Dec
18

වසර දෙකක් ගෙවී ගොසිනුත් තවමත් අවසානයක් නැති වසංගතය

 
1899 Views
   
 

එන්නත්කරණ වැඩපිළිවෙළ දියත් වීමේදී ලොව රටවල් අතර තවමත් දැඩි වෙනස්කම් පවතී. ලොව රටවල් 41කටම තවමත් සිය ජනගහනයෙන් 10%කටවත් එන්නත් දීමට හැකි වී නොමැත. රටවල් 98ක්ම ජනගහනයෙන් 40%ක් එන්නත් කිරීමේ ඉලක්කයටවත් ළඟා වී නැත.

WHO ප්රධානී ටෙඩ්රොස් ඇඩ්නොම් අවධාරණයෙන් පවසන්නේ අසමානාත්මතාව තුරන් කිරීමට ලෝකයට හැකි නම් වසංගතය ද අවසන් කිරීමට හැකි වනු ඇති බවය. අසමානාත්මතාව පෙරට ගෙන යන්නේ නම් වසංගතය ද ඉදිරියට යනු ඇත. ඔහු තව දුරටත් ලෝකයෙන් ඉල්ලා සිටින්නේ එන්නත්කරණය පිළිබඳ සෑහීමකට පත් වී මුව ආවරණ පැලඳීමෙන් වැළකීම, දුරස්ථභාවය පවත්වා නොගැනීම, හොඳින් දෑත් සේදීමෙන් වැළකීම වැනි ක්රියාවලට නොපෙලඹෙන ලෙසය.

ආරක්ෂාව සලසා ගත හැකි වන්නේ මේ සියල්ලම එකාකාරව ක්රියාත්මක කිරීම මඟිනි. වසංගතය යම් පාලනයකට නතු කිරීමට හැකිවීමත් සමඟ සංචාරක ව්යාපාරයේ වර්ධනයක් දක්නට ලැබිණි. එසේ වුවද ඔමික්රොන් ප්රභේදය මතුවීමත් සමඟ යළිත් යම් අස්ථාවර තත්ත්වයක් ඇති වී තිබේ. දකුණු අප්රිකාව ඇතුළු අප්රිකා රටවලට තවමත් බොහෝ රටවල දොරටු වැසී තිබේ.

මෙම උත්සව නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන ගුවන් මඟී සංඛ්යාව 2020ට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ යනු ඇතැයි අමෙරිකාව ගණන් බලා තිබිණි. එම ඉලක්ක සපුරා ගැනීමට ද ඔමික්රොන් බාධකයක් වන බව දැන් පෙනෙන්නට ඇත. බ්රිතාන්ය බලධාරීන් පෙන්වා දෙන්නේ වසංගත තත්ත්වය තුළ එරට මුහුණදී ඇති බලවත්ම තර්ජනය ඔමික්රොන් බවය. එහි බලපෑම දරුණු වී ඇති තරම අනුව බ්රිතාන්ය ජනයා බූස්ටර් මාත්රාව ගැනීම කෙරෙහි උනන්දු වන බව එන්නත්කරණ මධ්යස්ථාන අසල ඇති දිගු පෝලිම්වලින් පැහැදිලි වේ.

කොවිඩ්-19 වසංගත ව්යාප්තිය ඇරැඹීමෙන් පසු මේ දක්වා බ්රිතාන්යයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්යාව 170,000 ඉක්මවා තිබේ. එය යුරෝපයෙන් වාර්තා වන ඉහළම එවැනි මරණ ගණනය. මේ වන විට වාර්තා වී ඇති ඔමික්රොන් ආසාදිතයන් ගණන 5300ට අධිකය. සෞඛ්ය බලධාරීන්ට ඔමික්රොන් අභියෝගයට මුහුණ දීමට සිදුව ඇත්තේ ඩෙල්ටා ප්රභේදය තවදුරටත් ව්යාප්ත වීම වළක්වා ගනිමින් සහ ඩෙල්ටා ප්රභේදය හේතුවෙන් ඇති වන මරණ සංඛ්යාව ද අවම කරගන්නා අතරමය.

පසුගිය වසර මෙන්ම මේ වසර ද ගෙවී යමින් ඇත්තේ මෑත ඉතිහාසයේදී මනුෂ්ය වර්ගයා මුහුණුදුන් බරපතළම සෞඛ්ය අභියෝගය තවමත් අවසානයක් නොදැක තිබියදීය. එය පාලනය කර ගනිමින් සාමාන්ය දෛනික ජීවිත රටාවට පිවිසීමට තවත් කොපමණ කාලයක් ගත වේ දැයි නිශ්චිතව කිව නොහැකිය. නව ප්රභේද හා විකෘතීන් මතු වීම වසංගතයේ අවසානය තවත් පමා කරමින් ඇත.

කෙසේ වුව ද එන්නත්කරණ ඉලක්ක සාධාරණ ලෙස හා සමානාත්මතා මට්ටමකින් සපුරා ගැනීමට ලෝකයට හැකිවන කාල සීමාව අනුව හා මනුෂ්ය වර්ගයා වගකීම් සහගතව හැසිරෙන ප්රමාණයේ තරමට වසංගතය මෙල්ල කර ගැනීමට හැකි වනු ඇති බව පැහැදිලි කාරණයකි. එය ලබන වසර අවසන් වන විටත් ඊළඟ වසරට රැගෙන නොයාම සම්බන්ධයෙන් සමස්ත ලෝකය වෙතම වගකීමක් පැවරී තිබේ. කෙසේ වුව ද මෙහි අවසානය පිළිබඳ නිශ්චිතව පැවසීමට කිසිවකුටත් තවම හැකියාව නොමැති බව ද පැහැදිලි කාරණයකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්