Feb
6

” මට වයස අවුරුදු 80 පැන්නත් මම විලාසිතා කරනවා” ජනප්‍රිය රංගන ශිල්පිනී යුරේනි නොෂිකා

 
1041 Views
   
 

යුරේනි නොෂිකා කියල කියන්නේ අපේ කලාව තුළ ඉන්න කැපී පෙනෙන ජනප්‍රිය චරිතයක්. විලාසිතාවන්ට ප්‍රිය කරන ඇය පිළිබඳ අපට කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය තුළ විවිධාකාර කටකතාවන් දැකගන්නට ලැබෙනවා. ඇත්තෙන්ම ඇගේ විලාසිතා ගැන බොහෝ අය කතා කරන්න පෙළඹිලා තිබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සුන්දර තරුණිය සමගිනුයි

බොහෝදෙනා යුරේනිව දකින්නේ ඇඳුම් නිසාම ප්‍රශ්න දාගන්න කෙනෙකු හැටියට තමයි. ඉතින් පසුගිය දවසක ඇඳුමක් නිසා ප්‍රශ්නයක් වුණා කියල කියන්නේ ඇත්තද ?

මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු පහළොවක් වෙනවා. ඒ කාලය තුළ මම විවිධ විලාසිතා කළා. ඔසරි නම් කොට ගවුම කොට කලිසම වෙනකන් මම විලාසිතා කරලා තියනවා. මම නම් ඔය කවුරුත් කියන කටකතා ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. මාව ලගින්ම ආශ්‍රය කරන හැමෝම දන්නවා මගේ විලාසිතාවන් ගැන. සමහරු මගේ විලාසිතා පිළිගන්නවා සමහර මගේ විලාසිතා පිළිගන්නේ නැහැ. කොහොම උනත් විලාසිතා කරන එක නම් මම නතර කරන්නේ නැහැ

මට වයස අවුරුදු 80 පැන්නත් මම විලාසිතා කරනවා. ගෑණු ළමයෙක්ගෙ කකුල් පේන එක වරදක් විදියට දකින මනුස්සයෝ ඊටත් වඩා පවක් පුරව ගන්නවා තවත් කෙනෙකුට හිනාවෙලා. අර අතීතයේ කතාවක් තියෙනවනේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. ඉතින් අවුරුදු පහළොවක් ම මාව විවේචනය කරපු මනුස්සයන් ගෙන් මම ශක්තිමත් කෙනෙක් නිර්මාණය කරගත්තා. මාව ඔය කටකතාවලට වට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මාව විවේචනය කරද්දි ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මොකද ඒ අය මම දිහා බලාගෙන ඉන්න නිසා

ඇත්තටම ඔබ මේ ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන කෙනෙක්. ඉතින් ඔබ ඉදිරියේදී රඟපාන්න කැමැති චරිත එහෙම තියෙනවද ?

ඇත්තටම මම කැමැතියි ඇක්ෂන් චරිතය රඟපාන්න. තව ආසාවක් තියෙනවා ජීවිතය දිනපු කාන්තාවක් ඒ කියන්නේ එඩිතර ධෛර්යවන්ත ගැහැනියක් විදිහට රඟපාන්න. හැබැයි ලංකාවේ මේ ක්ෂේත්‍රය තුළ ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වීම හීනයක්. ඒ නිසාම මගේ හීන මගේ හිතේ තියාගෙන මම ජීවත් වෙනවා

කොහොමහරි ඉතින් යුරේනි කියල කියන්නේ තවමත් තනිකඩ දිවියක් ගත කරන සුන්දර තරුණියක්. ඉතින් අපි ඇගෙන් විවාහය ගැනත් අහන්න අමතක කළේ නෑ. ඉතින් යුරේනි හැමදාම තනිකඩව ජීවත් වෙන්නද කැමති කියල අහපු වෙලේ ඇය ලබා දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්

” ඒ ගැන මම හිතන්නේ නැහැ. විවාහයක් සිද්ධ වෙනවා නම් සිද්දවෙයි. ලොකුවට මම ඒ දේවල් පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි. මට ඕනේ මම මැරෙන තුරාවටම සතුටින් ජීවත් වෙන්න. අතීතයේ මගෙ හිත ගියපු අය නම් ඉන්නවා. හැබැයි ඒ දේවල් හරි ගියේ නැහැ. අනික මම කවුරුත් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. මට තනිවම ජීවත් වෙන්න පුළුවන්. කවුරු හරි මගේ ජීවිතයේ සතුට අරගෙන ආවොත් එහෙමයි නාවොත් එහෙමයි. හැබැයි මම සතුටින් ජීවත් වෙනවා.ඒ තමා මගේ හැටි” කියලයි

මීට වසර ගණනාවකට පෙරදී ඒ කියන්නේ ඔබේ කුඩා කාලයේදී ඔබ දැකපු හීන මේ වෙද්දි හැබෑ වෙලා ද ?

මම හීනෙකින්වත් නොහිතපු වෘත්තියක් තමයි මට මේ ලැබිලා තියෙන්නේ. මම අවුරුදු 12 ක් ම හොස්ටල් ජීවත් වුණේ. ඉතින් එහිදී ටීවී එකක් බලන්න වත් ලැබුණේ නැහැ. පුංචි කාලේ නම් මම ආස කලේ නීතිඥවරියක් වෙන්න. හැබැයි නොහිතපු විදියට මට නිළියක් වෙන්න අවස්ථාව ලැබුණා. දැන් මම මේ වෘත්තියට කැමතියි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්