Oct
23

“එක කාලයක් අහිංසක පෙම්වතා විදිහට රඟපෑවා. ඊළඟට දුෂ්ඨයා වුණා. දැන් පොලිස් නිලධාරියෙක්”

 
907 Views
   
 

ලංකාවේ ජනප්රිය රංගන ශිල්පියකු බවට පත්වීමේ අරමුණෙන් කොළඹට පැමිණෙන ඔවුන් නිරායාසයෙන්ම මාධ්ය ක්ෂේත්රය වෙත යොමු වෙනවා නිවේදකයකු ලෙස පියවරෙන් පියවර ඉදිරියට පැමිණි ඔහු මේ වන විටත් තම ඒකායන අරමුණු සාක්ෂාත් කරගෙන හමාරයි රංගන ශිල්පියකු නිවේදකයෙකු ටෙලි නිර්මාණ නිෂ්පාදකයකු මෙන්ම ව්යාපාරිකයෙකු ලෙස ක්ෂේත්ර ගණනාවකම කැපී පෙනෙන ඔහු අපි කවුරුත් හොඳින්ම හඳුනන විශ්ව ලංකා පණ්ඩිතරත්නයි

මේ දවස් වල මොනවද විශේෂ වැඩ කටයුතු ?

මේ දවස් වල සියත නාලිකාව ඔස්සේ විකාශනය වන ‘Encounter 2’ ටෙලි නිර්මාණයට නිෂ්පාදනයෙන් සහ රංගනයෙන් දායක වෙලා ඉන්නවා. අලුත් නිර්මාණයකට ආරාධනාවක් ලැබුණා. ඒ සඳහා රංගනයෙන් දායකවීමට සූදානම් වෙමින් ඉන්නවා. ඊට අමතරව නිෂ්පාදන කටයුතු නිවේදන කටයුතු සහ ව්යාපාරික කටයුතුත් සාමාන්ය විදිහට කරගෙන යනවා.

වෘත්තීයමය වශයෙන් මාධ්යයට යොමු වන්නේ කොයි කාලෙදි වගේද ?

මම මාධ්ය ක්ෂේත්රයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා. ඇතැම් අවස්ථාවල දී ප්රතික්ෂේප වීම් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මම කිසිම අවස්ථාවක උත්සාහය අතහැරියේ නැහැ. විවේචනයටත් ලක් වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් මම එම විවේචනයන් සාධාරණ විවේචනයන් කියලා දකින්නේ නැහැ. මොකද නවකයෙක් මුලින්ම ක්ෂේත්රයට සම්බන්ධ වෙනකොට කැපිලි කෙටිලි තියනවා. විවේචන දෝෂාරෝපණ එල්ල වෙනවා. ඒක අපි හැමෝම දන්නවා. මටත් ඒ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් මම ඒ කිසිම දේකට සැලුනේ නැහැ. සමහර අවස්ථා තිබුනණා මාධ්ය ක්ෂේත්රය මට හරියන්නේ නැහැ කියල හිතුන. නමුත් මගේ මවුපියන් වගේම බිරිය ඒ සෑම අවස්ථාවකදීම මට විශාල සවියක් වුණා.

ඇතැම් අවස්ථාවල දී ඩිෂුම් ඩිෂුම් වැඩසටහන සම්බන්ධව ප්රේක්ෂකයන් විවිධ අදහස් දක්වනවා නේද ?

ඒක මෙහෙමයි ආහාර වර්ග දෙකක් තියෙනවා. අයිස් ක්රීම් වලින් මුං ඇට වල ගුණය ගන්න බැහැනේ. ඩිෂුම් ඩිෂුම් වැඩසටහන කියන්නේ ගේම් ෂෝ එකක්. නාලිකාව තුළ දැනුමට බුද්ධියට සෞන්දර්යට ප්රමුඛතාව දෙන තව වැඩසටහන් තියෙනවා. ඒවායෙන් ගන්න දැනුම බුද්ධිය සහ සෞන්දර්යාත්මක රසය මේ වගේ විනෝදාත්මක වැඩසටහනකින් බලාපොරොත්තු වෙනවා නම් ඒක ගොන්කමක්. ඩිෂුම් ඩිෂුම් කියන්නේ විනෝදාත්මක වැඩ සටහනක් වුණත් චාරයක් නැති විදිහට ඇඳ පැළඳ ගෙන එන ක්ෂේත්රය තුළ නම කැත කරගත්ත පිරිස ගෙන්නන්නෙත් නැහැ. මම කියන්නේ ඒ වගේ වැඩසටහනකින් දැනුම බුද්ධිය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා.

ප්රේක්ෂකයන් විසින් කලාකරුවාව විවේචනය කරන තැනට පත් නොවී තමාගේ ප්රතිරූපයට හෝ වෘත්තීය ගෞරවයට හානියක් නොවන ආකාරයෙන් ක්ෂේත්රය තුළ හැසිරිය යුතුයි නේද ?

මම ගැන කතා කළොත් දවසින් දවස ප්රේක්ෂකයෝ වැඩි වුණා මිස අඩු වෙලා නැහැ. මම ප්රමුඛතාව ලබා දිය යුතු දේවල් කොටස් හතරකට වෙන් කර ගෙන තියෙනවා. එක මගේ පවුල. දෙක මගේ ආත්ම ගරුත්වය, නම්බුව, පෞරුෂත්වය. තුන මගේ රැකියාව සහ මිල මුදල්. හතර තමයි අනික් හැමදේම. මම කරන කියන දේ වලින් මගේ පවුලට යම්කිසි අගෞරවයක් හෝ හානියක් වෙනවා නම් මම කිසිසේත්ම ඒ දේවල් කරන්නේ නැහැ. පහුගිය කාලයේ එක්තරා දේශපාලන මඩ කණ්ඩායමක් මට මඩ ගහලා තිබුණා 15 හැවිරිදි දැරියක් අ ප යෝ ජ න ය කිරීමේ සිද්ධියකට ව්යාජ නාම ලේඛනයකට මගේ නමත් දාලා තිබුණා. නමුත් මට මාර සතුටක් තියෙනවා කිසිම ප්රේක්ෂකයෙක් මගෙන් ඇහුවේ නැහැ අයියේ ඔයාගේ නමත් තියෙනවා නේද කියලා. මොකද ඔවුන් දන්නවා මම එහෙම කරන්නේ නැහැ කියලා. මම තාමත් එදා හිටපු විදිහම තමයි. කොළඹ ජීවිතේට හුරු වුණාම එකතුවෙන යාලුවෝ කණ්ඩායමට ගැලපෙන විදිහට සැබෑ ජීවිතයට වඩා ඉහළ මට්ටමක ප්රතිරූපයක් නඩත්තු කරන්න වෙනවා. එතකොට තමයි ප්රශ්න ඇතිවෙන්නේ. 

මාධ්යවේදියෙකු ඕනෑම අවස්ථාවක ස්වාධීනව තම මතය ප්රකාශ කිරීමට නොපසුබට විය යුතුයි. නමුත් වර්තමානයේ අපි බොහෝ වෙලාවට දකිනවා පක්ෂග්රාහී විදියට කටයුතු කරන පාර්ශ්වයන්. මේ ගැන මොනවද කියන්න තියෙන්නේ ?

ඒකනම් කණගාටුවක් නෙමෙයි ඒක ඛේදවාචකයක්. ඒක ඇවිල්ලා අපේ සිස්ටම් එකේ තියෙන පට්ටම අවුලක්. අපේ රටේ දේශපාලනඥයා කියන්නේ ජනතාව විසින් සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරපු චරිතයක්. හැමෝම ප්රාර්ථනා කරන්නේ 225ම නැත්තටම නැති වෙලා යන්න කියලනේ. එහෙම ප්රතික්ෂේප වෙච්ච දේශපාලනඥයා ගාව කලාකරුවා ගිහින් දණින් වැටෙනවා කියන්නේ මාරම ඛේදවාචකයක්. මිනිස්සු ඊට පස්සේ කලාකරුවාව සත පහකට ගණන් ගන්නේ නැහැ. පහුගිය කාලේ මේ පවතින ආණ්ඩුව බලයට ගේන්න අපේ ජේෂ්ඨ ප්රවීණ කලාකරුවෝ කීදෙනෙක් නම් කඩේ ගියාද ?

කලාකරුවෙක් උනාම කෙලින් කතා කරන්න කොන්දක් තියෙන්න ඕන. මම අද වෙනකන් කිසිම දේශපාලන පක්ෂයකට කඩේ ගිහිල්ලත් නැහැ. යන්නෙත් නැහැ. එහෙම යන්න අවශ්යතාවයකුත් නැහැ. දේශපාලනයට සම්බන්ධ පාර්ශව කොතරම් හිතවත් උනත් මම එයාලගේ මතය වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. මම තාත්තා කෙනෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න වෙනුවෙන් මම රට ගොඩනගන්න කලාකරුවෙකු වශයෙන් දායක වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. පාට පක්ෂ පැත්තකට දාලා වැරැද්ද නම් වැරදියි කියන්න කලාකරුවෙක්ට වගේම සාමාන්ය මිනිසුන්ටත් කොන්දක් තියෙන්න ඕන. කලාකරුවා දේශපාලනඥයා ගාව හතරට පහට නැමුණා කියලා කලාවට වෙච්ච සෙතක් තියෙනවද ? එහෙම නැවුණු අය අද වෙද්දි එක එක සංස්ථා සභාපතිකම් එක එක ආයතනවල මුල්පුටු අරගෙන එයාලගේ වැඩ ටික කරගෙන යනවා. කාලයක් තිස්සේ අමාරුවෙන් ගොඩනගාගත්ත ගෞරවය කලාකරුවෙක් විදිහට ලබා ගත්ත ප්රේක්ෂක ආකර්ෂණය ප්රතික්ෂේප වෙලා ම’ ර ණා ස න් න වෙලා ඉන්න දේශපාලනඥයා ගාව උකස් කරනවා කියන්නේ ඛේදවාචකයක්.

ගිනි අවි සහ ගිනි කෙලි ටෙලි නිර්මාණය තුළ ඔබේ රංගනය වෙනුවෙන් ඉහළ ප්රේක්ෂක ප්රතිචාර හිමි වුණා ?

ඒ ගැනත් මතක් කරමු. ගිනි අවි සහ ගිනි කෙළි කියන්නේ මගේ කලා ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඒක තමයි මගේ පළමු වැනි ටෙලි නාට්ය නිෂ්පාදනය. මම රංගනයෙන් දායක වුණේ පොලිස් නිලධාරියකුගේ චරිතයකට. ඒකට ලැබෙන ප්රතිචාර අදටත් මාර හොඳයි. විදෙස් රටවල ඉන්න අපේ ප්රේක්ෂකයන් හරිම ඉහලින් ඒක අගය කරනවා. එකවුන්ටර් නාට්යයේත් ලඟදීම රූගත කිරීම් ආරම්භ කරන නාට්යය චිත්රපටයකත් පොලිස් නිලධාරියකුගේ චරිතය තමයි රංගනයෙන් දායක වෙන්නේ. එක කාලයක් අහිංසක පෙම්වතා විදිහට රඟපෑවා. ඊළඟට දුෂ්ඨයා වුණා දැන් පොලිස් නිලධාරියෙක් විදියට රංගනයේ යෙදෙනවා.

මොනවද ඉදිරි සැලසුම් ?

එහෙම ලොකුවට සැලසුමක් නැහැ මනුස්සයෙක් විදිහට මට ළඟා කරගන්න අවශ්ය වුණු බොහෝ දේවල් මම ළඟා කරගෙන ඉවරයි මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා මට හොඳ බිරිඳක් ඉන්නවා මම හරිම ආඩම්බරයෙන් කියනවා මම අද මෙතන ඉන්නෙ ඇය නිසා මම අද ප්රධාන පෙළේ නාලිකාවක ජ්යෙෂ්ඨ විධායක නිලධාරියෙක් විදියට වැඩ කරනවා.

පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත් ?

මගේ බිරිඳ දිලුනිකා. ලොකු පුතා අකේන්. පොඩි පුතා වෙනුක්. බිරිඳ රැකියාවක නියැළෙනවා. එයාලා තමයි මගේ හැමදේම. ඔවුන් තමයි මගේ හොඳම ප්රේක්ෂකයන් ත්රිත්වය. ඉතින් එයාලා වෙනුවෙන් තාත්තා කෙනෙක් සහ සැමියෙක් විදියට මට කරන්න පුළුවන් හැමදේම කරනවා.

උපුටාගැනීම මව්බිම හදගැස්ම අතිරේකය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්