රටේ ආර්ථිකය බංකොළොත් වී ඇති බවට ද රජයට එය කළමනාකරණය කර ගත නොහැකි බවට ද මතයක් සමාජය තුළ ව්යාප්ත කර ඇත. තව අතෙකින් ජාත්යන්තර මූල්ය අරමුදලේ සහයෝගය නැතිව ඉන් ගොඩ යා නොහැකි බවට ද මතයක් පතුරුවා ඇත.
මෙහි ඇත්ත නැත්ත මහජනයා දන්නේ නැත. ඔවුන්ට දැනෙන්නේ ආර්ථික පීඩනය පමණි. කොවිඩ් වසංගතයත් සමඟ සමස්ත ලෝකයම ආර්ථික පසුබෑමකට ලක් වී ඇත. සෑම රටකම ජනතාවට යම් ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුවී තිබේ.
එය අමෙරිකන් පුරවැසියාට පවා හොඳින් දැනෙන පීඩනයක් බවට පත්වී ඇත. මේ මොහොතේ එකිනෙක රාජ්යයන් ස්වකීය උපායමාර්ග ඔස්සේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීමට ප්රයත්න දරයි. එය නිවැරැදිය. ආර්ථික අතින් දුෂ්කර කාල පරිච්ඡේද ගණනාවකට අපි මුහුණ දී ඇත්තෙමු. ඉන් එක කාලයක් වන්නේ ත්රස්තවාදී යුද්ධය පැවැති සමයයි. එම යුද්ධය ජය ගැනීම සඳහා විශාල වශයෙන් මුදල් අවශ්ය විය.
එක අතෙකින් ආයුධ මිලට ගැනීමට විදේශ විනිමය අවශ්ය විය. තව අතෙකින් විශාල හමුදාවක් නඩත්තු කිරීම සඳහා ද යුද්ධය පවත්වා ගැනීම සඳහා ද විශාල වශයෙන් මුදල් අවශ්ය විය. එදා පැවැති විපක්ෂය යුද්ධය පරාජය කිරීම සඳහා විවිධ උපාය මාර්ග යෙදුව ද මුදල් සපයා ගනිමින් ත්රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමත් විය. සංචාරක කර්මාන්තය සෙමෙන් වර්ධනය වෙයි.
අපනයන ක්ෂේත්රය සැලැකිය යුතු ප්රගතියක් පෙන්නුම් කරයි. ශ්රී ලංකාවට ලැබෙන විදේශ රැකියා ප්රමාණය ඉහළ ගොස් ඇත. මේ වසර තුළ ලක්ෂ තුනකට වැඩි ප්රමාණයක් විදේශ රැකියා සඳහා පිටත් කිරීමට සූදානම්ය. මේ අතර අධික ලාභ සහිත ආයතන වෙතින් වැඩි බදු මුදල් ප්රමාණයක් අයකර ගැනීමට ද නියමිතය. කොවිඩ් සමය තුළ රාජ්ය ආදායම් ශීඝ්ර ලෙස පහතට ගිය ද එය යථා තත්ත්වයට ගත යුතුය.
ඒ සඳහා විවිධ ආර්ථික උපායමාර්ග ක්රියාත්මක වෙයි. මේවා සාර්ථක කර ගැනීම සඳහා රාජ්ය සේවකයන්ගේ සහයෝගය ද ලැබිය යුතුය. වත්මන් රජය රාජ්ය සේවකයා කෙරෙහි වැඩි විශ්වාසයක් තබමින් රාජ්ය සේවය ශක්තිමත් කර තිබේ. රජයකට ඇතැම් විට ජනප්රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුවේ.
ඒ අභියෝග ජයගෙන අනාගතය සුරක්ෂිත කිරීම සඳහාය. දේශපාලන වශයෙන් පාඩු සිදුවුණත් රටේ අභිවෘද්ධිය සලකා ජනප්රිය නොවන තීන්දු ගැනීමට රජයට සිදු විය. ඒවා කෙරෙහි අවබෝධයකින් ප්රතිචාර දැක්වීම මහජනයාගේ වගකීමකි. මේ මොහොතේ කළ යුත්තේ ද එයයි. ආර්ථික අර්බුදයට සාමූහිකව මුහුණ දිය යුතුය. එහිදී එකිනෙකා වටහාගැනීම වඩාත් වැදගත්ය.