Oct
15

වෘත්තීය සමිති ආණ්ඩු කිරීම

 
387 Views
   
 

අපේ මනෝ වෛද්‍යවරයකුගේ වාර්තාවක සඳහන් වන අන්දමට දරුවන් මානසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්වලට පැමිණීම 20%කින් වර්ධනය වී ඇති බවය. වසංගත තත්ත්වය මත රෝහල්වලට පැමිණීමට මැළි වන විශාල පිරිසක් සිටිති. ඒ අය ද ගණනය කළ හොත් දරුවෝ විශාල ප්‍රමාණයක් මානසික රෝගවලට ගොදුරු වී සිටිති. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ පාසල් වසා තැබීම හා අධ්‍යාපනය අතරමඟ ඇන හිටීමය. තව දුරටත් පාසල් වසා තැබුව හොත් හා ඉගෙනීම් ක්‍රියාවලිය නතර වී තිබුණ හොත් එය බරපතළ සමාජ අර්බුදයක් බවට පරිවර්තනය වනු ඇත. දරුවන් පමණක් නොව; මව්පියෝ ද මේ කාරණය මත තුෂ්ණිම්භූත වී සිටිති. මව්පියෝ ගුරුවර්ජනයට දැඩි ලෙස විරෝධය දක්වන අතර ස්ථාන කිහිපයකදී උද්ඝෝෂණ විසිරුවා හරින්නට කටයුතු කළහ. ගුරු වෘත්තීය සමිති කෙරෙහි එල්ල වන මහජන විරෝධය දිනෙන්-දින වර්ධනය වන බව දැක ගත හැකිය.

සිසුන් 200ට අඩු කුඩා පාසල් විවෘත කිරීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි. පාසල් විවෘත කිරීමට අදාළ මූලික රුස්වීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නායකත්වය යටතේ මේ දිනවල පැවැත්වෙයි. ඒවා වර්ජනය කරන්නැ’යි වෘත්තීය සිමිති සන්ධානය කියා සිටින අතර, ඒවා වර්ජනය නොකොට පාසල් විවෘත කිරීමට සහයෝගය දක්වැන්නැ’යි විදුහල්පතිවරුන්ගේ සංගම් කිහිපයක් ඉල්ලා සිටිති. මේ අතර ස්වාධීනව ක්‍රියා කරන විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට වෘත්තීය සිමිති සන්ධානයෙන් තර්ජන එල්ල වන බව ද වරින් වර වාර්තා වෙයි. එය මුළුමනින්ම වැළැක්විය යුතුය. වෘත්තීය අරගලවලට ඉඩ දිය යුතු වුව ගුරු තර්ජනවලට ඉඩ දිය යුතු නැත. ගුරුවරුන් යනු රටේ සම්මානනීය වෘත්තියක නිරත වන තීරණාත්මක සාධකයක් බව සැබෑවකි. ඔවුන්ගේ වැටුප් වැඩි වීමකට කිසිවකු විරුද්ධ වන්නේ නැත. එහෙත් රජයකට කළ හැකි සීමාවක් තිබේ. කොවිඩ් වසංගතය තුළ ලෝකයේ සියලු රාජ්‍යයන්වල ආර්ථිකයන් දුර්වල වී ඇත. ඒ අනුව බොහෝ කටයුතු කල් දමන්නට හෝ කපා හරින්නට හෝ සෑම රටකටම සිදු වී ඇත.

ගුරු විදුහල්පති ගැටලුව අද-ඊයේ ඇති වූවක් නොවේ. එහි ඉතිහාසය වසර විසි හතරකින් ඈතට දිව යන බව පැහැදිලිය. ආණ්ඩුව වැටුප් විසමතාව පිළිගෙන එය විසඳන බවට ද ප්‍රතිඥා දී ඇත. ඒ සඳහා දින වකවානුද දක්වා ඇත. ඒ පමණක් නොව මහා භාණ්ඩාගාරයේ තත්ත්ත්වය ද වෘත්තීය සිමිතිවලට පෙන්වා දී ඇත. මේ කිසිවකට කන්දීමට වෘත්තීය සමිති සන්ධානය සූදානම් නැත. මෙය හතළිස් තුන් ලක්ෂයක් වන පාසල් දරුවන්ගේ අවාසනාව විය යුතුය. අවසන් ලෙස කිව හැක්කේ වෘත්තීය සමිතිවලට අවශ්‍ය ලෙස ආණ්ඩු කරන්නට බැරි බව පමණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්