Feb
19

තවමත් තනිකඩ දිවියක් ගතකරන යශෝධා විමලධර්ම ආදරවන්තයින්ගේ දිනය දා මුහුණු පොතේ තැබු අමුතු සටහන

 
962 Views
   
 

යශෝධා විමලධර්ම කියල කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම මීට වසර ගණනාවකට පෙරදී සිය රංගන දිවිය ආරම්භ කරන ඇය සිනමා ක්ෂේත්‍රය තුළ ඉතාමත් සුවිශේෂ වු ගමනක් යනවා. කොහොමහරි ඉතින් මේ නිහතමානී රංගන ශිල්පිනිය ගැන කතා කරනවානම් ඇය උපත ලබන්නේ 1970 ඔක්තෝබර් 28 වෙනිදායි. ඇගේ පියා කැලණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂා කථිකාචාර්යවරියක් වන රවිලාල් විමලධර්ම මහතායි. ඇගේ මව මල්ලිකා විමලධර්ම යි. ඇය හිටපු නර්තන ශිල්පිනියක සහ පාසල් ගුරුවරියක වෙනවා

ඒ වගේම ඇයට එක් සහෝදරියක් සිටිනවා. ඇය තමයි තුෂිතා. ඇය යශෝධාට වඩා අවුරුදු හතක් වැඩිමල්ය. කොහොමහරි ඉතින් යශෝධාව අපට අපේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය වගේම ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පිනියක් හැටියට හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඇය මේ වනවිට මැදි වයසේ තමයි පසුවෙන්නේ. මේ අතර බොහෝ දෙනෙකු යශෝධාගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි විවාහ නොවෙන්නේ කියන එක. නමුත් ඊට යශෝධා නම් මේවෙනකම් පිළිතුරු ලබාදීල නැහැ

කෙසේවෙතත් පසුගිය දිනට යෙදී තිබුණු ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඇගේ සමාජ ජාලා මාධ්‍ය ගිනුමට අපූරු සටහනක් එක්කර තිබුණා. ඇය ගීතයක පද පේළි ඇසුරෙන් තමයි මේ විදිහට සටහනක් එක් කර තිබුනේ

” වැලන්ටයින් වැලන්ටයින් වැලන්ටයින් ඔබේ නම කියන් බොළඳ පෙම්වතුන් පෙම්සුව විඳිනයුරු බලන්  ඔබ ද රවටමින් උනුන් රැවටෙමින් පෙමින් පැටලෙමින් රඟනා නළුව කිම කියන්   වසරක් පාසා ඔබ ව මතු කරන් හදෙහී අඳිනා පෙම් ජල රේඛා  සැඟවෙයි සැණෙකින්
වසරෙම පර වූ හද පෙම් කුසුමන් දිනෙකින් පිපෙනා අරුමය පවසන්  කඩ පොළ ගානේ විකිණෙන ප්‍රේමේ  හද සන්තානේ නැහැ නොවැ රැඳුණේ පූජනීය වූ ප්‍රේමේ නාමෙන් යළි නොඑනු මැන අපේ කොදෙව්වට ”

කොහොමහරි ඉතින් මේ විදිහට තමයි යශෝධා විමලධර්ම වැලන්ටයින් එක වෙනුවෙන් සටහනක් එක්කර තිබුනේ. මේ අතර ඇයඑක්කළ සටහනට ඇගේ රසික ජනයාගෙන් හිමිව තිබුනේ ඉහළ ප්‍රතිචාරයකුයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්