Aug
19

අන්තිමේදී උරුලෑවන් ගුරු ගෞරවය ද කෙ ල සූ හ

 
1017 Views
   
 

ඉතිහාසය පුරාවටම ලාංකික සමාජය තුළ ගුරුවරුන්ට තිබුණේ අ සීමිත භ ක් තියක් වගේම අ සීමිත ගෞරවයක් කියල ඉතිහාසය ඔප්පු කරල තියෙනව කියල ඉතිහාසය කියවල තියන මිනිස්සු දන්නව. අපිට මතකයි අපි පොඩි කාලෙ අපිට උගන්නපු ගුරුවරුන්ට අපේ හිතේ තිබුණු භ ක්තිය. එච්චර ආදරයක්, භ ක්තියක් වගේම ගෞරවයක් තිබුණු සමස්ත ගුරු සමාජයම පාරට බස්සල ඒ ගුරුවරු ටික දෙකේ කොලේට දාන්න ජ.වි පෙ කියන උරුලෑවො ටික පහුගිය දවසක සමත් වුණා. තමන් ජවිපෙ උ ගු ලෙ වැටුණ කියල දැනගත්තට පස්සෙ ඒ ගුරුවරු ලැජ්ජාවට පත්වෙලා කියල තමා අපිට වටින් පිටින් ආරංචි වෙන්නෙ.

සමහර ගුරුවරු කියනවළු මෙහෙම. “අපි ඇත්තටම මුංට අහුවුණා, ඒක අපි දැනගත්තෙ අන්තිම දවස් දෙක තුනේ, අපිට ලැජ්ජ මේ වගෙ කිසිම චන්ද පදනමක් නැති උන්ට අපි වගේ බුද්ධිමත් කට්ටියක් අහුවීම ගැන, අපි කො රෝනා බෝකරා කියල සමාජෙන්ම දැන් දැන් චෝදනා එනව” මේ වගේ ගොඩක් පසුතැවීම් දැන් දැන් ඔය ජවිපෙ උරුලෑවන්ගෙ උපාය නො දැන ගිය ගුරුවරුන්ගෙ කටින්ම පිටවෙනව කියල අපි දන්නව.

අපි එකක් කියන්න ඕනෙ අපෙ විරෝධය තියෙන්නෙ සමස්ථ ගුරු ප්‍රජාවට එහෙම නෙමෙ. අපේ විවේචනය තියෙන්නෙ මෙම වසංගතය අවස්ථාවේ රට අ පහසුතාවට පත් කිරීමේ අරමුණින් අපේ රටේ තියෙන පරාජිත කුජීත වගේම පිළුණු දේශපාලන කණ්ඩායම් කරගෙන ගිය වැඩවලට අහුවෙලා පාරට් බැස්ස ගුරුවරුන්ට. ඒ ගුරුවරු ගැනත් අපිට ත ර හ ක් නෑ තියෙන්නෙ අනුකම්පාවක්. මොකද ඒ ගුරුවරු ජවිපෙ න්‍යාය පත්‍රයට නො දැනීම අහුවුණු නිසා.
ගුරුවරුන් මේ පඹගාලේ පැටලෙව්වෙ ඔය අපි කියන පරාජිත කණ්ඩායමේ උරුලෑවො කියල දැන් දැන් ගුරුවරුන් ම තේරුම් අරන් තියෙනව.

පහුවෙලා හරි තමන් කරපු මෝ ඩකම් ගැන අවබෝධ වෙන එක ගුරුවරයට විතරක් නෙ මේ ඕනම කෙනෙකුට වටිනව. මොකද අවබෝධය තුලින් තමා අනාගතයට හරි පාර සලසගන්නෙ. කාලයක් තිස්සෙ ගුරුවරුන් වෙත කිසියම් ගෞරවාන්විත හැඟීමකින් කටයුතු කරපු අපේ සමාජය මෙම අවස්ථාවේ දී ගුරුවරයා දෙස පිළිකුළින් බලන්නට යොමු වෙලා කියන එක දැනගන්න පුළුවන්වෙයි පොඩ්ඩක් පාරට බැස්සොත්. සමහරක් මිනිස්සු සාප ඉල්ලනව.

අපේ තක්සේරුව වෙන්නෙ වැලේ වැල් නැතුව හිටපු ජවිපෙ වගේම පෙරටුගාමී කියන ප රා ජි ත කණ්ඩායම් විසින් මේ කටයුත්ත හිතාමතාම කරල කියන එක තමා. ජවිපෙ වගේම පෙරටුගාමී කියන සංවිධාන මෙරට දේශපාලනයේ ඉච්ඡාභංගත්වයේ උපරිමයට පැමිණි කට්ටිය කියල ඕනම කෙනෙක් දන්නව. චන්දවලට ගියාම ඇ ප නැ තු ව පරදින ඔය දෙගොල්ලොම උද්ඝෝෂණ වලට නම් අති දක්ෂයි කියන එක අපිත් දන්නව. කොටින්ම “උද්ඝෝෂණ ස්ටාර්” කියල තරගරයක් හෙට තිබ්බොත් තියුණු තරගෙකින් පස්සෙ ඔය දෙගොල්ලො තමා එක දෙක වෙන්නෙ. අනිත් කිසිම පක්ෂෙකට ඔය දෙගොල්ලො අහලට වත් එන්න බෑ

ඔය දෙගොල්ලොටම දැන් නැ ති වෙන්න වගේම ලබාගන්න දේකුත් නෑ. ඒගොල්ලන්ට පුළුවන් වගේම දන්න එකම රැකියාව කඩාකප්පල් කිරීම විතරයි. ඒකට හේතුව වශයෙන් අපි දකින්නෙ ඒගොල්ලන්ට දේශපාලන බලය ලබා නො දී ම නිසා මෙරට සමාජය එක්ක ඒගොල්ලො ලග තියෙන වෛරය කියල බය නැ තු ව කියනව. ඒගොල්ලන්ට චන්දෙ දුන්නෙ නෑ කියල බනින්නෙම මිනිස්සුන්ට. මාර තර්ක ගේන්නෙ. අපි බුද්ධිමත් නෑ ලු අරකලු මේකලු. අනේ මිනිස්සු චන්දෙ දෙන්නෙ නැත්නම් වැඩ පිලිවෙලක් හදන්න ඕනෙ චන්දෙ ගන්න විදියට. ඒත් මේගොල්ලො දන්නව මිනිස්සු මෝ ඩ නෑ කියල. එතකොට කරන්නෙ කොහේ හරි තියෙන ප්‍රශ්ණයකට මැදිහත් වෙනව ඒගොල්ලන්ගෙ ප්‍රශ්ණයක් වගේ.

කට උල්කරල ඇගිල්ල කරකෝල කියන වචන වලට ගුරුවරු කියන බුද්ධිමත් කට්ටිය විතරක් නෙ මේ ලෝකෙ ඉන්න අති දක්ෂ නායකයොත් ඇඹරෙනව හැබැයි බොහොම කෙටි කාලෙකට . මොකද අර ප්‍රශ්ණෙට සද්භාවයෙන් වගේ ඉදිරිපත් වුණාට ටික වේලවකින් ඒගොල්ලන්ගෙ තියෙන උරුලෑ ලක්ෂණ මතුවෙන්න පටන් ගන්න නිසා.

අර කථාවක් තියෙනව උරුලෑව ගිය පාර හරි ගදයි කියල. ඒ කතාව හරියටම මේගොල්ලන්ට නියමෙට ගැලපෙනව. 1965 පක්ෂෙ පටන් ගත්ත දවසෙ ඉදලම ඒගොල්ලො ගිය පාරවල් වගේම ගිය තැන් හරිම ගදයි කියල ඉතිහාසය සාක්කි දරනව. 1971 වගේම 1989 කියන්නෙ මේගොල්ලො අපේ රට උපරිමෙන්ම ගද ගස්සපු වසර දෙකක් ඒ වගේම මේගොල්ලො පස්සෙ ගිය කට්ටිය ලගත් ඒ ගදම එනව කියල අපි දන්නව. නො දැන හරි මේ පාර මේගොල්ලො පස්සෙ ගියේ රටේ වටිනාම සම්පතක් වෙච්ච ගුරුවරු. ගුරුවරු නිසා කොරෝනා පොකුරු හැදුණ කියල සමාජෙ කතා වෙන්නෙ ඒ ගද ගුරුවරු ලග තියෙන හින්දම තමා. ගුරුවරුන්ට ආයාචනා කරල දාපු පෝස්ටුවක් මෙහෙම අපි උපුටල දක්වනවා.

“ගුරුවරුනි, ඔබගේ සටන් ඔබ කරන්න. එහෙත් එම සටන් මෙරට විනාශ කිරීමට කටයුතු කරන දේශපාලන පක්ෂවල න්‍යායපත්‍රවලින් ඉවත් කරගන්න. වසර 24ක් නිහඬව සිට ඔබගේ ඉල්ලීම් ලබා ගැනීමට නුසුදුසුම මොහොතේ මේ වර්ජනය ආරම්භ කළේ ඇයිදැයි සිතන්න. අලුතින් සිතන්න. නව ස්වාධීන ගුරු බලවේගයක් අරඹන්න. ඔබගේ ජයග්‍රහණයට මුල්ම පියවර එයම වනු ඇත.”

මේකම තමා අපිත් කියන්නෙ, ගුරුවරු වගේ බුද්ධිමත් පිරිසක් මොකටද ප්‍රාදේශීය සභාවක්වත් දිනා ගන්න බැරි කට්ටියකගෙ අතකොළුවො වෙන්නෙ? මොන තර්ක ගෙනාවත් වෙච්ච් දේ වෙලා ඉවරයි. හැමෝම කියනව වගේ අපි ගුරුවරු කියන පිරිසත් එක්ක කිසිම ත ර හ ක් නෑ. තියෙන්නෙ අනුකම්පාවක්. මොකද නො දැ න හරි ඒගොල්ලො ගියෙ මිනිස්සු පස්සෙ නෙමේ උරුලෑවො ටිකක් එක්ක ඒ ගද ටිකක් කල් තිබිල ගුරුවරුන්ගෙන් නැ ති වෙ ලා යයී කියන ප්‍රාර්ථනාව අපි හැමදාම කරනව. මොකද අපිටත් මේ තත්වෙට එන්න පාර කැපුවෙ අපිට උගන්නපු ඒ ගුරු දෙවිවරු නිසා.

අපි හැමදාම ජවිපෙ ට වගේම පෙරටුගාමීන්ට බැනල ලියන්නෙ ඇයි කියල කෙනෙක්ට ප්‍රශ්ණ ඇති . අපිට තියෙන්නෙ කිසිම පුද්ගලික තරහක් නෙමේ.

කවදාවත් ශිෂ්‍යන්ට ඉගෙනගන්න දෙන්නෙ නැ ති, මිනිස්සු එක්ක ඉරිසියාව තියෙන, අපේ රටේ ව්‍යාපාරිකයන්ට නැගිටින්නට නොදෙන, ඒ වගේම ගුරුවරු වගේ වැදගත් කොටසක් තමන්ගෙ අ ත කො ළු බවට පත් කරගත්ත මේ වගේ කට්ටියකට වි රු ද් ධ ව අපේ පෑන හැමදාම හැසිරෙයි . ඒ තරමට මේගොල්ලො රටට පිලිලයක්. කවදාවත් තමන් පිලිබදව ස්වයං විවේචනයක් කරන්නෙ නෑ. ඉන්නෙම අ ධි තක්සේරුවෙන්.

3% ප්‍රතිශතයකින් යන්තම් මංත්‍රී 3 ලබාගත්ත කට්ටියක් තමා මේ. 2004 දි මංත්‍රීධූර 36 තිබ්බ පක්ෂෙට අද යාන්තම් තියෙන්නෙ 3ක්. ඒකම ඇති තමන්ට වුණේ මොකක්ද කියල ස්වයං විවේචනයක් කරගන්න. මේ ගොල්ලො එහෙම නෑ බනින්නෙම චන්දෙ දුන්නෙ නැ ති අපිට. ඒක ඒගොල්ලන්ගෙ ජන්ම ගතියක්.

කෙටිකාලෙකට හරි මේ උරුලෑවො පස්සෙන් ගිහින් ගද ගහගත්ත වගේම සමාජයෙ දේවත්වයෙන් සලකපු අපේ ගුරුවරුන්ට බයිබලයේ එන ජේසුස් ස්වාමි දරුවන්ගේ ප්‍රකාශයකින් මෙහෙම අවසන් කරනව.

“ස්වාමිනී මොවුන් නො දැන කරන වරදට මොවුන්ට සමා වුව මැනවි” මේක තමා මේ දීර්ඝ් ලිපියේ සාරාංශය.
උපුල් දේවප්‍රිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්