Mar
22

දිනිති වල්ගමගේ ‘The Voice’ එකෙන් ඉවත් වුණ ඇත්තම හේතුව

 
2162 Views
   
 

සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අන්තර්ජාතික වැඩසටහනක් වන The Voice’ මේනවිට බොහෝ දෙනාගේ ආදරයට පත් වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. එම වැසටහනේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලැබුවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ විසිනි. ඇය විසින් මෙම වැඩසටහන ඉතාමත් ආකර්ෂණීය ලෙස මෙහෙයවනු ලැබීය. ඇයගේ නිවේදන කටයුතු පිළිබඳව බොහෝ දෙනාගේ ප්‍රශංසා හිමිවිය.

කෙසේ නමුත් ඇය එම වැඩසටහනට සමුදුන්නේය. ඒ සඳහා කාරණා දෙකක් තිබේ.  එයින් පලවෙනි කාරණාව වූයේ ඇයගේ වෘත්තීයයි. ඇය වෘත්තීමය වශයෙන් ගුවන් සේවිකාවකි. එම හේතුවෙන් ඇයගේ රැකියාවේ කටයුතු නැවත ආරම්භ කිරීම නිසාවෙන් ඇය මෙම වැඩසටහනට සමු දී තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපල හි වැඩකටයුතු තාවකාලිකව නවතා තිබූ අතර, මෙම මස සිට එය නැවත යථා තත්ත්වයට පත් ව තිබේ. එම හේතුවෙන් නැවත ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට නියමිත බැවිනි ඇය තම රැකියාව සඳහා පෙනී සිටීමට අවශ්‍ය විය.

එමෙන්ම දෙවැනි කාරණාව වන්නේ ඇයගේ මෙම වැඩසටහන තුළ ගිවිසුම තිබුණේ Blinds සඳහා පමණි. එය අවසන් වීමත් සමග ඇය නැවත ගිවිසුම අලුත් කිරීමට නොහැකි වුයේ ඇයගේ රැකියාවේ වැඩකටයුතු නැවත ආරම්භ වීමත් සමගිනි.

රැකියාවට මුල් තැන දෙන ඇය මෙම කාරණාව හේතුවෙන් මෙම වැඩසටහනට සමුදී ඇති බවයි පැවසෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්