May
31

සෑම බිම් අඟලක්ම වගා කරමු

 
849 Views
   
 

සෑම බිම් අඟලක්ම වගා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවද ගොවි ජනතාව පවසන්නේ තමන් රැවටීමට ලක් නොකර වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදෙන ලෙසයි.

පොහොර ගැටලුව හේතුවෙන් තවදුරටත් ගොවියා පීඩාවට පත්ව සිටී. යල කන්නයේ දී වගා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි යැයි ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් 2019 වසරේ සිට රසායනික පොහොර සඳහා පොහොර සමාගම් වලට රුපියල් මිලියන 29,000ක් සහ කාබනික පොහොර සඳහා රුපියල් මිලියන 5,000ක් ගෙවීමට ඇති බව අමාත්‍යවරයා පවසයි .

එමෙන්ම වගාවන් සඳහා අවශ්‍ය පොහොර සඳහා අවශ්‍ය මුදල් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි . යල කන්නයේ දී අස්වැන්න 50% ක් අඩුවීඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මහකන්නයේදී හිඟයකින් තොරව රසායනික පොහොර , කෘමිනාශක සහ වල් නාශක ලබාදීම ඉලක්කය බවද සඳහන් කලේය.

සෑම බිම් අඟලක්ම මොනම හෝ දෙයක් වගා කිරීමේ කාර්‍යට ප්‍රවේශ වීමේ වැදගත් කමක් ඇත. රාජ්‍ය සේවකින් සියලු දෙනා තම පිහිටි පොළොවේ හැකි අයුරින් වගාවට යොමු වියල් යුතු බවත් සහ කුමන හෝ දෙයක් තම ගෙවත්තේ වගාකර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගන්නේ නම් වැදගත් බව අමාත්‍යවරයා පවසයි . දීර්ඝකාලීන වගා නොකරන කුඹුරු ඉඩම් ඇත්නම් ඒවා තෝරාගෙන වගා කිරීමට හැකි පුද්ගලයන් වෙත ඒවා ලබා දීමද සිදු කල යුතුය .

සෑම රටකින්ම හැකි පමණ පොහොර ගෙන්වා වගා බිම් වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසයි . දැනටමත් මාස් කන්නය සඳහා රසායනික පොහොර ලබාදීමට ටෙන්ඩර් පත්‍රිකා ලබා ගැනීමට ද සූදානමින් ඇති බව ඔහු පැවසීය .

ගොවි ජනතාවට මේ වන වනවිට දී ඇති පොරොන්දු ඉටුකරන මෙන් ඔවුන් අමාත්‍යවරයාට පවසයි . බලධාරීන් සැමදා කලේ ඔවුන්ව මුලාකල බව ගොවියා මැසිවිලි නගයි.

රටේ පවතින ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්වී වගාවන් සඳහා යොමුවන ලෙස ගොවීන් ජනතාවගෙන්ද ඉල්ලා සිටී.

එක බිම් අඟලක් හෝ අතනොහැර වගාකර කෙසේ හෝ මේ අර්බුදයට මුහුණ දෙමු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්