Jul
12

මුහුණු පොත හරහා මිතුරිය අලෙවි කළ හොඳම මිතුරිය

 
7028 Views
   
 

අමාලි මාතර ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. වයස අවුරුදු 26 කි. පාසල් අධ්‍යාපනය නතර කර දැමූ ඇය ඇඟලූම් කර්මාන්තශාලාවක රැකියාවක් කළාය. ඇඟලූම් ක්ෂේත‍්‍රයේ වසර කිහිපයක පළපුරුද්දක් ඇයට තිබුණි.

වසර ගණනක පළපුරුද්දත් සමඟ ඉහළ වැටුපකට බියගම ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවයට ඇය පැමිණියාය. ඒ දැනට මාස කිහිපයකට ඉහතදීය. එලෙස පැමිණි ඇයගේ පළමු මිතුරිය බවට පත්වූයේ නදීකාය.

නදිකා වසර කිහිපයක සිටම එම ඇඟලූම් කර්මාන්ත ශාලාවෙහි සේවය කළාය. ඇය විවාහක කාන්තාවකි. වයස 32 කි. දෙදරු මවකි.

සති කිහිපයක් ගත වෙද්දී දෙදෙනාගේ මිත‍්‍රත්වය ඉතා දැඩි වූහ. එ අනුව නදීකා සහ අමාලි පවුලේ තොරතුරුවලට අමතරව තම තමන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගත්හ. දෙදෙනාගේ මිත‍්‍රත්වය ඒ තරම් දැඩි වූහ. එම ඇඟලූම් කම්හලේ අනෙක් සේවක සේවිකාවන්ද ඒ පිළිබඳව දැන ගත්හ.

නදීකාගේ ළමයි දෙදෙනා පවා අමාලිට දැඩි සෙනෙහසක් දැක්වූහ. දිනපතාම පාහේ අමාලි දුරකථනයෙන් එම ළමයින්ගේ දුක සැප සොයා බැලූවාය. ඇය නිවාඩු දිනයන් හිදී එම ළමයි බැලීමට ගියේ තෑගි බෝග ද රැගෙනයි.

නදීකා ද එලෙසමය. ලද සෑම මොහොතකම ඇය සිටියේ අමාලි සමග දුක සැප බෙදා ගනිමින්ය. තම ස්වාමි පුරුෂයාටත් නොකී දෑ පවා ඇය අමාලිට පවසා තිබුණි. විවේක දිනයන්හි දෙදෙනා විනෝද ගමන් පවා ගොස් තිබුණහ.

පසුගිය සතියේ දිනක කවුරුත් නොසිතූ මොහොතක දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වූහ. ඒ පෞද්ගලික ආරවුලක් හේතුවෙනි. හේතුව කුමක්ද යන්න කිසිවෙකු නොදනී.

එදින සවස් වන විට බහින්බස් වීම රණ්ඩුවක් දක්වා දුරදිග ගොස් තිබුණි. සේවය නිම කළ එළියට පැමිණි ඔවුන් දෙදෙනා කිසිවෙක් නොසිතූ ලෙස බැණගත්තේ ඉතාමත් පහත් ආකාරයටයි. දෙදෙනා අතර තිබුණු මිත‍්‍රත්වය මත කිසිදිනෙක මෙලෙස හැසිරෙතැයි කිසිවකුත් නොසිතූහ.

දෙදෙනාගේ රණ්ඩුව අනෙක් සේවක සේවිකාවන්ට මහත් ගැටලූවක් වූහ. ඔවුහු ඒ පිළිබඳව සොයා බැලූහ. එහෙත් කුමන හේතුවක් නිසා ඔවුන් දෙදෙනා රණ්ඩු සරුවල් වූවාද යන්න කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වූහ.

පෙරදින අඹ යහළුවන් සේ සිටි දෙදෙනා පසු දින සිටියේ හතුරන් දෙදෙනකු මෙන්ය. වැරදීමකින්වත් එකිනෙකාගේ මුහුණවත් බලා ගැනීමට තරම්වත් ඔවුන් උත්සුක නොවීය. එතැන් පටන් ඔවුන් හැසිරුණේ ආත්මීය ගත වෛරක්කාරයින් ලෙසින්ය.

”මට කරපු දේට මම ඒකිගෙන් පළිගන්නවා. කවදාවත් සමාවක් දෙන්නෙ නෑ. ඒකි දන්නෙ නෑ මම කවුද කියලා. මම ඕකිට මතක හිටින පාඩමක් උගන්වලා තමයි නතර වෙන්නෙ.” අමාලි නිතරම එලෙස සිතුවාය. දින සති ගණන් ඇය කල්පනා කළේ තම යෙහෙළියගෙන් පළි ගන්නා ආකාරයයි. ඒ අනුව දිනක් ඇය මෙලෙස සිතුවාය.

”නදීගේ නිරුවත් පින්තූර වගයක් මගෙ ළඟ තියෙනවානෙ. මම ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හදලා එයාගේ නමින්ම ඒ පින්තූර ටික දානවා. ෆෝන් නම්බර් එකත් දානවා. දාලා හම්බ වෙන්න ඕන නම් මට කෝල් කරන්නත් කියලා කියනවා. එතකොට හරිනෙ. රටම දැනගනීවි එයාගේ හැටි.”

”පොලිසි ගියත් මට ප‍්‍රශ්නයක් නෑ. ඒක හැදුවේ මම කියලා කවුරුත් දන්නෙ නැහැනෙ. ඕකිගෙන් පළි ගන්න නම් කරන්න ඕන ඔය වැඬේ තමයි. එතකොට ඕකි දැනගනීවි මම කවුද කියලා.”

නදීගෙන් පළි ගැනීම සඳහා එලෙස සිදුකරන බව ඇය තරයේම සිතා ගත්තාය. ඒ අනුව ඇය නදීගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සාදා තම ජංගම දුරකතනයේ තිබූ ඇයගේ නිරුවත් පින්තූර කිහිපයක් එයට එකතු කළාය. එතනින් නොනැවතුණු ඇය තමන් සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට කැමති නම් පහත අංකයට අමතන ලෙස දන්නවා නදීගේ ජංගම දුරකථන අංකය ද එක් කළාය.

පැය කිහිපයක් ගත වූ පසු නදීගේ නිරුවත් පිංතූර සහිත ෆේස්බුක් ගිණුම අන්තර්ජාලයෙන් විශාල පිරිසක් දැක තිබුණහ. ඉන්පසු එම පුද්ගලයන් නදීගේ ජංගම දුරකථනයට නොකඩවා දුරකථන ඇමතුම් ලබා දෙන්නට පටන් ගත්හ.

ලැබෙන විශාල ඇමතුම් ප‍්‍රමාණය නිසා එක්වරම ඇයට කිසිවක් සිතාගැනීමට නොහැකි වූවාය. එම ඇමතුම් ලබා දෙන පුද්ගලයින් සියලූ දෙනාම පාහේ පැවසුවේ ඇය සමග යහන්ගත වීමට කැමති බවයි. මද වේලාවක් ගත වූ පසු තමන් අපහසුතාවයට පත් කිරීමට කිසියම් දෙයක් සිදු කර ඇතැයි ඇයට අවබෝධ වූවාය. පසුව ඇය ඒ පිළිබඳ විපරම් කළ බැලූවාය. එහි දී දැනගන්නට ලැබුණේ තමාගේ නිරුවත් පිංතූර යොදා ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සාදා ඇති බවත් එහි තමාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර ඇති බවත්ය.

තමන්ට මෙවැනි දෙයක් සිදු කළේ කවුරුන්ද යන්න ඇයට එක් වරම සිතා ගැනීමට නොහැකි වූවාය. වැලහින්නක් මෙන් අඬමින් තමන්ට සමාජයට මුහුණ දීමට නොහැකි අයුරින් මෙවැනි සාහසික අපරාධයක් සිදු කළේ කවුරුන්ද යන්න ඇය දස අතේ කල්පනා කළාය. අවසානයේ ඇයට සිහි වූයේ තමාගේ නිරුවත් පිංතූර තිබුණේ අමාලිගේ ජංගම දුරකථනයේ බවයි. ව්‍යාජ ෆේස්බුක් ගිණුම සෑදීම සඳහා භාවිත කර තිබුණේ එම පින්තූරයි.

ස්ථිර වශයෙන්ම තමන් සමග තිබූ තරහට අමාලි මෙම අපරාධය සිදු කරන්නට ඇති බව ඇයට අවබෝධ වූවාය. ඒ අනුව ඇය පොලීසියට ගොස් තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව අමාලිට විරුද්ධව පැමිණිල්ලක් දැමුවාය.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු අමාලිව අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ”නදීකා සමග ඇතිවූ විරසකයට පළිගැනීමක් වශයෙන් ඇයගේ නිරුවත් පිංතූර සහ ජංගම දුරකථන අංකය දමා ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සෑදු බව” පැවසුවාය. ඒ අනුව අමාලිට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමට එම පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

නදීකාගේ නිරුවත් පිංතූර අමාලි ලබාගෙන තිබුණේ ඔවුන් මිතුරු වී සිටි කාලය තුළදීය. එලෙස ඔවුන් නිරුවත් පිංතූර ළඟ තබාගෙන සිදු කළේ කුමක්ද යන්න දන්නෙ ඔවුන් දෙදෙනාම පමණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්