Mar
20

අමල් අයියට දෙපැත්තක් බලන්න තියෙනවානෙ – රටම කළඹන ශිරෝෂිගේ හෙළිදරව්ව

 
2220 Views
   
 

ශිරෝෂි රොමේෂිකා කියලා කියන්නේ පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඇය නර්තනයෙනුත් දක්ෂතා ප්‍රකට කරලා තියනවා. කොහොම නමුත් මේ දවස් වල බස් එකේ ස්කොලේ ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනාගෙන ඉන්න ශිරෝශිගේ අලුත්ම තොරතුරු මෙන්න මේ විදිහට තමයි ඇය පවසන්නේ. දැන් ඉතින් ජීවිතේ හරි වෙනස්. අම්මා කෙනෙක් උනාට පස්සේ ගොඩක් වගකීම් දරන්න වෙනවා.

මේ දවස් වල දුව වෙනුවෙන් තමයි කැපවෙලා ඉන්නේ. දැන් මට පුංචි දෝනි කෙනෙක් ඉන්නවා. දුවගේ නම මොරීෂා අමාෂි පෙරේරා. එයාට දැන් වයස අවුරුද්දයි මාස දෙකයි. එයා දැන් හොඳටම දඟයි. එයාගේ දඟ වැඩ හුරතල් වැඩ බල බල මම එයත් එක්ක ඉන්නවා. කියන්න ඕනේ මුලින්නම් මන් ආසාවෙන් හිටියේ පුතෙක්ට. දැන්නම් හිතෙනවා දුවෙක් හොඳයි කියලා. පුතාලනම් අම්මලත් එක්ක හුරතල් වෙන්නේ පොඩි කාලේ විතරයි. හැබැයි කෙල්ලෝ එහෙම නැහැ. හැමදාමත් එයාලගේ හුරතලේ අඩු වෙන්නේ නැහැ. බැන්දත් ඒ ගොල්ලන්ට අම්මව අවශ්‍ය වෙනවා. කියන්න ඕනේ දුව මන්වගේ කියලනම් කියන අය අඩුයි ඉතින්.

හැමෝම කියන්නේ කෙල්ලෙක් උනත් දුව අමල්ගේ පොඩි කාලේ වගේ කියලා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි දුව මන් වගේ කියලා කියන්නේ. හැමදේම කරලත් දුව මන් වගේ නැහැ කියලා කියනකොට ඇත්තටම පොඩි දුකක් තියනව. දුව අමල් වගේ කියද්දී එයාටනම් ගොඩක්ම සතුටුයි. ඒ වගේම තමයි දුව කලාවට පුදුම ලැදියාවක් තමයි තියෙන්නේ. සිංදුවක් ඇහෙද්දී එක විදිහකට ඉන්නේ නැහැ. ඩාන්ස් කරනවා. තාලෙට සිංදු කියනවා. දැනටනම් පේන විදිහට එයා ගායනයට ගොඩක් ලැදී වගේ.

අමල් උනත් හරිම සතුටු වෙනවා එයා ඒ වගේ වැඩ කරද්දී. හැබැයි කියන්න ඕනේ මන්නම් එයාගේ නිදහසට ඉඩ දෙනවා. එයා ලොකු වෙද්දී එයාට යන්න ඕනේ ක්ෂේත්‍රය එයා තෝර ගනී. එයා කැමති හොඳ ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න මන් මඟ පෙන්නනවා. ඒ වගේම තමයි අමලුත් එයාගේ වැඩ ටික කරගෙන යනවා. දුව ගැනත් බලනවා. එයා එයාගේ වැඩත් එක්ක දුව වෙනුවෙන් කට්ට කන්න මන් බල කරන්නේ නැහැ. එයාට දෙපැත්තක් බලන්න තියනවා.

කොහොමත් ඉතින් දරුවෝ වෙනුවෙන් තාත්තට වඩා කට්ට කන්න වෙන්නේ අම්මලාට. දුව වෙනුවෙන් ඒ මහන්සිය කොහොමත් වෙන්න ඕනේ. අමල් ටිකක් විතර අකමැතියි මම රඟපානවට කියලයි මේ දවස්වල බස් එකේ ස්කොලේ ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන අපේ ආදරණීය රංගන ශිල්පිනිය ඒ විදිහට අවසානයේ පවසලා තිබුණේ.

Courtesy – Kotuwa Paththare

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්