Mar
12

නාඩ්ගම්කාරයෝහි බිංදුසිරි ප්‍රවීණ රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස් මහතා කාලෙකට පස්සේ කියපු කතාව

 
2796 Views
   
 

මේ දිනවල ලංකාවේ විකාශය කෙරෙන නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍යය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි ” බිංදුසිරි ” කියල කියන්නේ. ඇත්තෙන්ම මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න මේ චරිතයට සිය රංගන දායකත්වය ලබාදෙන්නේ මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ධර්මප්‍රිය ඩයස් විසිනුයි

කොහොම නමුත් ධර්මප්‍රිය ඩයස් කියල කියන්නේ අපේ රටේ බිහුවුණු ටෙලි හා සිනමා රංගනයෙන් වගේම වේදිකා නාට්‍යය රංගනයෙනුත් රසික හඳවත් දිනාගත් දක්ෂ ප්‍රවීන ආදරණීය කලාකරුවෙක්. මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඔහු විටෙක අධ්‍යක්ෂවරයෙකු ලෙසත් විටෙක ගුරුවරයෙකු ලෙසත් කටයුතු කරනවා

කෙසේවෙතත් නාඩගම් කාරයෝ ටෙලි සිත්තමේ “බින්දුසිරිගේ ” චරිතය හරහා වර්තමානයේ ඔබේ ආලින්දයට එන ඔහුට මේවෙද්දී හිමිව තිබෙන්නේ ඉහළ ජනතා ආකර්ෂණයක්. ඇත්තෙන්ම ඔහුව මේවෙනකොට මෙරට නොදන්න කෙනෙකු නැති තරම්. ඉතින් වසර විස්සකට අදික කාලයක් මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඔහු කියන්නේ

“වේදිකාව කියලා කියන්නේ කලාකරුවෙකුට තම රංගන හැකියාවන් උපරිමයෙන් විදහා දක්වන්නට පුලුවන් අපූරු සංදිස්ථානයක් වේදිකාව තුළින් බිහිවන කලාකරුවන්ගේ රංගන හැකියාවන් හරිම විශිෂ්ටයි” කියලයි

කෙසේවෙතත් නාඩ්ගම්කාරයෝ ටෙලි නිර්මාණයට ගැලපෙන කලා කරුවන් මනාව තෝරාගෙන තිබෙන බව මේවෙනකොට නොරහසක්. ඉතින් නාඩ්ගම්කාරයෝහි බිංදුසිරි කියන චරිතයට රංගන දායකත්වය ලබාදෙන ධර්මප්‍රිය ඩයස් මහතා කියන්නේ මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉදලාම තමන් “නාඩගම්කාරයෝ” එකේ හොඳ රසිකයෙක් කියල. ඒ වගේම මේ විදිහට අදහස් දක්වපු ඔහු වැඩිදුරටත් කියල තිබුනේ

” අද වෙද්දී තරුණ කලාකරුවන්ට ක්ෂේත්‍රයට පැමිණෙන්නට බොහෝ අවස්ථාවන් තියනවානේ. ඉතින් එදා කලා ක්ෂේත්‍රයේ වේදිකාවෙන් පටන්ගෙන බොහෝ දුර ඇවිත් ඉන්න කලාකරුවන් විශාල පිරිසක් ඉන්නවා, ඒ ඔස්සේ ගොඩක් අයට කලාවේ නියම තැනක් තියනවා කියලත් නමුත් අද වෙද්දී ගොඩක් අය කෙටි ක්‍රම ඔස්සේ තමයි කලාවට ඇවිත් ජනප්‍රියවෙලා ඉන්නේ ඉතින් ඒ අයගෙන් ගොඩාක් අයගේ රංගන අත්දැකීම් හරිම අඩුයි” කියලයි

ඒ විතරක් නොවෙයි ඔහු කියන්නේ මගේ කළා කටයුතුත් එක්ක නිවසේ වැඩ වලට ගොඩක් කාලය වෙන් කරන්න වෙන්නේ නැහැ කියන ඔහු කියන්නේ හැමදෙයක්ම හොයලා බලලා කරන්නේ ඔහුගේ ආදරණීය බිරිය අනෝජා මිලන්ති විසින් කියලයි. ඇයගෙන් ඒ වගේ සහයෝගයක් නොලැබුනානම් මට කිසිම දෙයක් සාර්ථක කරගන්න වෙන්නේ නැහැ කියලයි ඔහුනම් කියන්නේ

එපමණක් නොවෙයි මට පුතාලා දෙන්නෙකුත් ඉන්නවා කියන ඔහු කියන්නේ ලොකු පුතා ස්වර්ණ රාවණ පොඩ්ඩා ප්‍රවර භාෂණ බවයි. ඒ වගේම බිරිඳගේ සහයෝගය මට ගොඩක් වටිනවා හෙවනැල්ලක් වගේ ලඟින් ඉන්නවා.කියලයි ඔහු අවසාන වශයෙන් කියා සිටියේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්