Feb
25

අසේකාට සහ ඇගේ කෝටිපති පෙම්වතාට අපේ සුපිරි කලා තරු එකතුවෙලා දීපු සප්‍රයිස් පාටිය

 
971 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ විවිධ අංශ ඔස්සේ ජනප්‍රියත්වයට පත් චරිත රැසක් සිටිනවා. එලෙස ජනප්‍රියත්වයට පත් චරිත කෙරෙහි මෙරට ජනයා නිරන්තරයෙන් සිය අවධානය යොමුකරන අතර පසුගිය කාලයේ කාගෙත් අවධානය හිමිකර ගත් චරිතයක් බවට අසේකා විජේවර්ධන පත්වුණා. ඊට හේතුව වනුයේ මෑතකදී ඇයට සිය කෝටිපති පෙම්වතාගෙන් ලැබුණු විවාහ යෝජනාව

කොහොමහරි ඉතින් අසේකා කියල කියන්නේ මෙරට නර්තන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යමින් අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය දක්ෂ නර්තන ශිල්පීන් යුවළක් වෙන චන්න විජේවර්ධන සහ උපුලි පනිබාරතගේ ආදරණීය දියණියයි. ඇත්තෙන්ම මෙරට නර්තන ක්ෂේත්‍රය තුළ ඉන්න රටම ආදරය කරන වගේම ගරු කරන යුවළක් හැටියට අපට චන්න සර් සහ ඔහුගේ බිරිඳ උපුලි පනිබාරත මහත්මිය හදුන්වන්න පුලුවනි. ඒ වගේම ඔවුන් මේ රටට වටිනා සම්පත් බව කිව යුතුමයි. ඒ බව නොරහසක්

කෙසේවෙතත් දේශීය නර්තන කලාව නගා සිටුවන්නට මිල කල නොහැකි මෙහෙවරක් සිදුකළ මේ ආදරණීය යුවළගේ දියණිය අසේකාට පසුගිය දිනක මේ විදිහට සිය ආදරණීය පෙම්වතාගෙන් ලැබුණු මේ විවාහ යෝජනාවත් සමග ඇය කෙරෙහි ලාංකිකයන් හැමෝම සිය අවධානය යොමුකර තිබුණා. ඒ විතරක් නොවෙයි ඇයට මෙරට ජනයා විශාල වශයෙන් සිය සුබපැතුම් එකතු කරලත් තිබුණා

ඒ බව අපට පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා. කොහොම නමුත් අසේකාට මේ විදිහට විවාහ යෝජනාව අරගෙන ආවේ ජනික් ජයසුරිය කියන කඩවසම් තරුණයායි. කෙසේවෙතත් මේ දෙදෙනා ලගදීම විවාහ වෙන්න සුදානමින් ඉන්නවා කියලයි හැමෝම වගේ කියන්නේ. ඉතින් මේ විදිහට පසුගියදා විවාහ යෝජනාව ගෙනා ඇගේ පෙම්වතාට සහ ඇයට කලා තරු රැසක් එකතුවෙලා සප්‍රයිස් පාටියක් ලබාදී තිබුණා

ඇත්තෙන්ම ඔවුන් දෙදෙනාට මේ ආකාරයට සප්‍රයිස් පාටි එකක් සුදානම් කරලා තිබුනේ හරිම ආදරණිය ලෙසිනුයි. මේ අවස්ථාවේ ඔවුන් දෙදෙනා බෙහෙවින් සන්තෝස වෙලා තිබුණා. ඒ විතරක් නොවෙයි. මේ අවස්ථාවේ ලබාගත් සුන්දර ජායාරූප පෙළක්ද අපට සමාජ මාධ්‍ය තුළින් දැකගන්නට ලැබුණා. ඊට ලාංකිකයන්ගෙන් හිමිව තිබුනේ උණුසුම් ප්‍රතිචාරයක්. ඉතින් මේ විදිහට පසුගිය දිනක රටේම අවධානය දිනාගත් අසේකාට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්