Dec
4

විපක්ෂය පාර්ලිමේන්තු නොයන්න තීරණය කරයි

 
628 Views
   
 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතාට ඊයේ (3)දිනයේදී පාර්ලිමේන්තුවේදී කාලය අහිමි වීමක් සම්බන්ධයෙන් අද (4) දින ද පාර්ලිමේන්තුව දැඩි උණුසුම් බවක් ගෙන තිබිණ.

විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම ත් සමග යළි උණුසුම් සංවාදයක් ඇති විය. එහිදී කතානායකවරයා, සභානායක අමාත්ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මෙන් ම රංජිත් මද්දුමබණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ මනූෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්රීවරු ද ඊට එක් වූහ.

ඊයේ දිනයේදී මනූෂ නානායක්කාර මහතාට සිය අවස්ථාවේදී කතා කිරීම සඳහා පස්වරු 5න් පසුව විනාඩි 5ක කාලයක් නොදීම මෙම ගැටලුව ඇති වීමට හේතු වී ඇත. මෙම කාලය නොදීම සම්බන්ධයෙන් පසුව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. එමෙන් ම ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි කංචන විජේසිංහ මහතා මනූෂ නානායක්කාර මහතාට ප්රහාරයක් එල්ල කිරීමට සභා ගර්භයේ රැදී සිටියාය යන්න ද වාර්තා විය.

අද දිනයේදී මේ සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ආරක්ෂාව තහවුරු කරන තෙක් විපක්ෂය සභා ගැබෙහි අසුන් නොගන්නා බව ය. ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තු රැස්විම් වර්ජනය කරන බව දැනුම්දීමෙන් පසුව සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් සභා ගර්භයෙන් පිටත්ව ගොස් ඇත. මේ පිළිබඳව දැනුම්දෙමින් කිරිඇල්ල මහතා ප්රකාශ කර සිටියේ මෙවැනි අදහසකි.

“විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඊයේ මනූෂ නානායක්කාර මැතිතුමා විනාඩි 5ක් වැඩියෙන් ඉල්ලනකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු කණ්ඩායමක් ඇවිල්ලා 5ක් 20ක් ඇවිල්ලා පහර දෙන්න උත්සහ කෙරුවා. තල්ලු කළා. ඒක ඊයේ ඉවරයි කියලා තමයි අපි අද පාර්ලිමේන්තුවට ආවේ. නමුත් අද එතුමාගේ කතාවෙන් පස්සේ අපේ පැත්තේ ලොබි එකට ඇවිල්ලා මන්ත්රීවරු 15ක් 20ක් ආණ්ඩු පක්ෂයේ, එතුමාට පහර දෙන්න උත්සහ දැරුවා. ඉතින් ඇත්ත වශයෙන් ම ආරක්ෂාව තහවුරු කරන්නේ නැත්නම් අපිට ඉන්න බෑ පාර්ලිමේන්තුවේ. ඇත්ත ම යි අපිට ඉන්න බෑ. කවුරු හරි මොනවා හරි කිව්වා නම් ඒකට උත්තර දෙන්න ඕනේ. ඒකට යි අපි එන්නේ පාර්ලිමේන්තුවට. කියන දේවල්වලට ගහගන්න හදනවා නම් අපිට පාර්ලිමේන්තු එන්න බෑ. ඒක තමා පාර්ලිමේන්තු සම්ප්රදාය. අන්න එම නිසා අපි තීරණය කරලා තියෙනවා අපේ ආරක්ෂාව තහවුරු වන තුරු අපි නැවත පාර්ලිමේන්තු එන්නේ නෑ.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්