නව වසරේ මුල් දින හතරෙහි සංචාරකයන් 11,380 ක් මෙරටට පැමිණීමෙන් 2022 වසරේ සංචාරක ක්ශේත්රයේ නවෝදයට මුල පිරීමක් ලැබුණු බවට සඳහන් කළ යුතුය.
රුසියානු ජාතිකයන් 2,032 ක් ඉන්දියානු සංචාරකයන්
1,809 ක් යුක්රේන සංචාරකයන්
1,041ක් ජර්මන් සංචාරයන්
775 ක් එංගලන්ත සංචාරකයන්
709 ක් කසකස්තාන හා මාලදිවයින් ජාතීන් 506 බැගින්
ඕස්ට්රේලියානු සංචාරයන් 420
ප්රංශ ජාතීන් 414 ක් මෙරටට පැමිණ ඇත.
සංචාරක කර්මාන්තය නගාසිටුවීමට දායකත්වය ලබාදෙන සියලුම දෙනා මෙම සංවර්ධනයේ කොටස් කරුවන් බව කිවයුතුමය. මෙරටට විදේශ විනිමය ලැබෙන ප්රධාන මාර්ගය වූ සංචාරක කර්මාන්තය බිඳවැටීම හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සඳහා සංචාරක ක්ෂේත්රය පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කලයුතුය.
ඒ සඳහා සෞඛ්ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම හා නියමිත පරිදි එන්නත් මාත්රා ලබාගැනීම සියලු ශ්රී ලාංකිකයන්ගේ යුතුකමකි. පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අභූත චෝදනා නගන පිරිස් රටේ පිබිදෙන ආර්ථිකය සැබෑ ලෙසටම ජනතාවට වසන් කිරීමට කටයුතු කරයි.
නමුත් රටේ සැබෑ සංවර්ධනය සීමා මායිම් බිඳ දමමින් ඉදිරියට රැගෙන යාමේ ප්රධාන ඉසව්ව සංචාරක කර්මාන්තයි.