Sep
9

වසංගතයෙන් පීඩා විදින සමයක මලවුන්ගෙන් ගසාකන ජාවාරමක් (වීඩියෝ)

 
606 Views
   
 

කො විඩ් වසංගතයෙන් පීඩා විඳින ජනතාව සහ සෞඛ්‍ය අංශ යා කරන පාලමක් වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. එහෙත් ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කො විඩ් ම රණ ආදාහනයේදී කූට ලෙස මුදල් උපයන බවට චෝදනා එල්ලවනවා. කො විඩ් ඩෙල්ටා ප්‍රභේදය දිවයින පුරා පැතිර යාමත් සමග කො විඩ් ආසාදිතව සිදුවන ම රණ සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. කො විඩ් ම රණ පිළිබඳ දත්ත අනුව අදවන විට කො විඩ් ආසාදිතව සිදුවන දෛනික පුද්ගල ම රණ ගණන 150ත් 200ත් අතර වනවා.

මෙම වෛරසයේ ප්‍රබලත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල කො විඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මෘත දේහයක් කඩිනමින් ආදාහනය කළ යුතුයි. එම කටයුතු වඩාත් පහසුවෙන් හා අඩු වියදමකින් සිදුකර ගැනීමට අවශ්‍ය නිදර්ශකද හඳුන්වාදීමට විවිධ ආයතන පසුගිය කාලය පුරා පියවර ගෙන තිබුණා. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව හඳුන්වාදුන් කාඩ් බෝඩ් මි නී පෙට්ටියට ඒ අතරින් එකක්. කෙසේ වෙතත් ලැබෙන ඕනෑම අවස්ථාවකින් තම මඩිය තරකර ගැනීමට පමණක් කටයුතු කරන කූට ජාවාරම්කරුවන්ට කො විඩ් ආසාදිව සිදුවන මරණද ඉල්ලමක් බවට පත්වී ඇති බව අපට වාර්තා වුණා.

මෙහි ඇති ඛේදජනකම සිදුවීම වන්නේ මහජනතාවගේ සෞඛ්‍යයේ සමීප ආරක්ෂකයා ලෙස කටයුතු කරන හෙවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතරින් ඇතැමුන් මෙම කූට ජාවාරම් සිදුකරන බවට චෝදනා එල්ලවීමයි. කො විඩ් වසංගතයත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක භූමිකාවට සමාජය තුළ ඉහළ අවධානයක් මෙන්ම ප්‍රසාදයක්ද හිමිවුණා. ඒ, කොවිඩ් වෛරසය මර්දනය කිරීම උදෙසා ඔවුන් ජනතාවට ඉතාමත් සමීපව කටයුතු කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් කොවිඩ් ම රණ ආශ්‍රිත කටයුතුවලදී ඔවුන්ට මේ එල්ලවන චෝදනාව එතරම් සුළුපටු නැ හැ. කො විඩ් වසංගතය හමුවේ සංචරණ සීමා හා සෞඛ්‍ය මාර්ගෝපදේශ ආදී කරුණු හේතුවෙන් රටේ ආර්ථිකය මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ආර්ථික සවියද ඉතා පහළ මට්ටමකට පත්ව ඇති බව නො රහසක්. එවන් පසුබිමක කො විඩ් මා ර යා ට බි ලි වන පුද්ගලයෙකුට සිය පවුල හැරදා අවසන් ගමන් යන්නට සිදුව ඇත්තේ කූට වංචාවකටද හසුව වීම කනගාටුවට කරුණක්. මා රා න්තික වසංගතයක් හමුවේ එයින් ජනතාව මුදාගැනීමේ වගකීම හිමි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ම ළ වුන්ගෙනුත් ගසා කෑම වසංගතය තුරන් කිරීමට වඩා මනුෂ්‍යත්වය ම රා දැමීමක් නො වන්නේ ද?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්