Apr
4

ලස්සන ඇඟක ලස්සන පෙන්නුවට වැරැද්දක් තියෙනවද? ඇඳුමකින් චරිතය මැනීම මෝඩකමක්

 
900 Views
   
Is-there-anything-wrong-with-showing-off-a-beautiful-body-It-is-foolish-to-measure-a-character-by-a-dress  

චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම සුරූපී නිරූපිකාවක් ලෙස කෙටි කාලයකදී ජනතා ආදරයට පාත්‍ර වූ ඇය ටිනා ශනෙල් ප්‍රනාන්දු නම්  සොඳුරු රුවැත්තියි. ”මොන ඇඳුම ඇන්දත්  ලස්සනයි” ටීනා ෆැෂන් කරන හැම වෙලාවකම හැමෝගෙම කටින් පිටවෙන වචනයක් …හැමදාම ලස්සනට අඳින ඇයට මෙවර ෆැෂන්  පිටුව සරසන්න අපි  ආරාධනා කළෙමු.

ඉතින් ටීනා මොනවද මේ දිනවල කෙරෙන්නේ?

වැඩ කටයුතු කීපයක්ම කෙරුණා. ඉදිරියේදී චිත්‍රපටි කිහිපයකුත්, ටෙලි නාට්‍ය කිහිපයකටත්  සම්බන්ධ වෙන්න  බලාපොරොත්තුවෙන් ඉන්නවා…..

හැමෝම කියනවා වගේ මොන ඇඳුම් ඇන්දත් ලස්සන වෙන්නෙ කොහොමද?

මම හිතන්නේ ඒකට මූලිකම හේතුව මගේ ඇඟේ හැඩයයි හමේ පාටයි අනිත් එක තමයි හිප්  එක ෆිගර් එක ලස්සනට තියෙනවා නම් ඕනෑම ඇඳුමක් හැඩට  පේනවා. අනිත් එක කාන්තා ලාලිත්‍යය  මනාව පෙන්වන්නේ හිප් එකෙන්. ඒ නිසා මට හිතෙනවා උපතින්ම ලැබුණු මේ හැමදේමත් එක්ක ඕනෑම ඇඳුමක් මට ලස්සනට තියෙනවා කියලා.

විලාසිතා කියන්නේ මොකක් විදිහට ද ඔබ දකින්නේ ?

විලාසිතා කියන්නෙම එකිනෙකට වෙනස් දෙයක්. තමන්ට ආවේණික විදිහට තමන්ට කැමති විදිහට අඳින්න පුළුවන් දෙයක් විදිහටයි මම නම් විලාසිතා දකින්නේ . ඉරුණු ඇඳුමකට  කට්ටක් ගහලා හරි අපිට ඒක ඇඟට ගැලපෙන විදිහට අඳින්න පුළුවන් නම් එතන තියෙන්නේ  ෆැෂන් එකක්. එහෙම නැතුව, වැඩි ගණන් වලට ඇඳුම් ඇන්දා කියලා අපේ ඇඟට හැම ඇඳුමම ලස්සන වෙන්නේ නැහැ.

විලාසිතා කරනකොට මොන වගේ දේවල් ගැන ද ඔබ  හිතන්නේ?

මම හරිම ආසයි ඇඟේ හැඩය පේන්න අඳින්න….ඇඟ ලස්සනට තියෙනවා නම් ඇඟ පේන්න ඇන්දට කිසිම වැරද්දක් නැහැ කියලයි මම නම් හිතන්නේ.මම කරන සමහර ‘පැෂන්’ දැක්කහම සමහර අය කියනවා අම්මෝ ටිනා එහෙන් ඇරලා මෙහෙන් ඇරලා  හොඳටම වැඩියි කියලා.කවුරු කොහොම මොනවා කිව්වත් මම ෆැෂන් කරන්නේ මගේ විදිහට. සමහර වෙලාවට අපි අඳින ඇඳුම් ගොඩක් විවේචනය කරන්නේ එහෙම ලස්සනට අඳින්න බැරි අය .ලස්සනට තියෙන ඇඟක් ලස්සන මතුවෙන්න ඇන්දහම ඇති වැරැද්ද මොකක්ද ?ඒ නිසා කවුරු මොනවා කිව්වත් මම මට ගැළපෙන විදිහට ලස්සනට අඳිනවා . ඇඳුම් වලින් මිනිස්සු මනින්න බෑ. ඔලු
වේ ඉඳන් කකුල් දෙකට වහගෙන ඉන්න කෙනෙක් දිහා බලලා ඔයා හරිම හොඳ කෙනෙක් කියලා චරිත සහතික දෙන්න බැහැ නේ….විලාසිතා කියන්නේ එකක් චරිතය කියන්නේ තවත් එකක් ….ඇඳුමකින් චරිතයක් මනිනවා කියන  එක මහා මෝඩ වැඩක් විදිහටයි මම නම් දකින්නේ .

විලාසිතාවල දී ඔබ කෙනෙකු අනුකරණය කරනවාද ?

නැහැ. මම මට ආසම ඕනම විදියට විලාසිතා කරන කෙනෙක්. ලෝකයේ කාලයෙන් කාලයට වෙනස් වන විලාසිතා ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් .ඒ හැරෙන්න කවුරුත් කරන විලාසිතා   ඒ විදියටම කරන්න කැමැත්තක් නම් කවදාවත් තිබුණේ නැහැ.

නමුත් ඔබ කරන විලාසිතා නම් බොහෝ දෙනෙක් අනුකරණය කරනවා?

ඔව්.මම ෆොටෝ ෂූට් එකට,නිරූපණය ප්‍රසංග වලදී අඳින ඇඳුම් ඒ ඒ වෙළෙඳ ආයතන වල දී බොහොම ඉක්මනට විකිණෙන බව දැන ගන්න ලැබිලා තියෙනවා. මම ඇඳපු සාරියක් වුණත් සාරි විකුණන කඬේකට දුන්නොත් ඉහළ ඉල්ලුමට විකුණ ගන්න පුළුවන් ….සමහර අය ඇඳුම් සාප්පු වලට ඇවිල්ලා   ටීනා ඇඳන් හිටපු ඇඳුමම දෙන්න කියලා ඉල්ලන වෙලාවලුත් තියෙනවලු. එහෙම කමෙන්ට් එනකොට මට හරිම සතුටුයි. මම මොන ඇඳුම ඇන්දත් බොහෝ දෙනෙක්ගේ කටින් ”වාව්”එකක් එනවා. නමුත් සමහර අය මම කරන විලාසිතා දැක්කහම මූණ  දෙක කරගෙන  බලාගෙන ඉන්න වෙලාවලුත් තියෙනවා…

විලාසිතා කිරීමේදී ගැලපීම ගැන කොයි විදිහටද හිතන්නේ?

අඳින ඇඳුමේ පාටට ම සපත්තු , සෙරෙප්පු ගලපන පුරුද්දක් නම් මට තිබුණෙ නැහැ. හෑන්ඩ් බෑග් කොහොමත් මම පාවිච්චි කරන්න හරිම අඩුවෙන්. නමුත් මොන තරම් සරල විදියට ඇන්දත් ගැලපෙන විදිහට සෙරෙප්පු ,සපත්තු අත් ඔරලෝසු පැලඳීම තුළින් ඇඳුමට පොඩි වටිනාකමක් දෙන්න නං  නිතර උත්සාහ කරනවා.

සමහර වෙලාවට ලොකු ටී ෂර්ට් ඇඳලා පොඩි කලිසං ඇන්දත් නිකං සෙරෙප්පු දෙකක්   දැම්මත් මාර පෙනුමක් එනවා. ඒකයි මම කිව්වේ මහලොකුවට වටින් ඇඳුම් ඇන්ඳේ  නැති වුණාට අඳින ඇඳුම   ගළපා ගත්තොත් එයින්  ලොකු පෙනුමක් ලැබෙනවා  කියලා.

ඔබට වඩාත් ගැලපෙන පාට?

සුදු ,කහ ,තැඹිලි  ,රතු ,දම් පාට ඇඳුම් වලට සම තවත් ලස්සනට පේනවා කියලා හිතෙනවා.

විලාසිතා කරන්න ගිහින් අපහසුතාවයට පත් වෙච්ච අවස්ථා එහෙම නැද්ද ?

ති​ෙයනවා …ති​ෙයනවා. සමහර වෙලාවට සාරි නිරූපණය කරන වෙලාවට කටු ගහන්නේ නැතුව තමයි අපි සාරිය අඳින්නෙ මොකද නැවත ඒ සාරි  විකුණන නිසා. ඒ වගේ වෙලාවල් වල වැටෙන්න යන්න සාරිය අල්ලන්  නිරූපණය කරපු අවස්ථා තියෙනවා. ඒ වගේමයි ලොකු සයිස් වල ඇඳුම් මගේ ඇඟේ හැඩයට ප්‍රමාණයට කටු ගහල අඳින  වෙලාවට ඇඟේ කටු ඇනගෙන නිරූපණය කරපු වෙලාවලුත් තියෙනවා.සමහර වෙලාවට කැට්වෝක් යන වෙලාවට හිල් එකේ අඩිය ගැලවිලා විසික් වුණ අවස්ථා තියෙනවා. ඒ මතකයන් හැම එකක්ම හරිම සුන්දරයි.

පුංචි කාලෙ ඉඳලම ඔබ ලස්සනට අඳින්න කැමති වෙච්ච කෙනෙක් ද?

ඔව් පුංචි කාලෙදි ලොකු සපත්තු දාගෙන, හීල්ස් දාගෙන ලස්සනට අඩි තිය තිය ඇවිදිනවා කියලා නං අම්මා නිතරම කියනවා. ඒ වගේම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා ගැලපෙන විදියට අන්දන්න කියලා නිතර පුංචි පුංචි ගෝරිත් දාලා තියෙනවා.

අසුන්තා එදිරිසූරිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්