Aug
26

ලක්ෂ ගාණක් ද රුවන්ට උගනපු ධනංජය සර් ආදරණීය බිරිඳත් එක්කම යන්න ගියේ පුංචි දි ය ණි ය මෙලොව තනිකරලා, කො විඩ් උඹ නම් ඇත්තටම මා රයෙක්

 
3573 Views
   
 

ප්‍රියේහී විප්ප යෝගෝ දුක්ඛෝ යැයි බුදුන්වහන්සේ වදාළහ. කො විඩ්-19 මා ර යා අපේ සමීපතමයන් අපෙන් උදුරා ගනිද්දී බුදුවදන් මතකයට නොනැඟෙන්නේ කාටද? සිය හයවැනි විවාහ සංවත්සර සැමරුමට පෙර දින එනම් අගෝ: 24දා ජීවිතයට සමුදුන් දහස් සංඛ්‍යාත ද රු ව න් ට ඉංග්‍රීසි භා‍ෂාව ඉගැන් වූ අතිදක්ෂ තරුණ ගුරු පියකුගේ අ භාවය සැලවීමෙන් එතුමාගේ මවුපියන්, සහෝදරයා සහ සහෝදරිය, සමීපතමයන් මෙන්ම දෙස් විදෙස් ශිෂ්‍යයන්ද විශාල කම්පනයකට පත්වී සිටී. කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමයේ පදිංචිව සිටි ධනංජය අනුරාධ තරුණ ගුරු මහතා ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධියට පත් අයෙකි. කිරිබත්ගොඩ වාසිටියේ සතියේ දින පහේම උදෑසන 8.00 සිට අපොස සා. පෙළ හා උසස් පෙළ තරුණ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ ඔහු එම සිසුන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වී ඇත්තේ සැබැවින්ම ඔහු තුළ තිබූ මානුෂික ගුණාංගයන් නිසාය. 1985/4/10 වැනිදා සිය පවුලේ වැඩිමහල් ද රු වා ලෙස උපන් ධනංජයට එක් සොයුරියක් සහ බාල සොහොයුරෙක් සිටී.

1993/7/27 වැනිදා උපන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි අංජලී පෙරේරා සමඟ 2015/8/24 වැනිදා විවාහ වී ඇති ධනංජය අනුරාධ මහතාගේ වියෝව ඇසූ බිරිය එම කම්පනයෙන්ම ඔවුන්ගේ විවාහ සංවත්සරයදා එනම් 24 වැනිදා අලුයම 2.00ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඔවුන්ගේ එකම සිඟිති දි ය ණි ය තනිකර දමා මෙලොවින් සමුගෙන ඇත. මි යගිය ධනංජය අනුරාධ මහතා සහ ඔහුගේ බිරියටත් පස් හැවිරිදි කුඩා දි ය ණි ය ට ත් එකවරම උණ රෝගය වැලඳී ඇති අතර තිදෙනාම රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තිදෙනාටම කො විඩ්-19 වැලඳී ඇතැයි තහවුරු වී ඇත. එහිදී ලබාදුන් ප්‍රතිකාරවලින් දි ය ණි ය ට රෝගය සුව වූ නමුත් ඔවුන් දෙදෙනාට සුවයක් නො ලැබුණු බැවින් ඔවුන් දෙදෙනා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කර ඇත.

රාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඉකුත්දා (19දා) නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඇතුළු වී ඇති ධනංජය සහ බිරිය 22 වැනිදා තෙක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන ඇත. 22 වැනිදා සවස 6.00ට පමණ ධනංජයට හුස්ම ගැනීමේ අ පහසුතාව වැඩිවී ඇති අතර ඔහුව රාගම පෞද්ගලික රෝහලෙන් වැලිසර කො විඩ්-19 රෝහලට මාරු කර යවා ඇත. එදිනම රාත්‍රි 10.30ට වැලිසර රෝහලේදී ලක්ෂ සංඛ්‍යාත ද රුවන්ට පුරා වසර 15ක් ඉංග්‍රීසි භාෂාව ඉගැන් වූ ආදරණීය ධනංජය සර් ජීවිතයෙන් සමුගෙන ඇත.

ඒ වන විට කො විඩ්-19 රෝගියකු ලෙස සිය නිවෙසේ නිරෝධායනය වෙමින් සිටි අංජලී පෙරේරා සිය සැමියාගේ වියෝව ඇසීමෙන් මහත් කම්පනයට පත්වීමෙන් ඇයව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර 24 වැනිදා අලුයම 2.00ට පමණ ඇයද අවසන් ගමන් ගොස් ඇත. මි යගිය ධනංජය අනුරාධ ගුරු පියාණන්ගේ අවසන් කටයුතු 24 වැනිදා බියගම උඩුපිල, සියඹලාපෙවත්ත ආදාහනාගාරයේදී සිදුකර ඇති අතර ඔහුගේ බිරිය අංජලී පෙරේරාගේ ආදාහන කටයුතු 26 වැනිදා උදේ 10.30ට තලවතුගොඩ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇත.

ධනංජය අනුරාධ මහතාගේ වියෝවෙන් තැවෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ හිතවතුන් අතර සිටින ප්‍රවීණ ගණිත ගුරුවරයකු මෙන්ම මාධ්‍යවේදියකුද වන පියල් සෙනෙවිරත්න මහතා පැවැසුවේ “කො විඩ්-19 මා ර යා රැගෙන ගිය ධනංජය මිනිසත්කමින් පරිපූර්ණ වූ අයකු බවයි.” ධනංජය කියන්නේ සුවහසක් ද රු ව න් ට තාත්තෙක්. එයා ඉගැන්නුවේ අපේ රටේ අනාගතේ භාරගන්න ඉන්න තරුණ පිරිසට. ඒ ද රු වො අතර මගේ පුතා චමෝද් එක්කෙනෙක්. වසර 15ක් කැප වුණේ ද රු වො අ කැ මැ ති වෙන ඉංග්‍රීසි භාෂාව ඔවුන්ට දෙන්න. දැනුම බින්දුවෙන් එන ද රු ව ත් සුද්දෙක් වගේ භාෂාව හසුරුවන තත්ත්වෙට ගේන්න එයා දක්ෂයි. මේ පාඩුව මකන්න කාටවත් බැ හැ. අද මේ වෙනකොට ධනංජයගෙන් ඉගෙන ගත්ත ළමයි ලෝකේ රටවල් පුරාම ඉන්නවා.

රටේ ලක්ෂ ගාණක් ද රු ව න් ට උගන්නපු මේ ගුරු පියාගේ එකම පුංචි සිඟිති ‍දෝණිට අද අම්මත් නෑ. තාත්තත් නෑ. කො විඩ්-19 ඇත්තෙන්ම මා ර යෙ ක්. මේ වගේ වටිනා ජීවිත රටට අ හි මි වීම දරාගන්න බැ රි පාඩුවක්” යැයි පියල් සෙනෙවිරත්න මහතා පැවැසීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්