Jun
26

පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මකයි

 
1312 Views
   
 

පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එම සීමා ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැ’තැයි පැවසූ යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැතිරෙන කට කතාවලට නො’රැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ හඳුනාගෙන ඒවා හුදෙකලා කිරීමට පියවර ගන්නා බවත් දැනටමත් රට පුරා එවැනි ප්‍රදේශ රැසක් හුදෙකලා කර ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

ජනතාව මේ මොහොතේ දී කල්පනාකාරීව සෞඛ්‍ය නීති වලට අනුගතව කටයුතු නො’කළහොත් සංචරණ සීමා තවත් වැඩි කිරීමට සිදුවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. සමහරුන්ගේ හැසිරීම සතුටුදායක නැතැයිද යුද හමුදාපතිවරයා පැවසුවේය.

Source – newday .lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්