Nov
1

නව බල ශක්ති ඇමති ෂෙහාන් සේමසිංහට සුභ පැතුම්…!

 
2682 Views
   
 

ආණ්ඩුව දූෂිත යයි කියමින් රජය විවේචනය කළ උදය ගම්මන්පිල ඇමතිවරයා අදත් ආණ්ඩුව ඇතුළේ සිටින අතර එවැනි විවේචන සිදු කරමින් ඔහුට තවදුරටත් ආණ්ඩුවෙත් සිටිය නොහැකි බව රාජ්ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. කහටගස්දිගිලිය සීප්පුකුලම නගරයේ දී මාධ්යයට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

“අද සමහරු රජයේ සිටිමින්ම රජය විවේචනය කරනවා. එහෙම විවේචනය කරනවා නම් ඇයි මේ අය ආණ්ඩුව ඇතුළෙම ඉන්නෙ. ඒකයි අපට තිබෙන ප්රශ්නය. තුන්වැනි පාර්ශ්වයක් රජය ඇතුලට රිංගවීමේ සැලසුමකට අනුව මේ අය කටයුතු කරන බව මේ මොහොත වන විට පැහැදිලිවම පේන්න තිබෙනවා. අපේ සමගියට බලපෑම් කිරීමට තෙවැනි පාර්ශ්වයකට අවස්ථාව ලැබුණේ කොහොමද ? අපි කණගාටු වෙනවා ආණ්ඩුව තුළ වගකීම් දරන කණ්ඩායම් මේ ආකාරයට කටයුතු කිරීම ගැන.”

කව්රු වුවත් ආණ්ඩුව තුළ සිටිමින් එකඟතාව ආරක්ෂා කරනවා වගේම සතුරාට ආයුධ ලබා දීමෙන් වැළකී සිටීමත් ඉතාම වැදගත් කරුණක් යැයි ෂෙහාන් සේමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළා. LNG බලාගාරය සඳහා LNG සැපයීමේ ඒකාධිකාරිය ඇමරිකාවට ලබා දීමට එරෙහිව පසුගිය 29 වනදා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්රධානත්වයෙන් කොළඹදී පැවති මහජන මන්ත්රණ සභාව රැස්වීමේදී උදය ගම්මන්පිල මහතා කළ කතාව පිළිබඳව අදහස් දක්වමිනුයි ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමකදී ශෙහාන් මල්ලිගේ අනාගත බලශක්ති ඇමති පදවියට තමන් එක සිතින් සුභ පැතුම් එක් කරන බව ඒ මහතා පැවසුවා. තමන් කරනු ලැබුවේ සත්යවාදී ප්රකාශයක් බව වගකීමෙන් සඳහන් කරන්නේයැයිද උදය ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්