Nov
4

කතරගම දේවාලයේ අතුරුදහන් වූ තැටිය ප්‍රධාන කපු මහතාගේ නිවසෙන් මතු වෙයි

 
4007 Views
   
 

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතෙකු විසින් පූජා කරන ලදැයි කියන ලද රන් බන්දේසියක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විධිමත් පරීක්ෂණයක් සිදුකර ගෙන යන අතරතුර දී කතරගම ප්රධාන කපු මහතාගේ නිවසේ එවන් රන් බන්දේසියක් තිබී හමුවී ඇතැයි කතරගම දේවාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එම රන් බන්දේසිය කපු මහතාගේ ඥාතියෙකු විසින් පරිපාලන ලේකම්වරයා වෙත භාරදී ඇති අතර පසුව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් කතරගම දේවාල කාර්යාල සේප්පුවේ තැන්පත් කර මුද්රා තබා ඇති බවත් වාර්තා වනවා. ඉකුත් 02 වැනිදාද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් හා පොලිස් නිළධාරීන් සමග බස්නායක නිලමේවරයාද එකතු වී නැවත එම බන්දේසිය සේප්පුවෙන් පිටතට රැගෙන පරීක්ෂාකර බලා නැවත එහි තැන්පත් කර තිබේ.

කෙසේ වෙතත් ප්රධාන කපු මහතාගේ නිවසෙන් හමුවූ එම රන් බන්දේසිය දේවාලයට පූජා කරන ලද රන් බන්දේසියමද යන්න සොයා ගැනීම සඳහාත්, සොයාගත් රන් බන්දේසියේ රත්රන් බර සොයා ගැනීම සඳහාත් විමර්ශනයක් සිදුකිරීමට මැණික් හා ස්වර්ණාභරණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් මේ පිළිබඳව කළ විමසීමකදී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසුවා. එමෙන්ම බැතිමතුන් දේවාලයට පූජා කළ රන් බන්දේසිය අතුරුදහන් වූයේ කෙසේද යන්න සොයා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ කණ්ඩායමක් මේ වන විටත් කතරගම දේවාලයට සම්බන්ධ පිරිසගෙන් ප්රශ්න කරමින් සිටින බවත් දේවාලයේ බස්නායක නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අතුරුදහන් වී ඇති රන් බන්දේසිය සම්බන්ධයෙන් බස්නායක නිලමේවරයා කිසිඳු තොරතුරක් දැන නොසිටි මොහොතක දී සමාජ මාධ්ය ජාලා ඔස්සේ රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධයෙන් විවිධ තොරතුරු ප්රචාරය වී තිබුණි. ඉන් පසුව මේ සම්බන්ධයෙන් නිලමේවරයා දැනුවත් වී ඇති අතර පසුව ඔහු මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර ඇති අතර ඔහුගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කරන්නට පියවර ගෙන තිබෙනවා.

මේ අතර මේ පිළිබඳව විමර්ශන පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අතර එම කොට්ඨාෂයේ නිලධාරීන් කණ්ඩායමක් කතරගම මහා දේවාලයට ගොස් කපු මහත්වරුන් කිහිප දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබුණා. මේ අතර කතරගම දේවාලයේ ප්රධාන කපු මහතාගේ ඥාතියෙකු බව කියන අයෙකු ලිපියක් ද සහිතව රන් බන්දේසියක් ගෙනැවිත් බස්නායක නිලමේවරයාට ලබාදී තිබේ.

ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ තමා ප්රධාන කපු මහතාගේ නිවසට ගිය අවස්ථාවේ දේවාලයට අයත් රන් පැහැති බන්දේසියක් ගෙදර තිබෙන බවත් එම බන්දේසිය දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත භාර දෙන ලෙස ප්රධාන කපු මහතා තමාට පැවසූ බවත්ය. පසුව එම බන්දේසිය තමාට ලබා දුන් බවත් ඉන් අනතුරුව එම බන්දේසිය දේවාලයේ පරිපාලන ලේකම් මහතාට ලබාදුන් බවත් සිය නමින් අංක 5196 කුවිතාන්සිය මා වෙත ලබා දුන් බවත් ඔහු විසින් බස්නායක නිලමේවරයා වෙත ලබාදුන් ලිපියේ සඳහන්ව ඇතැයි පැවසේ.

මේ අනුව දේවාලයේ ප්රධාන කපු මහතාගේ නිවසේ තිබී දේවාලය වෙත භාරදී ඇත්තේ දේවාලයට පූජා කොට අතුරුදහන් වූ රන් බඳේසියම ද යන්න සොයා ගැනීමටත්, බන්දේසිය කෙසේ අතුරුදහන් වූයේද, ඊට සම්බන්ධ වූවන් කවුරුන්ද, කතරගම දේවාලයට පූජා කරන මෙවන් වටිනා භාණ්ඩ කෙලෙස දේවාලයෙන් පිටතට ගියේද, යන්නත් සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම විධිමත් පරීක්ෂණයක් පවත්වමින් සිටී.

මේ අතර අතුරුදන් බන්දේසියේ බර පවුම් 38, 26, 50 යන ආදී වශයෙන් නොයෙකුත් වටිනාකම් ප්රකාශ කරන බැවින් මෙම රන් බන්දේසිය දේවාලයට පූජා කළ අය කවුරුන්දැයි සොයා ගෙන ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් ලබා ගැනීමටත් කටයුතු කරන බවත් සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායමේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. පොලිස්පති චන්දන වික්රමරත්න මහතාගේ අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජනක නන්දන හා සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්