Dec
18

ආදරයේ ගැඹුර බලන්නට වේරගංතොට පාලමෙන් මහවැලියට පැන්න පාසල් සිසුවිය

 
3999 Views
   
 

මහවැලි ගඟ හරහා මහියංගණය ප්රදේශයේ ඉදි කර ඇති වේරගංතොට පාලම මතින් තරුණ යුවළක් පෙරේදා (16) පස්වරු 4.30ට පමණ ගඟට පැන තිබුණා. එහිදී ප්රදේශවාසියෙකු විසින් ජංගම දුරකථනයකින් අදාල තරුණ යුවළ ලඟ සැඩපහරට ගසාගෙන යන අයුරු රූගත කර තිබුණා.

“මම ලොරියෙ එන කොට ගෑණු ළමයෙක් පාලමෙන් ගඟට පැන්නා. ඒත් එක්කම පිරිමි ළමයත් පැන්නා. හරියට කණුව මුලටමයි පැන්නේ. ඒ පිරිමි ළමයා අත් දෙක උස්ස ගියා. ගෑණු ළමය නම් දැක්කේ නෑ.” 

පොලිස් පරීක්ෂණ වලදී පාලම අසල තිබූ බෑගයක තිබී හැඳුනුම්පත් දෙකක්ද හමුවී තිබුණා. අතුරුදහන් වු තරුණිය වයස අවුරුදු 19 ක රිදීමාලියද්ද ප්රදේශයේ පාසල් සිසුවියක් වූ අතර තරුණයාද ඇගේ පාසලේම ඉගෙනුම ලැබූ වයස අවුරුදු 22ක් වූ එම ප්රදේශයේම අයෙක්.

තරුණිය පෙරේදා නිවසෙන් පිටව ඇත්තේ බිබිල ප්රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වන බව පවසමිනුයි.

මේ සම්බන්ධයෙන් අතුරුදහන් වූ තරුණියගේ මව වන එ්.එම් ඉන්ද්රානි අත්තනායක මහත්මිය මෙසේ ප්රකාශ කළා.

“පංති යනවා කියලා උදේ 6.45ට ගියා. බිබිලට ගිහිල්ලත් අම්මේ මං ගියා කියලා කෝල් එකක් දුන්නා.” 

පිරිමි දරුවත් එක්ක සම්බන්ධයක් තිබ්බා කියල අම්ම දන්නවද ?

ඒ සම්බන්ධය තිබ්බ කියලා මට ළමයා කිව්වා ඊට පස්සේ ඒ ළමයා වෙන ගෑණු ළමයෙකුට කතා කරා කියලා, මෙයා කිව්වා මට ඒ ළමයා එපා. එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ‘මට පෝන් එකෙන් එ්ක අහු වුණා. මං ඒක එයාටත් කියලම නතර කළා’ කියල මට සිම් එකත් එක්ක එ්ක ගලවල දීලා කිව්වා.” 

කෙසේ නමුත් පිහිනා දිවි බේරාගෙන ඇති තරුණයා වැඩිදුර ප්රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු පොලීසියට පවසා ඇත්තේ තරුණිය බේරා ගැනීම සඳහා ගඟට පැන්න බවයි. අතුරුදහන් වූ තරුණිය සොයා මහියංගණය පොලීසිය හා නාවික හමුදාව ඊයෙත් මෙහෙයුම් දියත් කළා. 

අතුරුදන් වූ තරුණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර ඇය එම පවුලේ දෙවැනි දරුවා ද වෙයි. ඇයට වැඩිමහල් අවුරුදු 24ක සොහොයුරෙක් හා අවුරුදු 07ක බාල සොහොයුරෙක් ද සිටී.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්