Oct
7

ආසාව නිසා ආ මි එකට ගිහින් අ ව සා න යේ ලංකාවම දන්න නළුවෙක් වුන ඉසුරු

 
656 Views
   
 

මේ දින වල හිරු නාළිකාවේ සතිඅන්තයේ විකාශය වන “සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නිර්මාණය හරහා ඔබගේ ආලින්දයට එන ඔහු මේ දිනවල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන ජනප්‍රිය, යොවුන්, කඩවසම් රංගන ශිල්පියෙකි. බොහෝ ටෙලි නිර්මාණයන් සඳහා තම රංගන දායකත්වය දක්වා ඇති ඔහු රංගනයට මෙන්ම ගීත ගායනයට උපන් හපන්කම් දක්වන චරිතයකින්. මේ වන විට රසික ආදරය ඉහලින්ම දිනා සිටින ඔහු ඒ අතරින් බහුතරයක් රසිකාවියන් කිව්වොත් නිවැරදියි. අතිදක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. පාසල් කාලයේ සිට වේදිකා නාට්‍ය හරහා රංගනයට දක්ෂතා දක්වා ඇති ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ මාතර රාහුල විද්‍යාලයෙනි.

රංගන ක්ෂේත්‍රයට පා තැබීමට පෙර සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස විවාහ උත්සවයන්හි ගීත ගායනා කිරීමත්, දියතලාව ආරක්ෂක පීඨය හා සම්බන්ධව යුද්ධ හමුදා නිලධාරියකු ලෙස පුහුණුව හමුදා ලුතිනන්වරයකු ලෙස කාලයක් සේවය කිරීම, ඖෂධ අලෙවි කරන ක්ෂේත්‍රයේ කළමනාකාරවරයකු ලෙස සේවය කිරීම වැනි රැකියා රාශියක් කර ඇති ඔහු මේ වන විට රංගන ශිල්පියෙකු ලෙස යා හැකි උපරිම දුරක් දක්වා පැමිණ තිබෙනවා කිව්වොත් නිවැරදියි. රංගනයට මෙන්ම ගීත ගායනයට උපන් හපන්කම් දක්වන ඔහු විජය කුමාරතුංග මහතාගේ ගීත ඒ හා සමානව අලංකාර ලෙස ගායනා කල හැකි අති දක්ෂ තරුණයකු ලෙස හඳුන්වන්න පුළුවන්.

තවමත් අ විවාහක තරුණයකු වන ඔහුගේ පෙම්වතිය වන්නේ ද රංගන ශ්‍රේෂ්ත්‍රයේ බොහෝ දෙනකුගේ ආදරය දිනා සිටින මේ දිනවල හිරු මෙගා ස්ටාර් වේදිකාවේ නර්තනයෙන් තරග වදින අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක වන තරින්දි ප්‍රනාන්දු යි. මේ දවස් වල රටේ ව්‍යසනයෙන් මද සහනයක් ලැබුණු පසු නුදුරේදීම ඔවුන් විවාහවීමට සූදානමින් සිටින බවයි ඉසුරු කියා සිටියේ. ඉතින් මේ නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පීන් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ගේ කලා දිවියටත්, ඉදිරි අනාගතයටත් අපි ඔහුට සුබ පැතුම් එක්ව සිටිනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්