Dec
12

මැති ඇමතිවරු 40ක් රුපියල් කෝටියක ජල පොලු තියලා

 
1473 Views
   
 

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු ඉහළ දේශපාලඥයන් 40දෙනෙකු රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බව වාර්තා වේ.

එම පිරිසෙන් එක් දේශපාලකයකු ලක්ෂ 18ක තරම් හිඟ බිල්පත් ගෙවීමට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය දේශපාලන බලය භාවිත කර ගනිමින් ඔවුන් ජල බිල්පත් ගෙවීම් පැහැර හැර ඇති බවත් ඔවුන්ගෙන් බිල්පත් අය කර නොගත්තේ මන්දැයි යන්න ගැන අභ්යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් ඇති බවත් එම මණ්ඩලයේ පරකාශකයෙක් පැවසීය.

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු මන්තරීවරුන් විසිදෙනකු පමණද, පාර්ලිමේන්තු මන්තීරවරුන් ලෙස සිටි විශරාම වැටුප් ලබන මන්තරීවරු දහදෙනකුද මියගිය පාර්ලිමේන්තු මන්තරීවරුන් දහදෙනකුගේ නිල නිවාසද මෙසේ බිල් ගෙවීම් පැහැර හැර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ අතර පසුගිය 2020 වසරේ පෙබරවාරි මාසයේ සිට පසුගිය 2021 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ජල පාරිභෝගිකයන් රුපියල් කෝටි 821ක හිඟ ජල බිල්පත් ගෙවීමට ඇති බවද වාර්තා වේ.

 

සිරිමන්ත රත්නසේකර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්