Oct
23

තෙල් ගේන්න රටවල් දෙකකට ඩොලර් මිලියන 4100 ක් ණය වෙයි

 
1059 Views
   
 

ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4100ක ණය ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ඕමාන් රාජ්‍යයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ය.

ඊට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ඉන්දියාවෙන් ලබා ගැනීමට සූදානමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉන්දියාවෙන් ඉහත කී ණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරයේ අනුමැතියට යොමු කර තිබෙන බව ය.

“මේ වන විටත් අපි ඉන්දියාව සමග ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සූදානම් කරගෙන එය භාණ්ඩාගාරයේ අනුමැතියට යවා තිබෙනවා. භාණ්ඩාගාරයෙන් මීළඟට අමාත්‍ය මණ්ඩල අනුමැතියට එය ඉදිරිපත් කරයි. ඒ වගේ ම ඩොලර් මිලියන 3,600ක ණයක් ඕමාන් රාජ්‍යයෙන් ලබා ගැනීමට අනුමැතිය හිමි වෙලා තිබෙනවා. මේ දවස්වල ගිවිසුම් සකස් කරමින් සිටිනවා. ඒ නිසා මේ මාසය තුළ ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වෙලා තියෙනවා. ඉන් පසුව අපිට මේ ලැබෙන ණය පහසුකම් හරහා ඉන්ධන ලබා ගැනීමට පුළුවන් නිසා විපක්ෂය සිහින මැවූ ඉන්ධන හිඟය ඇති වීමට කිසිසේත් ම හේතුවක් නෑ.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්