Feb
1

ජනවාරි මාසයේ පමණක් සංචාරකයින් 75 000ක් ලංකාවට ඇවිත්

 
1694 Views
   
 

විදේශීය සංචාරකයන් මෙරට වෙත පැමිණීම පසුගිය කාලය තුළ ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇත. මේ වසරේ එනම් 2022 ජනවාරි මාසයේ පමණක් සංචාරකයන් 75,000 කට වැඩි සංඛ්යාවක් පැමිණ ඇත. ශ්රී ලංකාව සාර්ථක එන්නත්කරණය වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම හෙවත් කොවිඩ් පාලනය කිරීම සඳහා නිසි ක්රියාමාර්ග ගැනීමත් නිසා එම වර්ධනය දැක ගැනීමට හැකිවූ බව සංචාරක අමාත්යාංශය පවසයි . මෙම වසරේ 2022.01.01 සිට 01.29 දක්වා සංචාරකයන් 76,538 ක් පැමිණ ඇත.

🔷 රුසියාව 12,368

🔷 ඉංදියාව 11,028

🔷 යුක්රේනය 7,427

🔷 එක්සත් රාජධානිය 6,929

🔷 ජර්මනිය 4,902

🔷 පෝලන්තය, ඕස්ට්රේලියාව , මාලදිවයින සහ කසකස්තානය යන රටවලින් ද පැමිණීම ඉහළ ගොස් ඇත . පසුගිය වසරට තුළදී ශ්රී ලංකාවට සංචාරකයන් 194,485 දෙනෙකු පැමිණ ඇත.

2021 ජනවාරි මාසයේ දී රට තුළට සංචාරයන් පැමිණ ඇත්තේ 1,682 ක් පමණයි. එම මාසයට සාපේක්ෂව වසරක් තුළ විශාල වර්ධනයක් පෙන්වීමට සංචාරක අමාත්යාංශය විශාල උත්සාහයක් දරා ඇතැයි ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. වසර අවසන් වන විට ලක්ෂ 11 කට වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණෙනු ඇති බව අධිකාරිය පුරෝකතනය කරයි.

සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමට කෙටි, මධ්ය හා දිගුකාලයක වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව සංචාරක කටයුතු අමාත්යවරයා පවසයි . මේ අතර හික්කඩුව සංචාරක පුරවරය සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇතිබව සතුටින් ප්රකාශ කර සිටිමු. හික්කඩුව නගරය පදික වෙළදුන්ගෙන් , මහා පරිමාණ හෝටල් හිමිය්න් දක්වා එහි ප්රතිලාභ ලබමින් සිටින බව ඔවුන් පවසයි.

කොවිඩ් හේතුවෙන් වසර දෙකක් පුරා කඩා වැටුණු සංචාරක ව්යාපාරය ක්රමානුකූලව දියුණු වන බවත් සංචාරයන් දිනෙන් දින වැඩිවන බවත් එනිසා, ආපනශාලා , විලා, වෙළඳ ව්යාපාර සඳහා විශාල ආදායමක් ලැබෙන බව සංචාරක ව්යාපාරයේ නියැලෙන්නන් පවසයි. හික්කඩුව පමණක් නොව මුළු ලංකාවේම සංචාරක කර්මාන්තය දියුණු වී ඇත. ශ්රී ලංකාව සෞඛ්යය ආරක්ෂිත බව විශාල විස්වාසයක් ඇති බවත් එහෙයින් සංචාරය සඳහා පැමිණි බොහෝ සංචාරකයන් පවසයි .

ශ්රී ලංකාව වැනි උණුසුම් දේශගුණික රටකට ඔවුන් කැමති අතර දේශීය ආහාර සඳහාද ඔවුන්ගේ විශාල කැමැත්තක් ඇත. පරිසරය ද ඉතා සුන්දර බව පවසයි . ලංකා මුහුදු තීරණ හරිම අලංකාර බවත් , ලංකාවට බෙහෙවින් ආදරය කරන බවත් පවසයි . ඔවුන්ට ඇති එකම ගැටලුව මාර්ග තදබදය බවත් විකල්ප මාර්ග වැඩිදියුණු කල හැකිනම් සියල්ල සම්පූර්ණ බවත් විදෙස් සංචාරකයන්ගේ අදහසයි. කෙසේ වෙතත් ඉදිරියේ දී ශ්රී ලංකාව සංචාරක පුරවරයක් වනවාට නම් කිසිදු සැකයක් නැත

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්