Aug
5

රෝහල් කිහිපයක් සෞඛ්‍යමය හ දි සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

 
1147 Views
   
 

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට බ ර ප ත ළ අ ර් බු ද ය කට ලක් වී ඇති බව වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ රට පුරා ශී ඝ්‍ර යෙන් පැතිර යන කො වි ඩ් වසංගත තත්ත්වයේ පාලනයෙන් තොර ව්‍යාප්තියයි.

මේ හේතුව නිසා මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහල සහ රත්නපුර මහ රෝහල සෞඛ්‍යමය හ දි සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගාල්ල කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කරන්නේ මේ වන විටත් රෝහලට දරාගත නො හැ කි මට්ටමට රෝගීන් පැමිණෙමින් සිටින බවයි.

කරාපිටිය රෝහලේ කො රෝ නා ආසාදිතයින් සඳහා වාට්ටු තුනක් වෙන් කර ඇති අතර මේ වන විටත් එම වාට්ටු සියල්ල පිරී ඉතිරී ගොස් තිබෙනවා. වැඩබලන අධ්‍යක්ෂ වරයාට අනුව ඊයේ දින තුළ පමණක් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආ සා දි ත යි න් සංඛ්‍යාව එකසිය හතලිහක්.

මේ අතර රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම් ඩී ඒ රොද්‍රිගෝ ඊයේ සවස රෝහල් සේවකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අ න තු රු ව රත්නපුර රෝහලේ ද හ දි සි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙරට සෞඛ්‍ය ඉතිහාසයේ රෝහල් තුළ මෙලෙස සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සිද්ධීන් වාර්තා වන්නේ කිහිපයක් පමණයි.

දශක තුනක් පුරා පැවති එල් ටී ටී ඊ යු ද සමයේ පවා කිසිදු අවස්ථාවක මෙරට රෝහල් පද්ධතිය තුළ මෙලෙස හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කෙරුනේ නැ හැ. 2004 වසරේ රට මුහුණ පෑ බරපතලම ස්වභාවික ව්‍යසනය වන සු නා මි තත්ත්වය හමුවේ දිවයිනේ රෝහල් කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.

මේ අතර රෝහල් තුළ සෞඛ්‍යමය හදිසි තත්වයන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය අමාත්‍යංශයේ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේය මතුවන ආ ප දා ම ය තත්ත්වයන් අනුව මෙලෙස හ දි සි තත්වයන් ප්‍රකාශයට පත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්