Jul
10

වැඩකාරයාට බො රු බෑ

 
580 Views
   
 

ආ’රක්ෂක අංශ කොවිඩ් ම’ර්දනයට හා එන්නත්කරණ වැඩසටහනට යොදා ගෙන ඇත්තේ එහි කාර්යක්ෂමතාවක් ඇති කරමින් කෙටි කාලයක් තුළ ව’සංගතය ප රාජය කිරීම සඳහාය. ආ’රක්ෂක අංශ වැඩව ර්ජනවලට යොමු වන්නේ නැ’ත. සෞඛ්‍ය කටයුතු සඳහා පුහුණුවක් ද ආ’රක්ෂක අංශවලට තිබේ. යු’ද්ධයක් පවතින විට සෙබළ බළමුළුවල සෞඛ්‍ය කටයුතු ඔවුන් විසින්ම සිදු කර ගනු ලැබේ. මා’නුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී උතුරේ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සපයා දුන්නේ අපේ හමුදාවය. ඒ පුහුණුව ද මෙහිදී ප්‍රයෝජනයට ගන්නවා විය යුතුය. මීට අමතරව හ’මුදා එන්නත්කරණ මධ්‍යස්ථානවලට විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවාව ද හිමි කර දී ඇත. මෙය බෙහෙවින් සාර්ථක වැඩසටහනකි.

ලෝකයේ බොහෝ රටවල එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ මන්දගාමි ආකාරයෙන්ය. දුප්පත් රටවල් බොහොමයකට එන්නත් ලැබී නැ’ත. එන්නත් මිලට ගැනීම පිළිබඳ ලෝක තරගයේදී දුප්පත් රටවල් ඉබේම කොන් වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී එන්නත් බෙදා හැරීම පිළිබඳ සාධාරණයක් ඉටු කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට නැ’ත. කිසිදු එන්නතක කිසිදු මාත්‍රාවක් නො’ලද රටවල් හතළිහක් පමණ ඇතැයි කියති. මේ අතර, බලවත් රටවල ද වෙනත් හේතු නිසා එන්නත්කරණය මන්දගාමි වී ඇත. රුසියාව එන්නත් නිෂ්පාදනය කරන රාජ්‍යයකි. එහෙත් එරට ජනතාව එන්නත් ගැනීමට යොමු වන්නේ නැ’ත. එන්නත් ගන්නැයි පුටින් ජනාධිපතිවරයා කිහිප වරක්ම සිය ජනතාවගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව මේ අතින් ජයග්‍රහණ ගණනාවක් අත්කරගෙන තිබේ. අපේ එන්නත්කරණ වැඩසටහන විධිමත්ය; ඊට ඉලක්ක තිබේ. පළමුව එන්නත්කරණය සඳහා තෝරාගනු ලැබුයේ අ’වදානම් සහිත කණ්ඩායම්ය. වයස අවුරුදු හැටෙන් ඉහළ වැඩිහිටි ප්‍රජාව ඊට අයත් විය. මේ වන විට වයස අවුරුදු තිහෙන් ඉහළ සමාජ කණ්ඩායම් වෙත ද එන්නත් දෙයි. බස්නාහිර පළාත කොවිඩ් පාලනයේදී විශේෂ කලාපයක් වන අතර, එහි සියලුම අ’වදානම් කණ්ඩායම් වෙත එන්නත් දීම සිදු වෙයි. මේ මාසය අවසන් වීමට පෙර ඉලක්ක සපුරා ගත හැකි යැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබේ. බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩසටහන සම්පූර්ණ කිරීම යනු කොවිඩ් පාලනයට අවශ්‍ය ප්‍රධාන සාධකයක් සපුරා ගැනීමකි.

ලබන දොළොස්වන දා සිට රටේ සියලුම ගුරු ප්‍රජාවට, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට හා අ’නධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත් දීමට රජය තීරණය කර තිබේ. මෙය ඉතා වැදගත් තීන්දුවකි. එක අතකින් අධ්‍යාපනය රටේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වන අතර, තව අතකින් එය කොවිඩ් ව්‍යාප්තියට බලපාන සාධකයකි. පාසල් විවෘත කිරීම ප්‍රමාද වන්නේ ඒවා අ’වදානම් ස්ථාන ලෙස ගණන් ගැනෙන බැවිනි. පාසල්වල සියලු ගුරු ප්‍රජාවට මෙන්ම අනෙකුත් සේවක මණ්ඩලවලට ද එන්නත දුනහොත් යම් විශ්වාසයකින් යුතුව පාසල් විවෘත කිරීමේ හැකියාව තිබේ. අධ්‍යාපනයේ කඩා වැටීම රටට අ’හිතකර ලෙස බලපායි. රජය මෙය වටහාගෙන තිබීම වැදගත්ය. එන්නත්කරණයෙන් පසු ක්‍රමයෙන් පාසල් විවෘත කිරීම රජයේ අදහස වී ඇති බව පෙනෙයි.

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට කඩාවදින්නේ 2020 මුල් කාර්තුවේදීය. පළමුව එය ශීඝ්‍රයෙන් පැතිර ගියේ නැ’ත. කොවිඩ් ම’ර්දනය සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගනු ලැබූ අතර, කොවිඩ් ම’ර්දනය සඳහා විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය. කොවිඩ් පළමු රැල්ල, දෙවන රැල්ල සාර්ථකව පාලනය කිරීමට ඉහත වැඩසටහන්වලට හැකි විය. යම් දුෂ්කරතාවක් මතු වූයේ තෙවන රැල්ලේදීය. එය මාස කිහිපයක් පුරාවට ශීඝ්‍රයෙන් පැතිර ගියේය. මේ වන විට තෙවන රැල්ලේ ද යම් පාලනයක් සිදු වී ඇත. එහෙත් ලෝකය පුරා පැතිර යන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද දෙස බලන විට පෙනී යන්නේ අ’නතුර පහව ගොස් නැ’ති බවය. අප පැමිණ සිටින්නේ වඩාත් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළ යුතු කාලපරිච්ඡේදයක් වෙතය.

ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලය හා පීරු රාජ්‍යය කොවිඩ් ම’රණ වැඩියෙන්ම වාර්තා කරන රටවල් අතර සිටී. බ්‍රසීලයේ රාජ්‍ය නායකයා කොවිඩ් වසංගතය ගණන් ගන්නේ නැ’ත. ඔහුට ඒ සඳහා විශේෂ වැඩපිළි‍වෙළක් ද නැ’ත. පීරු රටේ එන්නත්කරණය සාර්ථක නැ’ත. ජනතාව රටේ නීති ගණන් ගන්නේ නැ’ත. ඇතැම් දියුණු රටවල් එන්නත්කරණය සාර්ථක මට්ටමකට ගෙනැවිත් ඉක්බිති නිදහස් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට පටන්ගෙන තිබේ. එය වසංගතය හමුවේ ගනු ලැබූ බුද්ධිමත් තීරණයක් සේ සැලකිය නො’හැකිය. කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද නිසා ද දියුණු රටවල් මුළුමනින්ම විවෘත හා නිදහස් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට පටන් ගැනීම නිසා ද වසංගතය යළි හිස ඔසවා ශීඝ්‍රයෙන් පැතිරෙන්නට පුළුවන. ජී අට කණ්ඩායම හෝ මේ ගැන සංවේදි විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා ඇත.

දැන් මුළු රටම පවතින්නේ වෙහෙසකාරී තත්ත්වයක යැයි කිව හැකිය. සෞඛ්‍ය අංශ හා ආ’රක්ෂක අංශ නිදි ව’ර්ජිතව කොවිඩ් ම’ර්දනයේ යෙදී සිටිති. නායකයෝ කොවිඩ් ම’ර්දනයට මෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා ද අ’ප්‍රමාණ කැපවීමක යෙදී සිටිති. ඒ අතර, වැඩසටහන් කඩාකප්පල් කිරීම සඳහා විවිධ දේශපාලන කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. මේ අතර, ජනතාව තවදුරටත් සීමා – මායිම්වලට කොටු වී සිටිති. මේ සියල්ලට විසඳුම් අවශ්‍ය වේ. එක විසඳුමක් වන්නේ එන්නත්කරණය සාර්ථක කරගැනීමය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්