වසංගතය යන වදන අප සමාජ ව්‍යවහාරයේ නිතරන්තරයෙන් දැන් දැන් අසන්නට ලැබුණ ද අපි අපිම “වසංගතයක්” යන්න නිතර භාවිත කළෝ වෙමු. කිසිවෙකුත් තවකෙකුට හිරිහැරයක් හෝ කණ්කරච්චලයක් වූ අවස්ථාවන්හිදී ද මෙවන් වසංගත තත්ත්වයක් නොවුව ද, එසේ වන හිරිහැරයට “වසංගතයක්” යැයි පවසන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් ඒ තත්ත්වය අප දෙපා මුලට ම පැමිණ ඇත. වසංගතයට ගොදුරු වූවෝ අතරින් ඇතැමෙක් මි’යැදී ය. තවත් අය ලෙඩ ඇඳේ ය. තවත් අය අසාදිත ය. අනෙක් පිරිස කොයි මොහොතේ අපේ දොරටත් එය තට්ටු කරාවිදැයි සැකයෙන් කල් ගෙවති. ඒ ආකාරයට අනෙකුන් කරා වසංගතය නො’පැමිණේවායි අපි පතමු. ඒ කෙසේ වෙතත්, රටේ තත්ත්වය බරපතල ය. ඒ නිසාම ඒ යට ඇති කටුක එහෙත් අමන ජුගුප්සාවන්ද අපි අවබෝධකරගත යුතු වෙමු.
මෙවන් පසුබිමක් අපට දන්වා සිටින්නේ මෙවර මෙම වසංගතයේ ඇති බැරෑරුම්කම ය. ඊට මුහුණ දීම පිණිස බොහෝ දෙනා බොහෝ පියවර අනුගමනය කරමින් සිටිති. ඊට අනුගත වන ලෙස සෞඛ්‍ය බලධාරීන් හා මේ පිළිබඳව අද්දැකීම් ඇත්තෝ පුන පුනා ඉල්ලීම් කරමින් සිටිති. එහෙත් අවාසනාවකට මෙන් බල දේශපාලනයේ ක්‍රියාකාරීන් ඇතැමෙක් වසංගතයක් ඇතිදැයි සිහිනයෙකවත් නොදුටු විලාසයෙන් රට තුල නානා ප්‍රකාර විගඩම් කරනු පෙනෙන්නට තිබේ. එය සැබැවින්ම අ’වාසනාවන්ත තත්ත්වයකි.
වත්මන් රජය හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය පත්වී තවමත් වසරකටත් අඩු කාලයකි. රජය පත්වන විටම අපට පමණක් විශේෂ නො’වූ වසංගතයක් ද ලොව පුරා පැතිරෙමින් තිබුණි. එය තදින් ව්‍යාප්තවීමත් සමඟම ගෝලීය වසංගතයක් ලෙස නො’වලහා පවසන්නට සියලු දෙනාටම සිදුවිය. ඒ හමුවේ ලොවම සලිත වී ගියේ ය. එය සාමාන්‍ය සලිතවීමක් නො’ව “බියෙන් සලිතවීමකි” වසංගතය ව්‍යප්ත වී නො’බෝ දිනකින්ම එය අප රට වැස්සන් බහුතරයකට සිහිගැන්වූයේ විසාලාවය. අසල්වැසි ඉන්දියාව ඒ වග යලි යලිත් සපථ කරන්නට සමත් වූයේ ය. දිනෙන් දින ලොවම කම්පාකරවන සිදුවීම් වසංගතයට අදාලව වාර්තාවන්නට විය.
ලොව ධනවත් හා දියුණු යැයි සම්මත දේශයන් පවා වසංගතය හමුවේ පරලව ගියේ ය. එවන් පසුබිමක් තුල අප වැනි දේශයක් රටේ ආර්ථිකයද කළමනාකරණය කරගනිමින් ඉදිරිය දැකීම දේව හාස්කමක් බඳුවිය. එහෙත් බල දේශපාලනයේ කුහක උවමනාවන් ඒ හමුවේ වුව ද තම අරමුණු වෙනුවෙන් යොදවන කණ්ඩායම් කෙරෙහි වසංගතය අදාලම නො’වන බවත් කියාපාමින් මත වපුරන්නට විය. රජය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ කොතෙක් දුරට ජන දිවියේ සෞඛ්‍යය කෙරෙහි බලපෑම් ඇති කරන්නේ ද යන්නවත් නො’සිතා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මොරදීමට ඇතැමුන් පෙලඹීම කනගාටුදායක ලෙස උච්ච වී ඇත. සැබැවින් ම එය ඛේදයකි. දීර්ඝ කාලීනව සමාජක් අත්විඳි හා සමාජය ගිලගනිමින් තිබෙන රෝගී තත්ත්වයන් කිහිපයකට පිළියමක් ලෙස “වස විසෙන් තොර ආහාර වේලක්” වෙනුවෙන් රජය උත්තුංග පියවරක් ඉදිරියට තබා තිබේ. ඒ අනුව, රසායනික පොහොර භාවිතයට තිත තැබිය යුතුම ය. එය සමස්ත සමාජයම පිළිගන්නා අවිවාදිත සත්‍යයකි. එය එක් අතකින් රට ට පීඩාවක් වී ඇති බහුජාතික මාෆියාවක් ද තුරන් කිරීමකි. සැබෑ තත්ත්වය එසේ වුවත්, බල දේශපාලනයේ කුහක ඇවැතුම් මේ යථාව නොසලකාහරිමින් කටයුතු කරන්නේ වසංගතය ද පතුරුවන්නට අනුබල දෙමිනි.
උද්ඝෝෂණය පොහොර ඉල්ලා ය. එහි සැබෑව සැබෑ ගොවියා දනී. මේ උද්ඝෝෂණ බොහොමයක් සංවිධානාත්මක ය. ඒ බව රට ම දනී. සංවිධානාත්මක උද්ඝෝෂකයින්ට වසංගතයේ පැතිරීම ගැන හාංකවිසියක දැනීමක් නැති සේ ය. ඒවගත් රට ට ම පෙනෙයි. එසේ වූ කල අදාළ සෞඛ්‍ය නී’ති ක්‍රියාත්මක කරන්නෝ මර නින්දේ සිටිත් නම් ඒවගත් රට විමසයි. එහෙත් පියවර කිහිපයක් ඉවසා සිට අදාළ අංශ විසින් කොරෝනා නීති උල්ලංඝණය කරන්නන්ට එරෙහියව නීතිය ක්‍රියාත්මක කරන්නට සැරසෙයි. දැන් උත්තරය කුමක් දැයි හුදී ජනයාට අටුවා ටීකා අනවශ්‍ය ය. එහෙත් පවිටු උද්ඝෝෂකයින් මුවා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨවලට සහ දේශපාලනික සටන්පාඨවලට ය. මේ බැව් අප සද් මනසින් යුතුව විමසිය යුතු ය. එතකින්ද නොනැවතී රට ට පැහැදිලි කරදිය යුතු ය. පවිටු දේශපාලන උවමනා වෙනුවෙන් අහිංසක ජනතාව කොටසක් හෝ මහ මගට ඇදදමා සිදුකරන වසංගත පැතිරීම ද මේ පවිටු දේශපාලනයේ ම අරමුණක් බව අප පැහැදිලි කර දිය යුතුය. අවසානයේ අප මුහුණ දෙන්නේ අර්බුද කිහිපයකට ය. ඒ සියල්ලටම වඩා මේ උද්ඝෝෂකයින් ද වසංගතයකි. එය පාලනය කිරීම යුක්ති යුක්ත ය.
සටහන : ජනිත් විපුලගුණ