ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා.
එම මැණික් පොකුර කැරට් මිලියන දෙකයි දශම 5 ක් නැතිනම්, කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්ත බවටයි සැලකෙන්නේ. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
සිය නිවස පිටුපස ළිඳක් කැපීමේදී මෙම අ’සාමාන්‍ය මැණික් පොකුර හමුවී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි. එය ඔහු සෙරන්ඩිපිටි සෆායර් ලෙස නම් කර ඇති බව සඳහන්.