Sep
2

නව මානෙකින් ආ කාබනික දියර පොහොර

 
719 Views
   
 

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ “මිහිලක් ” කාබනික දියර පොහොර ව්‍යාපෘතිය ඉහළ ප්‍රගතියක් අත් කරගෙන ඇත. ඉදිරියේ දී තවත් පලාත් රැසක කාබනික දියර පොහොර නිශ්පාදනාගාර ආරම්භ කිරීමට නියමිතයි. මීගමුව පිටිපන ප්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් ජලජ ජීවී වගා මධ්‍යස්ථානය තුළ මිහිලක් දියර පොහොර නිශ්පාදනාගාරය ක්‍රියාත්මක කර ඇත. මෙහි දෛනිකව කාබනික දියර පොහොර ලීටර් 5000ත් ලීටර් 10000 ත් අතර ප්‍රමාණයක් නිශ්පාදනය කෙරේ.

ශ්‍රී ලංකාවේ වගා කළ නො හැකි රතු දෙලුම් විශේෂයක් සඳහාද කාබනික දියර පොහොර භාවිත කරමින් සාර්ථක ප්‍රථිඵල අත්කරගෙන ඇති බව එම ආයතනය භාර නිළධාරීන් පවසයි. මෙය තිරසාර කෘෂිකාර්මික වගාවන් සඳහා ඉතාමත් සුදුසු පොහොර වර්ගයකි. මෙම දියර පොහොර පසට විටින් විට යෙදීමේදී පසෙහි පෝෂණ මට්ටම ඉහළ යන අතර, ක්ෂුද්‍ර ජීවත් වර්ධනය වීම, කිරිමුල් ඇතිකිරීම වැනි පසට යෝග්‍ය දේ ඉතාමත් හොඳින් සිදුවන බව පැහැදිලිය. මෙම දියර පොහොර නිශ්පාදනය කාබනික ද්‍රව්‍ය යොදාගනිමින් නිශ්පාදනය වන අතර, මේ සඳහා පළපුරුදු සේවක කණ්ඩායමක් විසින් නිශ්පාදන ක්‍රියාවලිය සිදුකරන අතර දැනට ගොවීන්ගේ අවශ්‍යයතාවය මත ගැලපෙන ආකාරයෙන් ලීටර් 1, ලීටර් 2, ලීටර් 5 ලෙස අසුරා අලෙවි කරනු ලබයි.

“වස විසෙන් තොර රටක් ….නීරෝගී පරපුරක්” යන තේමාව යටතේ වත්මන් නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සංකල්පය දිවයිනේ සෑම ප්‍රදේශකින්ම ඵල දරමින් ඇති බව මේවා සාක්ෂි නො වේද. වසංගතය නිමවනවිට අනෙක් බලාපොරොත්තු ද ඉටු වී තිබෙනු නිසැකය. (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්