May
23

ජුනි අවසන් වනවිට කොවිඩ් පාලනය කරනවා, දෙසැම්බර් අවසන් වනවිට කොවිඩ් අවසන් කරනවා – SPC සභාපති.

 
2338 Views
   
 

එළඹෙන ජුනි මස අවසානය වනවිට මෙරට කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරමින් රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීමටත් දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට අවශ්‍ය සියලුම කොවිඩ් එන්නත් ප්‍රමාණය ලබාදී මෙරට කොවිඩ් මර්දනය සාර්ථකව අවසන් කිරීමටත් අවශ්‍ය සියලුම පසුබිම දැනටමත් සකස් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

“මේ වෙනකොට අපේ රටේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව අපේ රටට අවශ්‍යයි එන්නත් මාත්‍රා මිලියන 29ක් ලංකාවෙ අවුරුදු 20ට වැඩි අයට එන්නත් කරන්න. අපි මේ වෙනකොට සයිනොෆාම් එන්නතේ මිලියන 14ක් ස්පුට්නික් එන්නතේ මිලියන 13ක් ෆයිසර් එන්නතේ මිලියන 5ක් ඇතුළුව මිලියන 32ක් මේ වෙනකොට අපි ස්ථිර කරගෙන තියෙනවා ලංකාවට ගේන්න මේ අවුරුද්ද ඇතුළත, මේ දෙසැම්බර් 31 වෙනිදා වෙන්න කලින්.

එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් අපෙ අවශ්‍යතාවයට වඩා මිලියන 3ක් වැඩිපුර අපි කරලා තියෙනවා. ඊට අමතරව අපි දැනට දීලා තියෙනවා මිලියන 1කට එන්නත්. එතකොට ඇත්තටම එන්නත් මිලියන 33.2ක් දෙන්න පුළුවන් තත්වයේ තියෙන්නෙ. 29යි අපට අවශ්‍යය.

මේක ජුනි මාසෙ වෙනකොට අපි දන්නවා සයිනොෆාම් එන්නතෙන් ඒගොල්ලො පොරොන්දු වෙච්ච මිලියන 3ක ප්‍රමාණයත් ස්පුට්නික් එන්නතේ මිලියනයකට ආසන්න ප්‍රමාණයත් ආවාම අපි දන්නවා ජුනි මාසෙ අග විතර වෙනකොට අපිට ලංකාවෙ සෑහෙන ප්‍රමාණයකට මේ එන්නත ලබාදුන්නොත් මේ රෝගය ව්‍යාප්ත වීම අපට ජුනි මාසෙ අග වෙනකොට අඩු කරගන්න පුළුවන්. මේ ලංකාවට මේ අවුරුද්ද තුළදී සියලුම එන්නත් ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කරලා ඉවරයි ජනාධිපතිතුමනි. ඒ කාලය දක්වා ක්‍රමානුකූලව ටික ටික මේ ලෙවල් ත්‍රී රෙස්ට්‍රික්ෂන් ටික අපට මේන්ටේන් කරගන්න පුළුවන් වුණොත් ඒ එන්නත් දෙන දෙන ප්‍රමාණය අනුව අපට මේ රට ටික ටික විවෘත කරන්න පුළුවන් වුණොත් ජනාධිපතිතුමනි මං හිතන්නෙ මේ කාර්ය සාධක බලකායෙ ඔබතුමා ගෙන ගිය සම්පූර්ණ බරපතළ කාර්යයේ අවසානය අපට සාර්ථක විසඳන්න පුළුවන්” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීම අමතමිනි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්