May
8

ජනමතයට ගරු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාරදෙයි

 
2141 Views
   
 

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුලු මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

අද පෙරවරුවේ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය සහ රුවන්මැලිසෑය වැද පුදාගෙන කොළඹ පැමිණි අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවයි එම නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

හෙට දිනයේදී අරලිය ගහ මැදුරට පැමිණීමට නියමිත පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇති බවද වාර්තා වනවා.

මේ අතර නාමල් රාජපක්ෂ විසින් මීට පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පැරණි වීඩියෝවක් පළ කොට තිබෙනවා.

එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කළ කතාවකි.

එහි අගමැතිවරයා පවසන්නේ ‘මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි’ යැයි කියාය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්