Oct
23

ශ්‍රී ලංකාවට ඇමරිකානු පේටන්ට් බලපත්‍ර අනුමැතිය

 
671 Views
   
 

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය නිපදවූ පරිසර හිතකාමී පොහොර සඳහා ඇමරිකානු පේටන්ට් බලපත්‍ර 4ක් හිමි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්‍ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය පවසයි. වැඩිදියුණු කරන ලද එම පොහොර සාම්පල සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තවත් ප්ලේටන් බලපත්‍ර දෙයක් හිමිවී ඇති බව ඇය පවසයි. නැනෝ පොහොර වල ඇති විශේෂත්වය වන්නේ පාවිච්චි කලයුතු ප්‍රමාණය ඉතාමත් සුළු ප්‍රමාණයක් වන අතර, ගහකට අවශ්‍ය ප්‍රමාණය කොපමණද යන්න තීරණය කිරීමෙන් පසු ගසට යෙදීමෙන් සිදුවන පරිසරය හානිය ඉතාමත් අවමයි. මන්ද සියලු පොහොර ගසට උරා අවසන් බැවින් ජලය හරහා පරිසරයට ඇතුල් වීමක් සිදුවන්නේ නැති තරම්‍ ය.

මෙම නැනෝ පොහොර පසට පමණක් භාවිත කරන පොහොරක් වන අතර මෙහි නයිට්‍රජන් ප්‍රමාණය 40% ක් දක්වා ප්‍රමාණයකට ගෙන ඇත.මෙහි යූරියා වලට ආසන්න නයිට්‍රජන් ප්‍රමාණයක් ඇති බැවින් , ගොවීන් හට යූරියා යොදන ආකාරයටම මේවාද යෙදිය හැක. දැනට මෙමෙ නැනෝ පරිසර හිතකාමී පොහොර සඳහා ඇමරිකානු පේටන්ට් බලපත්‍ර කාර්‍යාලයෙන් බලපත්‍ර 3 ක් අනුමත වී ඇති අතර අනෙක සඳහා බලපත්‍රය ලැබී අවසන්.මෙම පේටන් බලපත්‍රය ලංකාවට ඇමරිකානු පේටන්ට් කාර්‍යාලයෙන් ලැබුණු පළමු පේටන්ට් බලපත්‍රය වේ .

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය ට මේ වනවිට දිනකට 100kg ක ප්‍රමාණයක් දැනට නිශ්පාදනය කිරීමට හැකියාව ඇත.මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ මෙම නැනෝ පොහොර ඔස්සේ නයිට්‍රජන් වලට අමතරව ගහට අවශ්‍ය පොස්පරස් ප්‍රමාණයද ලබාදීමට හැකියාව ඇත. දිනෙන් දින නව සොයාගැනීම් සඳහා අති දක්ෂ පිරිසක් අප රටෙහි සිටින අතර , මෙවැනි විද්වතුන්ගේ සහයෝගයෙන් ගැටලු ඇති ඇතැම් ප්‍රශ්ණ සඳහා නිසි විසඳුම් ලැබෙනු ඇත. අනාගතයේ ද මෙවැනි අලුත් දේ සොයා යන ගමන ඉදිරියටම නොනැවතී ගමන් කරනු ඇත. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්