Feb
24

ගණිත අංශයෙන් උසස් පෙළට පෙනී සිටින නාඩ්ගම්කාරයෝහි අධ්‍යක්‍ෂකතුමාගේ පුතු – ශාරද්

 
1148 Views
   
 

මේ දිනවල ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත් සුවිශේෂ ටෙලි නිර්මාණයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන නාඩ්ගම්කාරයෝ ටෙලි නිර්මාණය. ඉතින් මේ ටෙලි නිර්මාණය ඔස්සේ මේ දිනවල ජනප්‍රියත්වයට පත් චරිතයක් ගැන තමයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ “නාඩගම්කාරයෝහී“ කුකුළා මුදලාලිගේ ගෙදර අත් උදව්වට සිටින “රත්නේ” නම් කොලු ගැටයාගේ චරිතය නිරූපණය කරන ශාරද් ගැනයි

කොහොමහරි ඉතින් ශාරද් කියල කියන්නේ නාඩගම්කාරයෝ අධ්‍යක්‍ෂ ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන්ගේ පුත්‍රයායි. ඇත්තෙන්ම ඔහු වර්තමානයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙකු බව ඔහුගේ රංගනයන් රසවිදින ඔබත් පිළිගනු ඇති. කොහොම නමුත් වර්තමානයේ රත්නේ ලෙසින් මෙරට ජනප්‍රියත්වයට පත් ඔහු කලා ක්ෂේත්‍රයට පිවිසෙන ආකාරය ගැන කතා කරනවානම් වයස අවුරුදු නමයක් වැනි ඉතා ළාබාල අවධියේදී තමයි ඔහු කලාවට පිවිසෙන්නේ

එලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු සිය පවුලෙන් ලද ආභාෂය තවදුරටත් ඔපමට්ටම් කර ගනිමින් මේ වන විට ක්ෂේත්‍රය තුළ සාර්ථක දුරක් පැමිණ තිබෙන යොවුන් රංගන ශිල්පියෙකු හැටියට හදුන්වන්න පුලුවන්. මේ අතර ටෙලි නිර්මාණයට අමතරව “ 5 සමත් ” වැනි චිත්‍රපට හරහා ද සිය රංගන හැකියාව පෙන්නුම් කළ ඔහු රංගනයට අමතරව “පතොක් මල්”, “money for life” වැනි කෙටි චිත්‍රපට නිර්මාණයන්ටද සිය දායකත්වය ලබාදෙමින් හොඳම වෘත්තාන්ත කෙටි චිත්‍රපටය, හොඳම කැමරාකරණය, හොඳම තිර පිටපත, හොඳම නළුවා, හොඳම නිෂ්පාදනය වැනි විවිධ අංශයන්ගෙන් සම්මානයට ද පාත්‍ර වූ නිර්මාණයන් බිහිකල නවක රංගන ශිල්පියෙකු බවයි අපට දැනගන්න ලැබුණේ

කොහොම නමුත් ඔහුගේ පියා මෙරට ඉන්න දක්ෂ තිර පිටපත් රචකයකු වන අතර සිය පියාගෙන් ඔහුගේ රංගන වැඩකටයුතු සදහා විශාල සහයක් ලැබෙන බවයි ඔහු කියන්නේ. කෙසේවෙතත් මව පියා සහ බාල සොහොයුරකු ගෙන් යුත් පවුලේ පළමු ළමයා ලෙස මෙලොව එළිය දකින ඔහු මේ වන විට නුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන බවයි කියන්නේ

ඒ විතරක් නොවෙයි දෙරණ නාලිකාවේ විකාශය වුණු “අත්තම්මා” ටෙලි නිර්මාණය හරහා රංගනයට පා තබමින් මේවෙද්දී නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වයට පත්ව අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යමින් බොහෝ අංශයන්ගෙන් දස්කම් දක්වන මේ ජනප්‍රිය, යොවුන් රංගන ශිල්පියාගේ අනාගත බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්