Mar
14

” බුද්ධිමත් විදිහට එම සිදුවීම නරඹන ප්‍රේක්ෂකයන්ට වැටහෙයි කවුද හරි කවුද වැරදි කියලා” නිවේදකයාගෙන් ලැබුණු අවවාදයට දිනිතිගෙන් පිළිතුරු

 
794 Views
   
 

වර්තමානය වනවිට මෙරට ජනයා අතර නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් බවට දිනිති වල්ගමගේ කියල කියන රංගන ශිල්පිනිය පත්වෙලා තිබෙනවා. ඇත්තෙන්ම ඊට හේතුව වනුයේ පහුගිය දවසක දිනිති සහභාගිවෙන එක්තරා විනෝදාත්මක වැඩසටහනක් අතරතුර නිවේදකයා ඇයට ලබාදුන්නු එක්තරා අවවාදයක්. ඇත්තෙන්ම මේ සිද්ධිය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ කාගෙත් කතාබහට ළක්වුනා

කොහොම නමුත් දිනිති ගැන කතා කරනවානම් ඇය මේවෙද්දී ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ වගේම තමයි ඇයව අපට කාලයක් මෙරට පුංචි තිරයේ විකාශය වු ෂැඩෝ,කොළඹ ඉතාලිය ,රැල්ල වෙරලට ආදරෙයි කියන ටෙලි නාට්‍ය රැසක් ඔස්සේම දැනගන්නට ලැබුණා. එපමණක් නොවෙයි වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඇය කාලයක් නිවේදිකාවක් වශයෙන්ද සිරස නාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනක කටයුතු කරනු ලැබුවා

කෙසේවෙතත් රඟපෑම් කටයුතු සිද්ධ කරන්නේ විනෝදාංශයට බව කියන ඇය පහුගිය දවසක රංගනයට පිවිසෙන්න මූලිකම අඩිතාලම වැටුණු ආකාරය පිළිබඳ අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි

“අඩිතාලම වැටුණේ මගේ තාත්තා හරහා. මගේ තාත්තා නාට්‍ය හා රංග කලාව පිළිබඳව ආචාර්යවරයෙක්. මම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ළමා නිළියක් විදිහට සම්මාන ලබලා තියෙනවා. වේදිකා නාට්‍ය තුළින් තමයි මම රංගනයට පිවිසුණේ. තාත්තගෙන් තමයි මට ඒ පන්නරය ලැබුණේ. මට ජනප්‍රිය නිළියක් වෙන්න ආසාවක් තිබුනේ නැහැ. මොකද ප්‍රසිද්ධිය නිසා නිදහස නැති වෙයි කියලා මට හිතුනා සහ මම ක්ෂේත්රය ඇතුලේ වෙන දේවල් දන්න නිසයි.”

මේ විදිහට අදහස් දක්වපු ඇය පහුගිය දවසක විනෝදාත්මක වැඩසටහන අතරතුර තමන් මුහුණ දුන්නු ඒ සිද්ධිය ගැනත් අදහස් දක්වලා තිබුණා. කොහොම නමුත් එදා පැවති මේ වැඩසටහනේදී ඇය පිළිතුරු ලබාදුන්නු ආකාරය නිසාවෙන් නිවේදිකයා කියන්නේ ” ඔය හැසිරීම ප්‍රසිද්ධ මාධ්‍යක් ඉදිරියේ පෙන්වන්න එපා දකින කෙනෙක් වැරදියට ඒක හිතයි” කියලයි. ඉතින් ඊට පහුගිය දිනක පිළිතුරු ලබාදෙමින් ඇය කියල තිබුනේ මෙන්න මේවගේ කතාවක්

“පසුගිය දවසක රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී සිද්ධ වෙච්ච දෙයක් ඒක මගෙන් නිවේදකයා අහපු ප්‍රශ්ණවලට මම උත්තර දුන්නා. බුද්ධිමත් විදිහට එම සිදුවීම නරඹන ප්‍රේක්ෂකයන්ට වැටහෙයි කවුද හරි කවුද වැරදි කියලා. ඒ නිසා තීරණය ඔවුන්ට භාර දීලා මම නිහඬව ඉන්නවා. මං ඒ ගැන වැඩිදුර කතා කරන්න කැමති නැහැ “

ඒ විදිහට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ සිදුවෙන දේවල් ඒ තරම් මම ගනන් ගන්නෙ නැහැ කියලයි. කොහොම නමුත් දිනිති කියල කියන්නේ මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න නිහතමානී චරිතයක්. ඉතින් ඇගේ ඉදිරි කලාකටයුතු වගේම බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපිත් ඇයට සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්