Nov
25

කොට්ටාවේ නිවසක ගෑස් ටැංකියක් පිපිරෙයි

 
1607 Views
   
 

කොට්ටාව, හෝකන්දර පාර, විද්‍යාල හන්දියේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදු වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, මෙම පිිපිරීම අද (25) අලුයම 4ට පමණ සිදු වී ඇති බව ය.

පිපිරීම හේතුවෙන් නිවසට දැඩි හානි සිදු වී ඇති අතර කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

මේ අතර,

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට පත්ව ඇති බවට පාර්භෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා කළ හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ගිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ ය.

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසන පරිදි, පසුගිය කාලය තුළ ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති අතර බියුටේන් සංයුතිය 80%ක් ද ප්‍රොපේන් සංයුතිය 20%ක් ද එහි තිබිය යුතු නමුත් එය සංයුතිය 50% 50% කරමින් වෙනස් කර ඇති බවට මන්ත්‍රීවරයා හෙළිදරව්වක් කළේ ය.

විශේෂයෙන් මීට පෙර ගෑස් සිලින්ඩරයක් පාවිව්චි කරන ප්‍රමාණය මසක් නම්, එය දින විසස්කට පමණ සීමා වී ඇති අතර ආහාර පිසීමේදී ක්‍රියාවලිය මන්දගාමී විම ත් සමග ප්‍රොපේන් 50% දක්වා වැඩි කිරීම තුළ ගෑස් පිපිරීමක් සිදුව ජනතාවගේ ජීවිත දැඩි අවදානමකට පත්ව ඇතැයි තුෂාන් ගුණවර්ධන මහතා හෙළි කළ අතර පසුගිය දිනවල රත්නපුර, වැලිගම ප්‍රදේශවල ගෑස් පිපිරීම් සිදු වූ බව ත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය මාර්තු මස ගුණවර්ධන මහතා විසින් දැනුම්වත් කළ නමුත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර විෂය භාර ඇමති ලසන්ත අලගියවන්න හා රාජ්‍ය ඇමතිවරයාට ද මේ පිළිබඳව දැනුවත් කළ නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

මේ සම්බන්ධ තමා සතු සියලු ලිපි ලේඛන සභාගත කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්