Dec
28

එංගලන්තයේ සිට පැමිණි පස්දරු මව මරා කිඹුලන්ට කන්න ඇළට දමලා

 
2902 Views
   
 

කිලිනොච්චිය උදයනගර්,අම්බලකුලම් හි පස්දරු මවක ඝා’ ත න ය කොට ඇගේ සිරුර කිඹුලන් සිටින ඇළ මාර්ගකට දැමූ තරුණයකු කිලිනොච්චිය ප්රදේශයේදී අත් අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

එලෙස ඝා’ ත න ය කොට ඇත්තේ අම්බලකුලම් පදිංචි රාසේන්ද්රම් රාජලක්ෂ්මි නැමති මවකි. මියගිය මව එංගලන්තයේ ලන්ඩන්හි සිය දරුවන් සමඟ පදිංචිව සිට මෑත කාලයේදී මෙරටට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

උදයනගර්,අම්බලකුලහි එම කාන්තාව තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිට ඇති අතර නිවසේ සිටියදී ඊයේ (27) රාත්රියේ සිට ඇය අතුරුදහන්ව ඇති බවට පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබුණි.

එම මව පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් කිහිපයක් නිවසෙහි බිම තිබී පොලිසියට හමුවී ඇති අතර ප්රදේශවාසීන්ගේ තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනයකදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

ඝා’ ත න ය ට ලක්වූ කාන්තාව පදිංචිව සිටි නිවසට යාබද නිවසේ පදිංචිව සිට ඇති සැකකරු කාන්තාව මරා සිරුර යතුරු පැදියක දමාගෙන නිවසේ සිට කිලෝමීටර 18 දුරින් පිහිටි කිඹුලන් බහුලව සිටින කන්දපුරම් හි ඇළමාර්ගයකට දමා ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්