ ලෝචනා පිළිබඳ මෙරට සමාජ ජාලා මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිව තිබුණා. ඒ වසංගත කාල සීමාව තුළ ඇය මුහුණ දුන්නු යම් යම් සිදුවීම් නිසාවෙනුයි. කොහොම නමුත් සිය දරුවා සහ සැමියා සමගින් විදෙස් ගතව ජීවත්වන ඇය පසුගිය කාලයේ මෙරටට පැමිණෙන අතර වසංගතය නිසාවෙන් ඇයට ලංකාව තුළ වැඩි කාලයක් ගත කරන්නටයි සිදුවෙන්නේ. ඇය මෙරටට පැමිණෙන අවස්ථාවේදීත් ඇගේ සැමියා සහ ආදරණීය පුතු සිටියේ විදේශ ගතවයි

කොහොම නමුත් මේ තත්වය නිසාවෙන් ලෝචනාට ඔවුන් සමග සම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් පසුගිය දවසක ඇගේ ආදරණීය පුතු ලංකාවට ඇවිල්ලා තිබුණා. ඒ බව ඇය කියල තිබුනේ සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට ජායාරූප කිහිපයක් එක් කරමිනුයි. එලෙස සමාජ ජාලා මාධ්‍යට අපූරු සටහනක් සමගින් ජායාරූප කිහිපයක් එක් කළ ඇය කියල තිබුනේ මෙහෙම කතාවක්

“මගේ පුතා තමයි මට ලැබුණු හොඳම දේ. එයා තමයි මගේ දවසේ හිරු එළිය.
මගේ ආත්මයේ සතුට. ඒ වගේම මගේ ජීවිතේ ආදරය. ඔයා ළඟ නැතුව කොච්චර කාලයක් ගියාද කියලා දන්නේ නැහැ. නමුත් අද ඉඳලා ජීවත් වෙනවා කියලා දැනෙයි. ඔන්න බබා ආවා” කියලයි

කෙසේවෙතත් මාස ගණනාවක්ම සිය ආදරණීය පුතුගෙන් වෙන්ව ජීවත්වු ඇය මේ වනවිට ඇගේ ආදරණීය පුතු සමඟින් නැවතත් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ඇය මේවෙනකොට පුංචි පුතු සමගින් අපූරු කාලයක් ගත කරමින් සිටිනවා. ඉතින් ඇය පහුගිය දවසක පුතු සමගින් සත්තු වත්ත නැරඹීමට ගොස් තිබුණු අතර ඒ අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුම්වලට එක්කොට තිබුණා

එලෙස මාස ගණනාවකට පසු සිය පුතුත් සමගින් මේ විදිහට කාලය ගතකරන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්