Dec
11

ආනයන තහනම මැද වරායට ගොඩ බෑ කෝටි 8 සැප වන්ඩිය මෙන්න

 
2083 Views
   
 

වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක ටොයෝටා ලෑන්ඩ්කෲසර් 300 වර්ගයේ නවතම මෝටර් රථයක් අද හම්බන්තොට වරායෙන් මෙරටට ගොඩබා තිබෙනවා.

අති සුඛෝපභෝගී රථයක් වන මෙහි තීරු බදු රහිත මිල රුපියල් කෝටි එක හමාරකි.

බදු සමග මිල රුපියල් කෝටි 8කි.

මේ පිළිබඳව ඡායාරූප සමාජ මාධ්ය තුල සංසරණය වීමත් සමග තහනම මධ්යයේ මෙම සැප වාහනය ආනයනය කෙරුණේ කෙසේද යන්න පිළිබඳව සමාජයේ දැඩි ප්රශ්නයක් මතු වූවා.

ශ්රී ලංකා රේගුව පවසන පරිදි මෙම මෝටර් රථය ආනයනය කර ඇත්තේ තානාපති වරප්රසාද යටතේ ය.

ඒ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහායි. තානාපති වරප්රසාද යටතේ තානාපති කාර්යාල සඳහා නව රථවාහන ගෙන්වීම සඳහා කිසිදු බාධාවක් මේ වන තෙක් පනවා නොමැත.

ඒ අනුව මෙම ප්රශ්නගත වාහන ගෙන්වා ඇත්තේ විශේෂ වරප්රසාදයක් යටතේ බව පැහැදිලිය.

01.

02.

03.

04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්